පුරවැසි කොලම

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි හෙවත් 2018 සැප්තැම්බර් සැසිය හේතු කිහිපයක් නිසා සුවිශේෂී අවධානයට ලක් වී ඇත. ඉන් පළමුවැන්න ජිනීවාහි අභියෝගයට මුහුණදීම සඳහා ජනාධිපතිතුමා නිව්යෝක් වලට ගොස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරි ඉදිරිපත් කිරීමට තීරණය කිරීමය. එතුමා විසින්ම මාධ්‍යවේදීන් අමතා සිදුකළ ප්‍රකාශ සහ ඊට පසුව චම්පික රණවක අමාත්‍යවරයා විසින් බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට සමාව දීමට අදාළව සිදුකළ ප්‍රකාශ එකට ගත් විට ජනාධිපතිතුමා සූදානම් වන්නේ කුමකටදැයි ඉගියක් ලැබේ.

එතුමාගේ ප්‍රකාශ අනුව යුද්ධයෙන් පසුව ඊට අදාළව මතුවූ ගැටළු දෙපාර් ශවය විසින් සමගි සම්පන්නව විසඳාගත යුතුය. ඊට අමතරව මානව හිමිකම් කවුන්සලයේ 30 /1 යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට යම් සහනයක් ඉල්ලා සිටින බව ද එතුමා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනි. එහිදී එතුමා තවදුරටත් සඳහන් කරන්නේ යුද අපරාධ චෝදනා හමුදාවට එල්ල කරමින් ඔවුනට දඬුවම් කිරීමට ඉල්ලා සිටින අතර ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රහේලිකාවක් බවය. එනම් එය අසාධාරණ බව ය. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට ජනාධිපති තුමාගේ හා චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රකාශ එක්ව ගෙන බලන විට එතුමා සූදානම් වන්නේ ද්විපාර් ශවික හෝ බහු පාර් ශවික එකඟතාවයකට පැමිණීමටය. එහිදී පිළිතුරු සපයාගත යුතු ප්‍රශ්න දෙකක් ඇත. පළමුවැන්න එකගතාව ඇතිකර ගන්නේ කුමන පාර්ශව අතර ද යන්න වන අතර දෙවැන්න ‘ගනුදෙනුව’ හෙවත් ගන්නේ කුමක්ද? සහ දෙන්නේ කුමක් ද? යන්නයි.

ජනාධිපතිතුමා විසින් 30/1 යෝජනාවට අදාළව සහනයක් බලාපොරොත්තුවෙන් වන බැවින් පාර්ශව දෙක යනු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව ක්‍රියාත්මක වන සියලු පාර් ශව බව පිළිගත හැක. ගනු-දෙනුව යනු යුද අපරාධ චෝදනාවලින් ශ්‍රී ලංකාවේ හමුදාව නිදහස් කිරීම සහ ඒ හිලව්වට සියලු ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කොට මියගියවුන්ට වන්දි ගෙවීම බව පැහැදිලිවේ. ඊට අමතරව ඊට තව එක් දෙයක් ඊට එකතුවන බවටද සැකයක් නැත. ඒ එම පාර්ශව විසින් නිතර සඳහන් කරන අනාගතයේ දී ගැටුම් ඇතිවීම වැළැක්වීමේ ‘මැජික්’ එක ය.

නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාව මගින් ඉදිරිපත් කෙරෙන්නේ එක් විසඳුමකි. ඒ දේශපාලන බලය බෙදීම මගින් දේශපාලන විසඳුමක් ලබාදීමයි. ඒ සඳහා එම යෝජනාවලියේ 16 වැනි යෝජනාව මගින් 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක කරන ලෙස පැහැදිලිව සඳහන් කොට ඇත. එම නිසා එම නිශ්චිත යෝජනාව ජනාධිපතිතුමා යෝජනා කරන ගනුදෙනුවට නිශ්චිතව ඇතුල් කිරීමට සිදුවන බවට සැකයක් නැත. මෙවැනි ගනුදෙනුවක් පිළිබඳ ඉතා පැහැදිලි උදාහරණයක් සපයන්නේ බෙදුම්වාදී බලවේග විසින් ඉතා ඉහළින් අගය කරන දකුණු අප්‍රිකානු මොඩලය බවට විවාදයක් නැත. දකුණු අප්‍රිකානු සංහිදිය මොඩලය තුළ ඊනියා වගවීමේ යාන්ත්‍රණයක් හෝ දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් විශේෂිතව පිහිටවූයේ නැත.
දකුණු අප්‍රිකානු ‘ගනු-දෙනුවේ’ මූලික අංගය වූයේ සත්‍ය සෙවීමේ කොමිසම ය. ඊට අනුව සත්‍ය සොයා ගැනීම සඳහා පාපොච්චාරණයෙන් උදව් කිරීම මගින් ද චූදිතයන්ට තම වගකීමෙන් නිදහස් විය හැක. ඒ අනුව ජනාධිපතිතුමා විසින් යෝජනා කිරීමට නියමිත ගනුදෙනුව සාධාරණීකරණය කිරීම සඳහා එනම් හමුදාවට සමාව දීම සාධාරණීකරනය කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමටද සිදුවිය හැක. මේ වන විට 30 /1 යෝජනාව මගින් ඉදිරිපත් වූ නිර් දේශ අතුරින් ක්‍රියාත්මක කිරීම ආරම්භ වී නැත්තේ ඊනියා සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පමණි. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වී ඇතත් මේ වන තුරු කෙටුම්පත සම්මත කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පිහිටුවීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින බව වාර්තා වේ.

මෙම ගනු-දෙනුව තුළ ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉටුකළ යුතු කොන්දේසිය ඉටු කිරීම හෙවත් ඔහු විසින් දෙන දේ ලබාදීම සඳහා පළමුවෙන් කළ යුත්තේ සියලු ත්‍රස්තවාදී සැකකරුවන්ට සමාව දීමය. ඒ සඳහා විශේෂ නීතියක් අවශ්‍ය වන්නේ නැත. මේ වන විට ගැසට් කොට ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත මගින් පැරණි පනත සම්පූර්ණයෙන් අවලංගු වූ විට සියළු චූදිතයන්ට සැකකරුවන්ට හා ඒ යටතේ දඬුවම් ලබන්නන්ට පූර් ණ නිදහස ලැබේ. එසේ තිබෙන පනත සංශෝධනය නොකොට නව පනතක් මගින් තිබෙන පනත අහෝසි කරන්නේ එම තත්ත්වය නිර් මාණය කිරීමට බව නීතිය පිළිබඳ සාමාන්‍ය දැනුම ඇත්තෙකුට වුවද වටහා ගත හැක. මේ වන විට වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සහන ලබා දීම සඳහා නව පනතක් සම්මත කොට ආයතනයක් පිහිටුවා ඇත.

ඒ අනුව බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට දෙන දේ සම්පූ ර් ණ කිරීම සඳහා දැනට සම්මත කොට ඇති පිලියම් කිරීම හෙවත් වැරදි නිවරදි කිරීම සඳහා ත්‍රස්තවාදීන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට සහන ලබාදීම සඳහා වන වූ පනත වහා ක්‍රියා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සමස්ථයක් ලෙස ගත් විට ‘දෙනු’ පැකේජයට ක්‍රියාමාර්ග හතරක් ඇතුළත් වේ. ඒවා චූදිතයන් නිදහස් කිරීම, වින්දිතයන් ආරක්ෂා කිරීම, පීඩාවන්ට පත් වූවන්ට සහන සැලසීම සහ ව්‍යවස්ථාව මඟින් දේශපාලන බලය බෙදා දීම ලෙස හඳුනාගත හැක.
එසේනම් මෙම ගනුදෙනුව තුළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එම පනතින් සහන ලබාදෙන විට ඊට හිලව්වට දැනට සමස්තයක් ලෙස යුද අපරාධ චෝදනාවට ලක් වී ඇති ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට ලැබෙන සහන හෙවත් ‘ගනු’පැකේජයට අයත් දේ මොනවාද? ඉහත සඳහන් කළ ආකාරයට හමුදාවලට එරෙහිව ගතයුතු ක්‍රියාමා ර්ග ග අතුරින් තවම ක්‍රියාත්මක නොවන්නේ 6වැනි යෝජනාව හෙවත් දෙමුහුන් අධිකරණයක් මගින් දඬුවම් කිරීම පමණි. නමුත් හමුදාවට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම සඳහා බල කෙරෙන 8 වැනි වගන්තිය මේ වන විට ප්‍රබල ව ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙම ගනුදෙනුව තුළ රජයට හෙවත් හමුදාවට ලැබේ යැයි සිතිය හැකි සහන අතුරින් ප්‍රධාන දෙකක් හඳුනාගත හැක. එනම් දෙමුහුන් අධිකරණ පිහිටුවීමේ ක්‍රියාමාර් ග සහ පරිපාලන වශයෙන් දඬුවම් කිරීමේ ක්‍රියාමාර් ග අත්හිටුවීමය. නමුත් ඊට හිලව්වට සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ පාපොච්චාරණය කිරීමට සහ යම් හමුදා සාමාජිකයින්ට සිදුවනු ඇත. එනම් භෞතික දඬුවම් වෙනුවට මානසික දඬුවම් ආදේශ වනු ඇත.

නමුත් එතැනින් සියල්ල අවසන් වන්නේ නැත. ඊට හේතුව විවිධ ‘යහපත්’ හේතු දක්වමින් වක්‍රව හමුදාවට දඬුවම් කිරීම සඳහා පනත් තුනක් දැනටමත් සම්මත කොට තිබීමය. එම පනත් ත්‍රිත්වය එකට ගත්විට යුද අපරාධ චෝදනා එල්ල කොට හමුදාවට දඬුවම් කිරීම් සඳහා ඉතා ප්‍රබල යාන්ත්‍රණයක් සකස් වේ. නමුත් එම යාන්ත්‍රණය වගවීමේ යාන්ත්‍රණයක් ලෙස සැලකෙන්නේ නැත එමනිසා හමුදාව වෙනුවෙන් ලබා ගන්නා සහන අතරට එම යාන්ත්‍රණය අහෝසි කිරීමේ ක්‍රියාමාර් ග ඇතුළත් නොවනු ඇත.‍ ඊට හේතුව එම පනත් 03 වෙනත් සුවිශේෂී අරමුණු ඉටුකර ගැනීමේ නාමයෙන් සම්මත කිරීමය. පළමු පනත සම්මත කෙරෙන්නේ අතුරැදහන් වූවන් සොයා ගැනීම සඳහා කාර් යාලයක් පිහිටුවීම සඳහාය. එම නිසා එම පනත අහෝසි කළ නොහැක. නමුත් එම පනතින් සිදුවන්නේ අතුරුදහන් කිරීම නම් වූ බරපතල චෝදනාව සාක්ෂි පනත අදාළ නොවන ලෙස එල්ල කොට රණවිරුවන් චූදිතයන් ලෙස නම් කිරීමය. වෙනත් වචනවලින් කියනවා නම් චෝදනා කර්මාන්ත ශාලාවක් ලෙස ක්‍රියා කිරීම ය.

දෙවන පනත සම්මත කෙරෙන්නේ අතුරුදන්වී වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක කිරීම සදහාය. නමුත් එහිදී අතුරුදහන් කිරීම් වැළැක්වීමේ නාමයෙන් ඊට අදාළ ව චෝදනා එල්ල කෙරෙන හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම්ට ඉඩ සැලසේ. ඒ සඳහා යාන්ත්‍රණ දෙකක් එම පනත මගින් හඳුන්වා දෙයි. පළමු වැන්න දේශීය යුද අපරාධ මහාධිකරණයක් පිහිටුවීම ය. දෙවැන්න අතුරුදන්වූවන්ගේ කාර් යාල පනත මගින් චෝදනාවට ලක් වන හමුදා නිලධාරීන්ට වෙනත් රටක දී දඬුවම් කිරීම සඳහා පිහිටුව හල් කිරීම ය. ඒ සඳහා එම චෝදනාව මත අදාළ ප්‍රඥප්තියේ සම්මුති රාජ්‍යවලින් පිටුවහල් කිරීමේ ඉල්ලීමක් කළ යුතුය. එසේ පිටුවහල් කරන චූදිතයන්ට එම රට තුළ දී යුද අපරාධ යටතේ නඩු පැවරිය හැක. එසේ නැතහොත් වෙනත් රටක් ඉල්ලා සිටිය හොත් නැවත පිටුවහල් කළ හැක. ඊට අමතරව එවැනි රටක් රෝම ප්‍රඥප්තියට අත්සන් කොට ඇත්නම් ශ්‍රී ලංකාව එම ප්‍රඥප්තියට අත්සන් කොට නැතත් ශ්‍රී ලාංකික රණවිරුවා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ වෙනත් විශේෂ යුද අපරාධ අධිකරණයකට ඉදිරිපත් කළ හැක.

අවසානයට සම්මත කළ තුන්වන පනතේ “ලේබලයේ” සඳහන් වන්නේ අපරාධකරුවන් හුවමාරු කර කරගැනීමේ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත යනුවෙනි. නමුත් ඒ මගින් සැබැවින්ම කෙරෙන්නේ ඉහත සඳහන් කළ අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සම්මුති රාජ්‍යයක් නොවන රාජ්‍යයක් විසින් ශ්‍රී ලංකාවේදී චෝදනාවට ලක්වූ හමුදා නිලධාරියෙක් ඉල්ලා සිටියහොත් ඔහු පිටුවහල් කිරීම සඳහා ඉඩ සැලසීමය. ඒ අනුව එම පනත්ත්‍රිත්වය මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ විශේෂ යුද අපරාධ අධිකරණයට හෝ දෙමුහුන් යුද අපරාධ අධිකරණයට වඩා ප්‍රබල දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරෙන බව පැහැදිලිව පෙනේ. එවැනි තත්වයක් තුල දෙමුහුන් අධිකරණයක් මගින් ඊනියා වගවීමේ යාන්ත්‍රණයක් පිහිටු වීමේ යෝජනාව අහෝසි කිරීම මගින් පමණක් සහනයක් ලැබෙන්නේ නැත. දෙමුහුන් අධිකරණ උපාංගය නාමිකව බරපතළ උපාංගයක් වුවත් එවැන්නක් පිහිටුවීම මගින් බරපතළ දේශපාලන අ ර් බුදයක් ඇතිවිය හැකි වුවත් ප්‍රායෝගිකවව එමගින් දඬුවම් කළ හැක්කේ ඉතා සුළු පිරිස්කටය. කාම්බෝජයේ දෙමුහුන් යුධ අපරාධ අධිකරණය පිහිටුවන්නේ 2003 දීය දීය නමුත් 2017 වන විට අවුරුදු ද14කට පසුව ඒ මගින් චෝදනා එල්ලකොට පරීක්ෂණ නිමවා දඬුවම් කළ හැකි වූයේ හතර දෙනෙකුට පමණි. ඊට හේතුව ඒ මගින් හඳුන්වාදෙන ක්‍රියාවලිය අතිශයින්ම සංකීර් ණ වීම ය.

මේ සියළු කරුණු සැලකිල්ලට ගැනීමේදී එක් දෙයක් පැහැදිලි වේ. අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කිරීමට නියමිත සහන ලබා ගැනීමේ ගනුදෙනුව බොහෝ අසමතුලිත විය හැකි බව ය. එනම් ‘ගනු’ ස්වල්පයකට බොහෝ ‘දෙනු’ දීමට සිදු වන බව ය. ඒ අතුරින් ඉතා බරපතළ වන්නේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නව පොරොන්දුවක් ලබා දීමට සිදුවීම් ය. ඊට අමතරව සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම මගින් සත්‍ය සෙවීමේ නාමයෙන් ඊනියා සංහිඳියා ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා විදේශ මැදිහත්වීමකට ඉඩ සැලසීමය. බොහෝවිට එම කොමිසම හැඳින්වෙන්නේ සත්‍ය සෙවීමේ සහ සංහිදියාව කොමිසම යනුවෙනි. ව්‍යවස්ථා සංශෝධනය හෙවත් බලය බෙදීමේ ක්‍රියාවලිය පමණක් නොව ඒවා ක්‍රියා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වීමේ අවකාශය ඊනියා සත්‍ය සෙවීමේ කොමිසමට ලැබෙනු ඇත. ඒ අනුව උතුරින් හමුදා ඉවත් කිරීම පමණක් නොව හමුදාවේ ප්‍රතිසංස්කරණ පවා එම කොමිසමේ අධීක්ෂණයට යටත් විය හැක. ඒ අනුව සමස්ත ගනුදෙනුව මතුපිටින් පෙනෙන තරම් සරල නොවන බව පැහැදිලි වේ.

කෙසේවෙතත් ජනාධිපතිතුමා විසින් යෝජනා කරන නව ගනුදෙනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ බටහිර බලවත් රටවලින්ම යෝජනාවන්නක් විය හැක. එසේ සිතීමට හේතු දෙකක් ඉදිරිපත්පත් කළ හැක. පළමුවැන්න පවතින ක්‍රියාවලිය තුළ මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛ මානව හිමිකම් වෙනුවෙන් මරාගෙන මැරෙන බෙදුම්වාදී බලවේග ද යම් හිරවීමකට ලක්වීමය. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා පිළිබඳ අදාළ රටට ජාත්‍යන්තර නීතිය යටතේ බැඳීමක් නැත. අදාළ රට එම යෝජනා සහ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නම් සහ අනෙක් රටවල් හමුවේ සාධාරණව හේතු දක්වන්නේනම් එම කවුන්සිලයට කළ හැකි දෙයක් නැත.

මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව දඬු කඳේ ගසන්නේ ඉතා සූක්ෂම රාජතාන්ත්‍රික ක්‍රියාවලියක් මගින් සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලවත් රාජ්‍ය හරහා බිය ගැන්වීම මගිනි. 2015දී 30 /1 යෝජනාවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකග කරගනු ලබන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ටී.එන්ඒ. මන්ත්‍රීවරුන් ඉදිරිපිටදීය. ඒ අතර එම යෝජනාවට පාදක වන චෝදනා සහිත වාර් තාව කවුන්සිලයට ඉදිරිපත් කොට දින 13 ක් ඇතුලත යෝජනාව ඉදිරිපත් කිරීම නිසා එම වාර් තාව පිළිබඳව කරුණු දැක්වීමට ශ්‍රී ලංකාවට ඉඩ ලැබෙන්නේ නැත. ඊට අමතරව ශ්‍රී ලංකාව විසින් එම වාර් තාව ස්තුති පූර්වකව පිළිගෙන යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා අනෙක් රටවලට ද එම වාර් තාව හෝ යෝජනා පිළිබද අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණි.
එම වාසිදායක තත්ත්වය යටතේ 30/1 යෝජනාව ශ්‍රී ලංකාවේ රජය මත පැටවුවද එය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ඉඩක් නැත. එම සමස්ත යෝජනාවලියේ අවසාන අරමුණ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදුම්වාදයට උවමනා දේ ලබාදීම බවට ප්‍රබල මතයක් ඉදිරිපත් වී ඇත. ඒ සඳහා කල් ලබා දීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනාවක් මගින් අදාල කාලය තවත් වසර දෙකකින් දිගු කිරීමට සිදුවිය. වසර දෙක අවසන් වන්නේ 2019 මා ර තු මාසයේදීය. එම වකවානුව වන විට ශ්‍රී ලංකාවේ ම කැමැත්ත අනුව ස්වේච්ඡාවෙන් නව යෝජනාවක් සම්මත කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹවිය හැකිනම් එය මානව හිමිකම් කවුන්සිලය පැත්තෙන් විශාල ජයග්‍රහණයකි. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට ‘ගනු – දෙනු’ යෝජනාව ශ්‍රී ලංකාවේ පැත්තෙන් ආරම්භ වීමට වඩා වෙනත් පාර්ශවයකින් ආරම්භ වන බව තහවුරු කළ හැක. අනෙක් පැත්තෙන් ගත් විට ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු නොකළ බව ඔප්පු කිරීම සඳහා ඉතා පැහැදිලි සාක්ෂි තිබියදී වසර තුනක් තිස්සේ ඒ සඳහා කිසිදු පියවරක් නොගත් රජය හදිසියේ ‘ගනු-දෙනුවක්’ ගැන කතා කිරීම මගින්ද එම යෝජනාව රජයේ පැත්තෙන් ආරම්භ වන්නක් නොවන බවට සැක ඉපදවිය හැක.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට සූදානම්!

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ල...


Read More

117ගන්න සහාය දුන් දෙමළ සන්ධානයට රනිල් දුන් පොරොන්දුව

අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිළිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම...


Read More

‘‘ජනතාවට තියෙන එකම විකල්පය ජනමත විචාරණයක් ලබා ගැනීමයි’’ ආචාර්ය ගුණදාස අමරසේකර මහනායක හිමිවරුන් බැහැදකිමින් කියයි (Video)

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දු...


Read More