මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

September 17, 2023 6:47 pm | Lanka Lead News

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්…

“ශිල්ප කර්මාන්ත ඉගෙනීමට වීර්යය කළ යුතුයි. ලංකාවේ දිසාපාමොක් ආචාරීන් දැනට නැත. ශිල්ප ශාලා ද නැත. මේ ශිල්ප ශාලා ඇති රටවලට ගොස් ශිල්ප කර්මාන්ත ඉගෙන ගත යුතුයි. ශිල්ප කර්මාන්ත විද්‍යා දැන සිටින ජාතීන් වර්ධනය සිටින බව අපට පෙනෙන්නට තිබේ.

වර්ෂ 1870 දී ජපන් ජාතිකයන් ගැන යුරෝපීය ජාතිකයින් කිසිත් දැනගෙන නො සිටියේ ය. ඒ වර්ෂයේ දී කුලීන ජපන් ජාතික මහතුන් හැත්තෑ දෙනකු පමණ දේශ සංචාර පිණිස ජපන් රටින් පිටත්ව අමරිකා, එංගලන්ත, ප්‍රංශ, ජර්මනිය, ආස්ත්‍රියාව හා රුසියානු රටවල් බලා ඒ රටවල ඇති මනුස්ස ජාතීන්ගේ ශීලාචාර ධර්ම ශිල්ප විද්‍යාව පවතින හැටි විභාග කර බලා ජපන් රටට සම්ප්‍රාප්තව මේ මේ හැටි කටයුතුයි යෝජනා කොට යුරෝපීය ශිල්ප ශාස්ත්‍ර බාල පරම්පරාවට ඉගැන්වීමට ආරම්භ කළෝ ය.

වර්ෂයක් පාසා ජපන් ශිෂ්‍යයන් පනහ හැට බැගින් යුරෝපීය රටවලට යවනු ලැබී ය. මේ ශිෂ්‍ය සමූහයා නා නා භාෂා ඉගෙනගෙන නා නා ශිල්ප කර්මාන්ත දැනගෙන ජාත භූමියට පැමිණ ස්වජාතිකයින් දියුණු කිරීමට ආරම්භ කළෝය. යුරෝපීය කර්මාන්ත ශාලාවල සාදන ද්‍රව්‍ය සෑදීමට ජපන්වරු පටන් ගත්තෝ ය.

වර්ෂයක් පාසා ස්වකීය රටින් ධනය පිටරටට යවනු ලැබීම ස්වජාතිකයින්ට අලාභයකි. රටක් දිළිඳුවීමට හේතු වන්නේ ය. රටවාසීන් ශිල්ප කර්මාන්ත නො දැන තමන්ට ඕනෑ ද්‍රව්‍ය පිටරවලින් ගෙන්වාගැනිම තමන් දිළිඳු විමට හේතු වන්නේ ය.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More