දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ.

ත්‍රිකුණාමල පොලිස් ආරංචි මාර්ග වලට අනුව මන්ත්‍රීවරයාට පහර දුන් පිරිස් ත‍්‍රිකුණාමල සර්ධාපුර ප්‍රදේශයේද විරෝධතාවයේ යෙදුණු අයවළුන් පිරිසක් බවද පැවසේ.

පහර දීම සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පෙළපාලියකින් ත‍්‍රිකුණාමලය නගරය හරහා රථ පෙළපාලියකින් ගමන් කරමින් සිටි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු පවසා සිටියේ පොලිස් නිලධාරීන් ඉදිරිපිට දීම විරෝධතාකරුවන් විසින් මන්ත්‍රීවරයාට පහර දුන් බවත් ප්‍රහාරයෙන් බේරී යාමට මන්ත්‍රීවරයා යතුරුපැදියක නැගී එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි. කෙසේ වුවද විරෝධතාකරුවන් පලා යන මන්ත්‍රීවරයා පසු පස හඹා යාමට කටයුතු කර ඇත.

කොටි සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ දිලීපන් නමැත්තා සැමරීම වෙනුවෙන් නැගෙනහිර පළාතේ සිට උතුරු පළාතට රථ පෙළපාලියක් ගමන් කිරීමේ දී ගජේන්ද්‍ර කුමාර් මන්ත්‍රීවරයා මෙම අවස්ථාවට මුහුණ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More