කලා පුවත්

චෙක් ජාතික නවකතාකරුවෙකු වන මිලාන් කුන්දේරා අද(12) පැරීසියේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.

නූතන මිනිසාගේ අභිරුචිය තව දුරටත් ග්‍රහණය කරගැනීමට යථාර්ථවාදී නවකතා රීතිය අසමත් වන විට නව ආඛ්‍යායන රටාවක් ලෝක සාහිත්‍ය කරළියට රැගෙන ආ ලේඛකයන්ගෙන් කෙනෙකු ලෙස මිලාන් කුන්දේරා හඳුන්වනු ලබයි. ඔහුගේ ලේඛන ශෛලිය වඩාත් සමීප වන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී සම්ප්‍රදායට බවයි බොහෝ විචාරකයන් පවසන්නේ.

1929 දී චෙකොස්ලෝවැකියාවේ උපන් මිලාන් කුන්දේරා සෝවියට් ආක්‍රමණයෙන් මිදීම සඳහා වූ එරට නිදහස් අරගලයට එක්ව සිටි අයෙකි. 1968 දී සිදුවූ මෙම අරගලය පරාජයට පත්වීමෙන් පසු කුන්දේරාගේ සාහිත්‍ය කෘති එරට පළ කිරීම තහනම් වූ අතර, 1975 දී ඔහු සිය මව්බිම අතහැර ප්‍රංශය බලා පිටත්ව යාම සිදුවෙයි.

ප්‍රංශයට පැමිණ වසර හතරකට පසු ඔහුගේ චෙක් පුරවැසිභාවය ඉවත් කරන ලද අතර 1981 දී ඔහුට ප්‍රංශයේ පුරවැසිභාවය ලබා දෙන ලදී.

හොඳම නවකතාව ලෙස The Unberable Lightness of Being නවකතාව සලකන අතර, ‘The Joke’, ‘The Book of Laughter and Forgetting’ යන ඔහුගේ කෘතීන් ද විචාරක ගෞරවයට ලක් වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More