දේශීය පුවත්

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට පලා යාමේ අසාර්ථක උත්සහායට උදව් උපකාර කර අනතුරුව පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාව හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත්, හරක් කටා නැමැත්තාට සෘජුවම උදව් උපකාර කළ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කර ඇතැයිද මේ වනවිට අනාවරණය වී ඇති අතර දානමය පිංකමට සහභාගි වී ඇත්තේ හරක් කටා ලබාදුන් බෙන්ස් රථයකින් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනාට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද හරක් කටාගේ පලායාමට කුමන්ත්‍රණය කිරීම පිටුපස ඇති බවයි පැවසෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More