පුරවැසි කොලම

නිරාලා

September 16, 2023 11:16 am | Lanka Lead News

අපි “නිරාලා” කියලා හඳුන්වන්නේ බෞද්ධ විරෝධී (Anti-Buddhism) දේශපාලන ව්‍යාපෘතියේ නිරතවෙලා ඉන්න අයව. මේ අය තමන්ව හඳුන්වා ගන්නේ “නිරාගමිකයෝ” කියලා. ඒක බොරු චරිත සහතිකයක්.

“නිරාගමිකයෝ” (Atheists) කියන්නේ අහිංසක මිනිස්සු කොට්ඨාසයක්. ඒ අය ආගමක් අදහන්නේ නෑ. එච්චරයි. ඒ අයගෙන් කාටවත් කරදරයක් නෑ. ආගමක් අදහන්නේ නැතුව ඉන්න නිදහසක් ඒ අයට තියෙනවා.

“ආගම් විරෝධියෝ” (Anti-Religionists) එහෙම නෑ. ඒ අය අහිංසක විදිහට තමන්ගේ පාඩුවේ ඉන්න පිරිසක් නෙවෙයි. මෙහෙම අය ආගම්වලට පහරදෙනවා. මේ අයව “නිරාගමික” කියලා හඳුන්වන්න බෑ.

ලංකාවේ ඉන්නේ නිරාගමිකයෝ නෙවෙයි. (නිරාගමික පිරිසකුත් ඇති. ඒ අයගෙන් කාටවත් කරදරයක් නෑ. එහෙම පිරිසක් ඉන්න බව අනිත් අය දන්නෙත් නැති තරම්). අපේ රටේ “නිරාගමිකයෝ’ කියලා පෙනී ඉන්නේ බෞද්ධ විරෝධීයෝ (Anti-Buddhists).

බෞද්ධ විරෝධය කියන්නේ දේශපාලන ව්‍යාපෘතියක්. ලිබරල් සංස්කෘතික ආක්‍රමණය සාර්ථක වෙන්න නම් මේ රටේ සංස්කෘතික බැමි බිඳලා දාන්න ඕන. අපේ සංස්කෘතිය ගොඩනඟන්න බුද්ධාගමෙන් ලැබිලා තියෙන දායකත්වය අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ.

මේ දායකත්වය ලැබෙන තාක් කල් ලිබරල් සංස්කෘතික ආක්‍රමණය සාර්ථක වෙන්නේ නෑ. ඉතින් ඒ ව්‍යාපෘතියට බාධාවක් වෙලා තියෙන බුද්ධාගමට පහරදෙන්න අපේ ම පිරිසක් යොදවලා තියෙනවා. උන් තමන්ව හඳුන්වාගන්නේ “නිරාගමිකයෝ” කියලා. ඒත් මේ අයව ඒ විදිහට හඳුන්වන්න බෑ. උන් ම අලවාගෙන තියෙන ලේබලයෙන් කොටසක් ඇරගෙන අපි මේ අයට “නිරාලා” කියලා කියනවා.

නැවතත් කියන්නම්. “නිරාලා” කියන්නේ නිරාගමිකයෝ නෙවෙයි.

– ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More