දේශීය පුවත්

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

ත්‍රීරෝද රථයක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයකු සහ ඔහුගේ වයස අවුරුදු 06ක පමණ ගැහැණු දරුවා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසූවු කුඩා දරුවා  මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විඩි තැබීමේ ඉලක්කය බවට පත්ව තිබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයා ඉකුත් වසරේ කොටහේන ප්‍රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්‍රධාන සැකකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

අදාළ පුද්ගලයා වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව තිබුණේ නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටිය දීය.

ඔහු පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙකු බව සඳහන් වන අතර, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අධිකරණය අසලදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More