දේශීය පුවත්

කළු මුහුදේ ස්ථාපිත කර ඇති රුසියාවේ නාවුක බලඇණියට සත්කාරකත්වය සපයන උපායමාර්ගික නගරයක් වන සෙවාස්ටොපෝල් නගරයේ වරාය යටිතල පහසුකම් ඉලක්ක කර යුක්‍රේන හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි
සෙවාස්ටොපෝල් නගරයේ ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් අනාවරණය කළේය.

ඊයේ (14 ) අලුයම 3:40 ට පමණ ටෙලිග්‍රාම් සටහනක් තබමින් ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් “ආසන්න වශයෙන් මීට මිනිත්තු 20 කට පමණ පෙර, අපගේ සතුරන් සෙවාස්ටොපෝල් වරාය නගරයට පහර දුන්නා,” යනුවෙන් පැවසුවේය. පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිසයිල් ප්‍රහාර වලින් තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් හතර දෙනෙකු තරමක් බරපතල තත්ත්වයේ පසුවන  බවත්ය.

යුක්‍රේන මිසයිලවලට එරෙහිව ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රීය කර ඇති අතර, ප්‍රහාරයෙන් නගරයේ කාර්මික දිස්ත්‍රික්කයේ “සිවිල් නොවන” යටිතල පහසුකමක ගින්නක් ඇති වූ බවද ඔහු අවධාරණය කළේය.

මිසයිල් ප්‍රහාරයෙන් ඇතිවූ හානිය සම්බන්ධයෙන් තක්සේරුවක් මේ වන විටත් ලැබී නැති අතර රුසියානු ටෙලිග්‍රාම් ප්‍රවෘත්ති නාලිකා විසින් ලබාදුන් ඡායාරූප සහ වීඩියෝ කිහිපයක නැව් තැනීමේ අංගනයක් ආසන්නයේ පිපිරීමක් සහ ගින්නක් ඇතිවී තිබෙන බව තහවුරු වන බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

ප්‍රහාරය සිදුවන අතරතුර පූර්වාරක්ෂාවක් ලෙස ක්‍රිමියානු පාලමේ සියලුම වාහන ගමනාගමනය කෙටි වේලාවකට නතර කරන ලදී. ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් පැවසුවේ ආරක්ෂක සේවා “තත්වය දිගටම අධීක්ෂණය කරන” බවත් සන්සුන්ව සිටින ලෙස නගර වැසියන්ගෙන් ඉල්ල සිටින බවත්, නිල තොරතුරු මූලාශ්‍ර පමණක් විශ්වාස කරන ලෙසත්ය.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය   හමුදා සෙවාස්ටොපෝල් නැව් තටාකයට එක් රැයක් තුළ  කෲස් මිසයිල දහයක් එල්ල කළ බව පවසමින් යුක්‍රේන හමුදා ප්‍රහාරය තහවුරු කළේය.

ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් මිසයිල ප්‍රහාර  හතක් බිම හෙළූ නමුත් තුනක් එය හරහා ගිය අතර අලුත්වැඩියා කරමින් සිටි යාත්‍රා දෙකකට හානි කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් වරායට යුක්රේන මිසයිල ප්‍රහාරයක්! 24 දෙනෙකුට තුවාල!- සෙවාස්ටොපෝල් නගරාධිපති කියයි
කළු මුහුදේ ස්ථාපිත කර ඇති රුසියාවේ නාවුක බලඇණියට සත්කාරකත්වය සපයන උපායමාර්ගික නගරයක් වන සෙවාස්ටොපෝල් නගරයේ වරාය යටිතල පහසුකම් ඉලක්ක කර යුක්‍රේන හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි
සෙවාස්ටොපෝල් නගරයේ ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් අනාවරණය කළේය.

ඊයේ (14 ) අලුයම 3:40 ට පමණ ටෙලිග්‍රාම් සටහනක් තබමින් ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් “ආසන්න වශයෙන් මීට මිනිත්තු 20 කට පමණ පෙර, අපගේ සතුරන් සෙවාස්ටොපෝල් වරාය නගරයට පහර දුන්නා,” යනුවෙන් පැවසුවේය. පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිසයිල් ප්‍රහාර වලින් තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් හතර දෙනෙකු තරමක් බරපතල තත්ත්වයේ පසුවන බවයි.

යුක්‍රේන මිසයිලවලට එරෙහිව ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රීය කර ඇති අතර, ප්‍රහාරයෙන් නගරයේ කාර්මික දිස්ත්‍රික්කයේ “සිවිල් නොවන” යටිතල පහසුකමක ගින්නක් ඇති වූ බවද ඔහු අවධාරණය කළේය.

මිසයිල් ප්‍රහාරයෙන් ඇතිවූ හානිය සම්බන්ධයෙන් තක්සේරුවක් මේ වනවිටත් ලැබී නැති අතර රුසියානු ටෙලිග්‍රාම් ප්‍රවෘත්ති නාලිකා විසින් ලබාදුන් ඡායාරූප සහ වීඩියෝ කිහිපයක නැව් තැනීමේ අංගනයක් ආසන්නයේ පිපිරීමක් සහ ගින්නක් ඇතිවී තිබෙන බව තහවුරු වන බව විදෙස් මාධ්‍ය පැවසුවේය. තුළ පවසමින් යුක්‍රේන හමුදා පද්ධතිය මගින් මිසයිල ප්‍රහාර නු

ප්‍රහාරය සිදුවන අතරතුර පූර්වාරක්ෂාවක් ලෙස ක්‍රිමියානු පාලමේ සියලුම වාහන ගමනාගමනය කෙටි වේලාවකට නතර කරන ලදී. ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් පැවසුවේ ආරක්ෂක සේවා “තත්වය දිගටම අධීක්ෂණය කරන” බවත් සන්සුන්ව සිටින ලෙස නගර වැසියන්ගෙන් ඉල්ල සිටින බවත් නිල තොරතුරු මූලාශ්‍ර පමණක් විශ්වාස කරන ලෙසත්ය.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පසුව ප්‍රහාරය තහවුරු කළේ යුක්‍රේන හමුදා සෙවාස්ටොපෝල් නැව් තටාකයට එක රැයකින් කෲස් මිසයිල දහයක් එල්ල කළ බව පවසමිනි.

ගුවන් ආරක්ෂක විසින් පැමිණෙන ප්‍රක්ෂේපන හතක් බිම හෙළූ නමුත් තුනක් එය හරහා ගිය අතර, එම පහසුකමේ අලුත්වැඩියා කරමින් සිටි යාත්‍රා දෙකකට හානි කළ බව ප්‍රකාශය පවසයි.

මේ අතර වරාය නගරයේ පසුපසින් පිහිටි මුහුදේ යාත්‍රා කරමින් තිබූ රුසියානු යුද නෞකා කණ්ඩායමකට නාවික ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට ද යුක්‍රේන හමුදා උත්සාහ කර ඇත. කෙසේ වුවද UAV යානා තුනම Vasily Bykov මුර සංචාර නෞකාව විසින් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෑත මාසවලදී, යුක්රේනය නැවත නැවතත් ක්‍රිමියාවට ඩ්‍රෝන යානා ප්‍රහාර දියත් කර ඇති අතර, ඒවායින් බොහොමයක් රුසියානු ගුවන් ආරක්ෂක පධතිය විසින් බිම හෙළා ඇත. UAV යානා දෙකක් හෝ තුනක් අයත්වන ප්‍රහාරක ඒකක රුසියාවෙ අගනුවර වන මොස්කව් ආශ්‍රිතව ඇති ව්‍යාපාරික දිස්ත්‍රික්කයට එල්ල කර සුළු දේපල හානි සිදු කර ඇත. ක්‍රෙම්ලිනය මෙම ප්‍රහාර “හිරිහැරයක්” සහ යුධ පිටියේ කියෙව්ගේ අසාර්ථකත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීමට අදහස් කරන මංමුලා සහගත ක්‍රියාවක් ලෙස බැහැර කිරීමට කටයුතු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More