GOSSIP

ජනබලය කොළඹට වැඩසටහනේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ක‍්‍රියාකාරිකයින් ප‍්‍රගති සමාලෝචන රැස්වීම් ගණනාවක්ම පසුගිය සති අන්තයේ පවත්වනු ලැබීය. බොහෝ දෙනෙකුගේ අවධානය මෙහිදී යොමු වී තිබුණේ කොළඹට සෙනග ගෙන ඒමේදී ඔවුනොවුන්ට ඒ ඒ පළාත්වල දී මුහුණ දෙන්නට සිදු වූ දුෂ්කරතා පිළිබඳවය.

කෙසේ වෙතත් අවසානයේ ඉතා හොඳ ප‍්‍රතිඵලයක් ලබා ගන්නට පොහොසත් ජන බලයක් කොළඹට ඒකරාශී කිරීම සම්බන්ධයෙන් මේ සියලූ දෙනා තුළ එක්තරා ආඩම්බරයක්ද ගොඩනැගී තිබිණි. එවන් කුඩා කුඩා ප‍්‍රගති සමාලෝචන රැස්වීම්වලින් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ද පසුගිය සති අන්තයේ මෙවන් සමාලෝචනයක් පැවැත්වුණේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී ය.

‘ජනබලය කොළඹට උද්ඝෝෂණයෙන් ආණ්ඩුවටත් ආණ්ඩුව රැකගන්න කැපවෙලා ඉන්න ඇතැම් රටවල්වලටත් ලොකු පණිවිඩයක් දුන්නා. ඒ තමයි මේ ආණ්ඩුව එක්ක ජනතාව නැහැ කියන පණිවිඩය. අද රටේ ජනතාව ඉන්නේ කොතැනද කියන එක මේකෙන් පැහැදිලි වුණා’ මහින්ද පැවසීය.

‘ආණ්ඩුව හිතාගෙන හිටියේ අපේ උද්ඝෝෂණය අසාර්ථක වෙයි කියලා. එදා කොළඹට ආපු සෙනඟ දැක්කම තමයි ආණ්ඩුවට උණ ගැනුණේ’ රෝහිත පැවසීය.

‘ඒක තමයි විෂ යොදපු කිරි පැකට් බෙදනවා වගේ බාල වැඩ කරන්න ආණ්ඩුව පෙළඹුණේ. අපේ රටේ සතෙකුටවත් ඒ වගේ වසක් විසක් කවන සිරිතක් නැහැ. ඒ අතින් බලන කොට මේ ආණ්ඩුවේ ඉන්නේ මිනිස්සු නෙමේ සත්තු’ ප‍්‍රසන්න කීවේය.

‘ඔය කිරි පැකට් බෙදන එක පිටිපස්සේ ඉන්නේ මංගල. බාල වැඩක් කළොත් ඉතින් මංගල හැර වෙන කවුද? ඩලස් පැවසීය.

මංගලගේ වැඩ ගැන
ඩලස් කියාදීලා…

‘ඒක නම් හරි. මේ කිරි පැකට් බෙදලා තියෙන්නෙත් ලොතරැයි මණ්ඩලයේ වාහනයකින්. ලොතරැයි මණ්ඩලය අයිති මංගලට. අපිට දැන ගන්න ලැබුණා මේ වාහනය නිදහස් කරලා තියෙන්නේ ලොතරැයි මණ්ඩලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට කියලා’ උදය කීවේය.

‘කොහොම වුණත් අපිටත් මේ සිද්ධිය ලොකු පාඩමක්. අපි මීට පස්සේ මේ වගේ කාරණා ගැන වැඩි උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ. අපේ බලවේගය පරාජය කරන්න ඕනෙම ජරා වැඩක් කරන තැනට ආණ්ඩුව පත්වෙලා ඉවරයි. ඒ නිසා අපිත් එක්ක එන මිනිස්සු ආරක්ෂා කරන එක අපි කාගෙත් යුතුකම’ ප‍්‍රසන්න කියන විට මහින්ද ද එය අනුමත කළේය.

‘හැබැයි අපි මේ සිද්ධිය මෙතැනින් ඉවර කරන්න හොඳ නැහැ. මේ බලූ වැඬේට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නම ඕනේ. මේ වගේ ජරා වැඩ ආයේ නොකරන්න පාඩමක් උගන්වන්න ඕනේ’ මහින්දානන්ද කීවේය.

‘උද්ඝෝෂණය සාර්ථක වුණා කියන එක වහගන්න ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මඩ ගහනවා. රජයේ සමහර නාලිකාවල පෙන්වන්නේ පරණ රූපරාමු. මට ආරංචි වුණා උද්ඝෝෂණයට පහුවදාම ලේක්හවුස් එකේ ඡුායාරූප ශිල්පීන්ට කුණු ගොඩවල්වල පින්තූර ගන්න කිව්වා කියලා. කොහොම හරි ඒ අය යන කොට එක කුණු ගොඩක්වත් හම්බ වෙලා නැහැ’ ප‍්‍රසන්න පැවසීය.

‘ඒක ඇත්ත. අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ’ ඩලස් කීවේය.

‘අර මොකක්ද සිරිසේන ජනාධිපතිවරයා හොඳ අගමැතිවරයෙක් ගැන කියන්නේ? රෝහිත ඇසුවේය.

‘ඒ කියන්නේ ඉතින් දැන් ඉන්න අගමැති හොඳ නැහැ කියලනේ. හැබැයි වැඬේ කියන්නේ අපි ඕක කිව්වේ 2015 ඉඳලයි. ජනාධිපතිවරයට දැන් තමයි ඒක තේරිලත් තියෙන්නේ’ විමල් පැවසීය.

‘සමහර විට ජනාධිපතිවරයා මේ ටිකේ පත්තර එහෙම බැලූවද දන්නෙත් නැහැ’ ප‍්‍රසන්න කීවේ සැවොම සිනාගස්වමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More