මුහුණු පොතෙන්

අපේ රටේ උසස් පෙළ අසමත් වෙලා විදේශ වෛද්‍ය උපාධිය අරගෙන ඇවිල්ලා ඒයට වෛද්‍ය සභාවේ පිළිගැනීම නොලැබුනහම අධිකරණ ක්‍රියාමාර්ග හරහා උපාධිය ගන්න අවස්ථාව අපේ රටේ තියෙනවා. වෛද්‍ය සභාවට වැඩියෙන්ම මුදල් යන්නේ ඒ වෙනුවෙන්.

එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා පුද්ගලික වෛද්‍ය පීඨ තුනක් දානවා කියලා තිබුණා.

දියුණු රටවල ක්‍රිස්තියානි සමූහය විසින් පාලනය කරනු ලබන ලාභ නොලබන වෛද්‍ය විද්‍යාල තියනවා.

ඒවා පාලනය කරන්නේ මුදලාලිලා විසින් නෙමෙයි ඒකත් විශේෂ වෙනසක්.

හැබැයි ඒ වගේම ඒ රටවල ශරියා විශ්වවිද්‍යාල නැහැ ඒ ඇතුළෙ තියෙන වෛද්‍ය පිඨත් නැහැ.

ශ්‍රි ලංකාවෙ නම් එහෙම එකක් දාන්න හැදුව සහරාන්ගේ බෝම්බ පිපිරිම්ත් එක්ක ඒක යට ගිය බව කට්ටියට දැන් අමතක වෙලා තියෙන පසුබිමක අනාගතයේ දී ‘අපි ළඟත් සුදුසුකම් තියෙනවා‘ කියලා ෂරියා විශ්වවිද්‍යාලය විසින් අපිටත් වෛද්‍ය විද්‍යාලයක් ඕන කිව්වොත් මොකද කරන්නේ?.

උසස් පෙළ අසමත් අයට වෛද්‍ය සභාවේ උපාධිය පිළිගැනීම වෛද්‍ය සභාව වගේ දෙන්න බෑ කිව්වොත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා වගේ ෂරියා විශ්වවිද්‍යාලයට අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්.

එහෙම වුනොත් අපේ රටේ වර්ගවාදී පදනමෙන් වෛද්‍ය පීඨ බිහි වෙන එක කාටවත් වළක්වන්න බෑ.

ඒවට ඉඩ දෙමු කියන්නේ මේ රට නැවතත් නැති අර්බුදයකට දාන්නද දැක්මක් නැති පාලකයන් කරමින් සිටින්නේ මේ රටේ වැඩිහිටියන් උනාම හැම කෙනෙක්ම පොඩ්ඩක් කල්පනා කරන්න ඕන නේද අනාගත දරුවන් අර්බුද වලින් මුදවන්න.

දැන් එහෙම වුනොත් ශරියා වෛද්‍ය පීඨ වලට අවසර දුන්නොත් එන්නේ ශරියා නීතියත් ඉගෙන ගත්ත ජිහාඩ් වෙච්ච අය උනොත් මොකද වෙන්නේ ඒකත් ප්‍රශ්නයක්.

ඊළගට කියයි කතෝලික අයටත් ඕන එකටත් එකක් දෙමු කියලා.

ඊළඟට බෞද්ධ අය කියයි බෞද්ධ අයටත් ඕන එකටත් දෙමු කියලා.

මේ රට තවත් අර්බුදයකට දාන්න දාන්න නේද මේ හදන්නේ අනාගතය කොහොම වෙයිද කියන බය ගැන හිතන්නේ නැති පාලකයන්ට මේවා තේරුම් ගන්න අමාරුයි.  ඔවුන්ට අවශ්‍ය බලය විතරයි.

දැන් දහතුන්වැනි සංශෝධනය හරියට ක්‍රියාත්මක කළොත් අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභාවල මහා ඇමතිලාට බලතල යනවා.

එතකොට ඒ ඇමතිලා වර්ගවාදී වුනොත් යමෙක් තීරණය කළොත් තමන්ගේ පළාත්වලත් වෛද්‍ය පීඨ දාන්න ඕනේ කියලා තවත් අර්බුදයක් මතු වෙනවා.

මේවා කොහෙන්ද නවතින්නේ අපේ රට තවත් අර්බුදයකට පත්වෙලා.

අපේ රටේ වැසියෝ දැන් මේ දුක් විඳින්නේ පහුගිය සහ දැන් ඉන්න පාලකයන් විසින් කරපු මෝඩකම් වල ප්‍රතිඵලයන් විදියට.

හම්බන්තොට හාබර් එක හදන්න ගිය වියදම ඩොලර් බිලියන 1.6 ක්. ඒක විකුණුවෙ ඩොලර් බිලියන 1.1 ක ට. හදද්දිත් කොමිස් ගන්නවා විකුණද්දීත් කොමිස් ගන්නවා.

දැක්මක් නැති පාලකයෝ එදා වේල පිරිමහගන්න සහ බලය පවත්වා ගන්න සහ කොමිස් ගන්න තමන්ගේ පරම්පරා ගණනකට හම්බකරගන්න මේ රට විකුණලා ඉවරයි.

ඉතුරු වෙලා තියෙන්නෙ ලෝකයේ අඩුවෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරන එහෙත් දක්ෂයෝ ඉන්න, අඩුවෙන්ම සෞඛ්‍යයට මුදල් වැය කරන එහෙත් ලෝකෙ සෞඛ්‍ය දර්ශක අතින් ඉතා ඉහළ තැනක ඉන්න රටක් තව වලපල්ලට දාන එක. හැබැයි අපේ පාලකයෝ බෙහෙත් ගන්න යන සිංගප්පූරුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නෑ ( ඉන්දියාව 111 ශ්‍රී ලංකාව 49 )

සියල්ල වෙන්දේසි කරලා අන්තිමට ඉතුරු වෙච්ච සෞඛ්‍ය සේවයත් වෙන්දේසි කරන්න තමයි මේ හදන්නේ.

හැබැයි ඒ විතරක් නෙමේ අපේ රටේ 43 ලක්ෂයකින් තේරෙන දරුවෝ අවුරුදු විසි එකේදි 22 23 තමයි වෛද්‍ය විද්‍යාලවලට යන්නේ.

හැබැයි අපේ රටේම ජාත්‍යන්තර පාසල්වල සාමාන්‍ය පෙළ උසස් පෙළ සඳහා විභාගවලට පවා විදේශයට විදේශ විනිමය වැය කරන අයගෙ දරුවො මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වලට එනවා වයස අවුරුදු දහසයේ දී.

එතන මුදල් නිසා අවුරුදු පහක බරපතළ අපරාධයක් ජාතික පාසල් පද්ධතිය ළමයින්ට වෙනවා එය තවත් අර්බුදයක්.

රට තුළ මේ අර්බුද හදන්න අපි ඉඩ දෙනවාද එහෙම නැත්තං සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ගේ දක්ෂ දරුවන්ට ජාති භේද වර්ගවාදී බේද නැතුව එක අධ්‍යාපන ක්‍රමයක් තියෙන පසුබිමක තියෙන සෞඛ්‍ය ක්‍රමය ආරක්ෂා කරගන්නවා ද කියන එක පුංචි මොලේට පොඩ්ඩක් හිතන්න කියන කාරුණික ඉල්ලීමක් කරනවා.

දැන් අපේ රටටත් විදේශ විනිමය ඕන එකට මොකද කරන්නේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන් ඒකට පිළිතුරුත් සඳහන් නොකළොත් මේ ලිපිය අඩුවක් වෙන්න පුළුවන්.

ඉන්දියාව වාර්ෂිකව විසි දහසක් පමණ පිටරට යනවා වෛද්‍ය අධ්‍යාපනය ඉගෙන ගන්න. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළුව වෛද්‍ය විද්‍යාල 550ක් තිබිලත් විදේශයට ඉගෙන ගැනීමේ යාම ඉන්දියාවට නවත්තන්න බෑ එකක් ඒ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය නැති නිසා.

මෙයට නේපාලය බංගලාදේශය පාකිස්තානය වගේ රටවල ද ඇතුලත් කරගන්න පුළුවන්.

ඇයි පාලකයන්ට අපේ රටේ රාජ්‍ය වෛද්‍ය පීඨ මීට වඩා දියුණු කරල ඒ විදේශ ශිෂ්‍යයන් අඩු ගානේ එයින් දහසක් හෝ දෙදහසක් අපේ රටට ගෙන්වා ගන්න බැරි.

ඒ වගේම ඒ හරහා ආචාර්ය මහාචාර්යවරුන්ට වැඩි වැටුපක් ලබා දෙන්නත් පුළුවන් පිටරට යන එකත් නවතිනවා.

එහෙම කළොත් අපේ රටේ වෛද්‍යවරුන්ට ලෝකෙ තියෙන පිළිගැනීම තවදුරටත් ඉහළ යනවා ප්‍රමිතියක් කඩාගෙන වැටෙන්නෙත් නෑ සෞඛ්‍ය සේවයක් දියුණු වෙනවා.

රජයෙන් අරමුදල් දාන්න ඕන නෑ, දැක්මක් ඇති නායකයන් රටට උවමනා කර තිබේ.

– වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More