පුරවැසි කොලම

සිංහල බෞද්ධ රාජ්‍යය යනු ලේබල් එකක් නොවේ. 9 ව්‍යවස්ථාවේ බුදු දහමට ලබා දි ඇති ප්‍රමුඛස්ථානයත් 2 වන ව්‍යවස්ථාවේ ඒකීයබවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති අවම ආරක්ෂාවක් පමණි. බෞද්ධ රාජ්‍යය යනු සිංහලයා විසින් ඇති කර ගත් අල්පේච්චතාව හා සරලබව තුල ජීවත් වීමයි. පාරිභෝගිකවාදය විසින් මෙහෙයවන අසීමිත ආර්ථීක අවශ්‍යතාවන් නිසා අර්බුදයට යන ලෝකයට විසඳුම වන්නේ, තෘප්තිය ඇත්තේ භාන්ඩ තුල නොව මනස තුල යැයි තේරුම් ගැනීමයි. මනස සංවර කිරිමේන් එනම් එනම් පාරිභෝගිකවාදය සංකෝචනය කිරිමෙන් අල්පේච්චතාවට ප්‍රවිශ්ඨ වීමයි.

පවතින මජර දේශපාලනයට අවශ්‍ය වන්නේ තම ආත්මාභිලාශය සඳහා අසීමිත තණ්හාවෙන් බලය සහ ධනය රැස්කිරිම වෙනුවට හැකි උපරිමයෙන් සක්කාය දුෂ්ඨියෙන් බැහැර වු පිරිසක් පාලනයට පත්වීමයි.

එහි සාර්ථකත්වය රැඳි පවතින්නේ සමාජය කොතෙක් දුරට එවැනි අල්පේච්චතා ආර්ථිකයකට එකඟවේද යන්න මතයි.

ඒ අනුව සිංහල භික්ෂූන්වහන්සේලා ප්‍රමුඛ ජාතික බලවේගවල වගකීම වන්නේ අල්පේච්චතාව තුල හික්මුණු පුද්ගලයන් බිහි කිරිම හෙවත් බෞද්ධ විඤාඤාණය සමාජ ගත කිරිමයි. සමාජයේ තැනුම් ඒකකය ලෙස එක් එක් පුද්ගලයාගෙ සිට සමාජය දක්වා ව්‍යාප්ත කිරිමයි. බෞද්ධ රාජ්‍යයක පැවත්ම තීරණය වන්නේ එහි සාමාජික වැසියන් ඒ සරලත්වය තුල ජීවත්වීමට එකඟවන ප්‍රමාණයට පමණි. සිංහල බෞද්ධ ජාතිකත්වය, මාක්ස්වාදි දේශපාලනයෙන් වෙනස් වෙන්නේ එය පංති අතර ගැටුමකින් සමස්ත සමාජය වෙනස් කිරිමට වඩා සමාජයේ තැනුම් ඒකකය ලෙස පුද්ගලයා වෙනස් කරමින් සමාජය වෙනස් කිරිමට වෑයම් කරන නිසාවෙනි. මාක්ස්වාදයේ විප්ලවයේ උපකරණය වන පංති වෛරය සිංහල බෞද්ධත්වයේ කොටසක් නොවේ.

එසේ නම් රාජ්‍ය බලය අවශ්‍ය වන්නේ ඇයි. පළමුව සඳහන් කළ යුත්තේ, සිංහල බෞද්ධ ජාතික බලවේගය දේශපාලන ව්‍යාපාරයක් විනා නිවන ඉලක්ක කර ගත් ලෝකෝත්තර වෑයමක් නොවන බවයි. ඉහත සඳහන් කල පරිදි, පුද්ගලයාට ක්‍රමාණුකූලව සහ පහසුවෙන් අල්පේච්චතාව පදනම් වු ජීවිතයකට පිවිසීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිමට නීතිය හා රාජ්‍ය බලය අවශ්‍ය වේ. අටසිල් සහිතව ශීලය දැරිමට පෝය දවසට පන්සල් යන්නේ එය තමන්ගේ නිවස තුල කල නොහැකි නිසා නොවේ. නිවස තුල පවතින සමීප ඥාතීන් ,රූපවාහිනිය, ජංගම දුරකථනය, දෛනික ප්‍රශ්න, වලින් බැහැර වු මැනවින් සිල් සම්මාදන්වීම සඳහා වු පරිසරයක් පන්සල තුල ඇත. සමස්තයක් වශයෙන් පෝය දිනට පන්සල් එන බෞද්ධයා ශීලය වෙනුවෙන් එකිනෙකා පුද්ගලිකවත් සාමුහිකවත් නැඹුරුවක් දක්වති. රාජ්‍යය බලය අවශ්‍ය වන්නේද ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිමටයි. රේස්බුකි, කැසිනෝ ශාලා වැනි සම්මා කම්මන්තයන් නොවන දුරාචාරයන් තහනම් කිරිමට නීතිය අවශ්‍ය වේ. පාරිභෝගිකවාදය කුළු ගන්වන අනවශ්‍ය ආනයන සීමා කිරිමට ආර්ථික ප්‍රතිපත්ති ඇති කිරිමට රාජ්‍යය බලය අවශ්‍ය වේ. සමාජ සම්භන්ධතා දුර්වල කරන මෙගා ටෙලි නාට්‍ය නතර කිරිමට නීතිය අවශ්‍ය වේ. තායිලන්තයෙන් සියඹලා ආනයනය කිරිම නතර කිරීමටත් ගස් යට වැටි කුණු වී යන සියඹලා ටික ගමට ආදායමක් කිරිමටත්, පරිසරයට දැඩිලෙස හානි කරමින්, අතිවිශාල විදේශ විනිමයක් අහිමි කරගනිමින් ගල් අඟුරු හා තෙල් මගින් විදුලිය නිශ්පාදනය කිරිම වෙනුවට රටට ස්වභාවිකව ලැබෙන සුනිත්‍ය බලශක්ති මූලාශ්‍රයන්ගෙන් ප්‍රයෝජනයක් ගැනීමට සෘජු දේශපාලන බලයක් අවශ්‍ය වේ.

ඒ අනුව සිංහල බෞද්ධ රාජ්‍යය පාලකයාගේ සිට බිම් මට්ටමේ ජනයා වෙතත් , එක් එක් පුද්ගලයාගේ සිට සමස්ත සමාජයත් නිවැරදි කරන ඉහල සිට පහලටත් පහළ සිට ඉහලත් ක්‍රියාත්මක දේශපාලන ක්‍රියාවලියකි.

– නීතීඥ නුවන් බැල්ලන්තුඩාව –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More