මුහුණු පොතෙන්

එකම පරීක්ෂණය පෙන්වමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පිළිකා වලට යැයි කියමින් ඖෂධයක් හා ආහාර අතිරේකයක් නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති ආයතන දෙකක් සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට යන බව ශ්‍රී ලංකා මිරර් වාර්තා කර තිබේ.

ඒ පිළිකා සඳහා විසඳුම යැයිද, කරවිල ඇටවලින් නිෂ්පාදිත යැයිද කියමින් සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම විසිනි නිෂ්පාදිත “ALPHA ELOSTERA” නම් ඔසුව හා ප්‍රයිම් හෙල්ත් හර්බල් ප්‍රඩක්ට් (Prime Health Herbal Products) විසින් LivingMo 600 ලෙස වෙළ‍ෙඳපොළට ඉදිරිපත් කර ඇති ආහාර අතිරේක නිෂ්පාදන සඳහාය.

කෙසේවුවද, මේ ඖෂධය මෙන්ම ආහාර අතිරේක කරල් සඳහා ගුරුකරගෙන ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා හා මහාචාර්ය අනුර ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් කරවිල ඇටවලට පිළිකා නැසීමේ ශක්තියක් ඇති බවට සොයා ගත්තේ යැයි කියන පරීක්ෂණයකි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේනේදාළ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා එම කරල් ආහාර අතිරේකයක් ලෙස නිෂ්පාදනය කරද්දී එයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාපාරිකයකු වන දක්ෂිත තිලංග සුමතිපාල මහතා එය ඖෂධයක් ලෙස නිෂ්පාදනය කිරීමට ආයුර්වේද නිෂ්පාදන සමාගමින් බලපත්‍රයක් ලබාගෙන තිබීමය.

මේ කාරණා දෙක සඳහාම ආයුර්වේද සූත්‍ර කමිටුව විසින් අනුමැතිය ලබාදීම ද විහිළුවක් බව ආයුර්වේද ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති.

මේ අතර, සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම විසින් ආයුර්වේද ඔසුවක් නිෂ්පාදනය කිරීමට අවසර ලබාදීමේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන නියමයන් කිහිපයක්ම අමු අමුවේ උල්ලංඝනය කර තිබේ.

ඔවුන් අදාළ ඔසුව අලෙවි කිරීමට පිළිකා රෝහල ආසන්නයේම දමා ඇති Ceylon Green Cancer Wellness Center නැමැති ආයතනයේ නාම පුවරුවේ එය ආයුර්වේද බෙහෙත් සාප්පුවක් බවට කිසිදු සටහනක් කර නොමැත.

ඒ අනුව ඔවුන් හිතාමතාම රෝගීන් නොමඟ යවා තිබේ.

එසේම ආයුර්වේද බෙහෙත් ශාලවක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරිස් සිටිය යුතු වන අතර බෙහෙත් නියම කළ හැක්කේ එවැනි බලයක් ඇති අයකුටය.

එම ආයතනයේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධවන අයට එහි වෙළඳ සේවිකාවන් විසින් බෙහෙත් නියම කරන බවට පහත හඬපටයෙන් සාක්ෂි ලබා ගත හැකිය.

දක්ෂිතගේ, සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම මේ බෙහෙත් සඳහා අනත්ර් ජාලය තුළ දැන්වීම් පළ කර ඇති අතර ඒවා පලකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරවය.

මේ අතර, ආයුර්වේද සූත්‍ර කමිටුව විසින් අදාළ කරල පිළිකා බෙහෙතක් ලෙස හෝ ආහාර අතිරේකයක් ලෙස නම් කර ඇත්තේ ඔවුන්ගේ පාර්ම්පරික හෙළ වෙද පොත්වල කරවිල වලින් පිළිකා නැසීමට හැකියාවක් ඇති බවට කිසිදු සඳහනක් නොතිබියදීය.

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා විසින් මෙම සොයා ගැනීම වානිජ අරමුණු ඇති නිෂ්පාදනයක් සඳහා යොදා ගැනීමට නම් එහි පරීක්ෂණ සහය දුන් පේරාදෙනිය සරසවියෙන් අවසර ගැනීමක් කළ යුතුවේ.

එසේම එම සරසවියට ආර්ථික වාසියක්ද ලබාදිය යුතුවන අතර ඒම සරසවියෙන් එවැනි කිසිදු විමසීමක් හෝ මින් එම සරසවියට කිසිදු ආර්ථික වාසියක් නොලැබෙන බවද අප කළ විමසීම්වලදී හෙළි විය.

මේ අතර, රාජපක්ෂ මහාචාර්යවරයා කරවිල ඇටවලින් පිළිකා නසන බෙහෙතක් නිෂ්පාදනයෙන් පසුව එය සායනික පරීක්ෂණයකට ලක් කළ බවට පැවසුවද, අප සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ එවැනි සායනික පරීක්ෂණයක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඔවුන් සතුව නොමැති බවයි.

– ශ්‍රී ලංකා මිරර් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More