දේශීය පුවත්

කොළොම්බියාවට ඉහළම අපනයන ආදායම රැගෙන ඒම සඳහා කොකේන් සහ ඛනිජ තෙල් සෑම විටම තරඟ කර ඇති බව කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ 15 වනදා පිළිගත්තේය. කොකේන් නිෂ්පාදනයේ මෑත කාලීන වැඩිවීමක් සඳහා වෙළඳපල බලවේග වගකිව යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කෙසේ වුවද පෙට්‍රෝගේ විරුද්ධවාදීන් ඔහුට “මෝදක රාජ්‍යයක්” නිර්මානය කරන බවට චෝදනා කර ඇත.

“කොකේන් කොලොම්බියාවේ පළමු අපනයන නිෂ්පාදනය බවට කිහිප වතාවක්ම පත් වී ඇති අතර, එසේ නොවේ නම්, දෙවැනි ස්ථානය බවට පත්වී තිබෙනවා.” පෙට්‍රො සිය ට්විටර් (X ) ගිනුමේ සටහනක් තබමින් පැවසුවේය. ” නිෂ්පාදන දෙකේම ජාත්‍යන්තර මිළ මත සියල්ල රඳා පවත්නවා.ඛනිජ තෙල් මිළ පහත වැටේ නම්, කොකේන් කොළොම්බියාවේ විශාලතම අපනයන ආදායම බවට පත් වෙනවා. ජාත්‍යන්තර වෙලෙඳ පොළේ ඛනිජ තෙල් මිළ ඉහළ ගියහොත් එය ඛනිජ තෙල් පළමු අපනයන භාන්ඩය බවටත් කොකේන් දෙවැනි අපනයන භාන්ඩය බවටත් පත් වෙනවා.”

ජනාධිපති පෙට්‍රෝ යටතේ කොලොම්බියාව කොකා වතු ධූමායනය කිරීමේ ප්‍රතිපත්තිය බොහෝ දුරට අත්හැර දමා ඇති අතර ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය කල්ලි නායකයින් අත්අඩංගුවට ගැනීම කෙරෙහි කොළොම්බියානු රජය අවධානය යොමු කර ඇත. මේ අතර, ජනාධිපති පෙට්‍රෝ ගේ රජය කුඩා කොකා වතු ගොවීන්ට තම බෝග වගා කිරීමට අවසර දී තිබේ. ඔහු කොළොම්බියාවේ විශාලතම සන්නද්ධ සටන්කාමීන් සමඟ සටන් විරාම ගිවිසුම් ඇති කර ගත් අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ගරිල්ලා මෙහෙයුම් සඳහා කොකේන් ආදයමෙන් ලැබෙන ලාභයෙන් මුදල් යොදවති.

පෙට්‍රෝ තම මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය මෙලෙස මෘදු කිරීම මධ්‍යයේ, කොකේන් වගාව පසුගිය වසරේ කොලොම්බියාවේ වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව කියවේ. 2021 වන විට මත්ද්‍රව්‍යයේ විභව නිමැවුම 24% කින් ඉහළ යාමත් සමඟ වසර අවසානයට පෙර කොකේන් කොලොම්බියාවේ වඩාත්ම ලාභදායී අපනයනය ලෙස ඛනිජ තෙල් අභිබවා යාමට සූදානම් වන බව බ්ලූම්බර්ග් බ්‍රහස්පතින්දා වාර්තා කළේය.

බ්ලූම්බර්ග්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව 2022 දී කොලොම්බියාව කොකේන් අපනයනයෙන් ඩොලර් බිලියන 18.2ක් උපයා ඇති අතර තෙල්වලින් උපයා ඇත්තේ ඩොලර් බිලියන 19.1ක් පමණි.

පෙට්‍රෝගේ විරුද්ධවාදීන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සාක්කු වලට මුදල් පොම්ප කිරීමට සෘජුවම වගකිව යුතු බවයි. “ පෙට්‍රෝ කොලොම්බියාව මත්ද්‍රව්‍ය රාජ්‍යයක් බවට පත්කිරීම අපි වැළැක්විය යුතුයි” යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත පක්ෂයේ සෙනෙට් සභික  Miguel Uribe Turbay 15 වනදා සිය ට්විටර්( X ) ගිනුමේ සටහනක් තබමින් පැවසුවේය. කොකේන් අපනයනයෙන් ලැබෙන ආදායම ඛනිජ තෙල් අපනයනයෙන් ලැබෙන ආදායම අතික්‍රමනය කිරීම මගින් පෙන්නුම් කරන්නේ ඛනිජ තෙල් නිස්සාරණයෙන් කොකේන් අපනයනය කිරීම තරම් මුදල් උපයන්නේ නැති බව වන “කනගාටුදායක යථාර්ථය” යැයි පෙට්‍රෝ ප්‍රතිචාර දක්වමින් පැවසීය. “අපට අවශ්‍ය වන්නේ ඵලදායී කොලොම්බියාවකි,” ඔහු වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More