දේශීය පුවත්

කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence තාක්ෂණයේ ඇතිවන දැවැන්ත සංවර්ධනය ස්වාධීන අධීක්ෂණයකින් තොරව ඇතිවන්නට ඉඩ හැරියහොත් “ශිෂ්ටාචාරමය අවදානමක්” ඇති කළ හැකි බව දැවැන්ත තාක්ෂණික සමාගම් වල හිමිකරුවෙකු වන එලොන් මස්ක් 13 වනදා වොෂින්ටන් ඩීසී හි පැවති තාක්ෂණික නායකයින්ගේ සමුළුවකදී එක්සත් ජනපද සෙනෙට් සභිකයින් අමතමින් අනතුරු ඇඟවීය.

බිල් ගේට්ස්, මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සහ ඇල්ෆභට් සමාගමේ සුන්දර් පිචායි යන දැවන්ත තාක්ෂණික සමාගම් වල අයිතිකරුවන් සහභාගී වූ  ‘කෘත්‍රීම බුද්ධි ආරක්‍ෂිත සංසදය’ විසින්  පැවැත්වූ පැය තුනක සම්මන්ත්‍රණයකින් පසු ඔහු පිටව යන අවස්ථාවේ වාර්තාකරුවන්ට අදහස් දක්වමින් තාක්ෂණික දැවැන්තයින් අතර “අතිමහත් සම්මුතියක්” ඇති බව මස්ක් අවධාරණය කළේය. “කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණය පාලනය කළ යුතුයි. එසේ කිරීමට අපොහොසත් වීම මානව වර්ගයාට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වෙනවා.” මස්ක් වැඩිදුරටත් පැවසුවේය.

එන්බීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදි මස්ක් පෙන්වාදෙන්නේ ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම ශිෂ්ටාචාරමය අවදානමක් වන අතරම එය එක් මිනිස් කණ්ඩායමක් සහ තවත් කණ්ඩායමක් අතර ප්‍රශ්නයක් පමණක්ම නොවන බවය. එලෙසම මාස්ක්ට අනුව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මුළු මහත් පෘථිවියේම මිනිසුන්ට අවදානම් විය හැකි ප්‍රපංචයකි. ප්‍රකෝටිපතියා  කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කරමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය විසින් අප සියළු දෙනාම මරා දැමීමෙන් ගැලවී යාමට ඇති හැකියා “ශුන්‍යයට වඩා” වැඩි අගයක් යන්තමින් ගන්නා බවට අනතුරු ඇඟවීය.

කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් ක්‍රියාත්මක භාෂා ආකෘතිය ‘chat bots’ ලෙස හැඳින්වේ. ‘chat bots’ පසුගිය වසරේ   OpenAI සමාගමේ  කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් එළි දැක්වූ ChatGPT  ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ ජනප්‍රියත්වයට විය. එම මෘදුකාංගයෙන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට හෝ මිනිසාට සමාන භාෂාවෙන් ගද්‍යයක සංකීර්ණ කොටස් රචනා කිරීමට පවා හැකියාව ඇත.  කෙසේ වුවද ‘chat bots’ භාවිතායෙන් ලැබෙන සමහර තොරතුරු ඉතා සාවද්‍ය විය හැකි බවට විචාරකයින් අනතුරු අඟවා ඇත.
එලෙසම කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මගින් ප්‍රතිස්ථාපනය කළ හැකි රැකියා ක්ෂේත්‍රවල විශාල සේවක පිරිසක් සේවයෙන් පහ කිරීම මෙන්ම ඒ හා සබැඳි වංචා සහ වැරදි තොරතුරු වැඩි වීම පිළිබඳවද බොහෝ දෙනාගේ කනස්සල්ලට ද හේතු වී තිබේ.

ChatGPT හි මෘදුකාංගය සංවර්ධනය කරා OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් පැවසුවේ “මෙම තාක්‍ෂණය යම් විදියකින් වැරදුනහොත් එමගින් බොහේ වැරදි සහගත ප්‍රථිලාභ අත්පත් විය හැකි යැයි මම සිතනවා. අපි ඒ සම්බන්ධයෙන් නැගෙන හඬට කැමතියි. එම තත්වය වළක්වන්න අපි ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි.”

අදාළ රැස්වීම කැඳවූ ඩිමොක්‍රටික් සෙනෙට් සභික Chuck Schumer  සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ හමුව “ඓතිහාසික” හමුවක් වූ බවයි. නියාමනය සඳහා ඒකමතිකව ඉල්ලීමක් කර ඇති නමුත් මෙය අදාළ විය යුතු ආකාරය පිළිබඳව එකඟතාවකට පැමිණ නොමැති බව ඔහු අනාවරණය කළේය.

කෘත්‍රීම බුද්ධි තාක්ෂණයේ සංවර්ධනයේ වේගය අධීක්‍ෂණය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් හඳුන්වාදීම සංසදයේ දී සාකච්ඡා කරන ලද මාතෘකා අතර වූ බව ද ගාඩියන් පුවත්පත ඊයේ (15) වාර්තා කළ අතර, දැවැන්ත තාක්ෂණික සමාගම්වල විනිවිදභාවය සහතික කිරීමේ සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බව පුවත් පත වැඩිදුරටත් වාර්තා කළේය..

කෙසේ වෙතත්, රිපබ්ලිකන් සෙනෙට් සභික මයික් රවුන්ඩ්ස් රැස්වීමෙන් පසුව කෘත්‍රිම බුද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට එක්සත් ජනපද කොන්ග්‍රසය දැනට අදහස් නොකරන බවත්ය. මේ අතර රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික ජොෂ් හව්ලි “දැවැන්ත තාක්ෂණ සමාගම් සඳහා යෝධ කොක්ටේල් සාදයක්” ලෙස හැඳින්වූ සංසදයට සහභාගී වීම පවා ප්‍රතික්ෂේප කළ බවද අමෙරිකානු පුවත් පත් වාර්තා කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More