දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මාසයේදී රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටි පුද්ගලයන් 6 දෙනෙකු නිදහස් කළ අතර ඉන් 4 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය.

ශාන්තන්, ශ්‍රීහරන්, ජයකුමාර් සහ රොබර්ට් පායස් යන මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා ගමන් බලපත්‍ර හෝ අදාළ ලියකියවිලි නොමැතිව නීති විරෝධිව බෝට්ටුවෙන් ඉන්දියාවට පැමිණ තිබෙන බව චෙන්නායි හි විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ප්‍රකාශ කර ඇත.

මොවුන් නැවත ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍ය පියවර සම්පූර්ණ වන තෙක් ට්‍රිචි හි විදේශිකයන් රඳවා තැබීමේ කඳවුරේ රඳවා තබන බව එම කාර්යාලය පෙන්වා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More