”ජනබලය කොළඹට” විරෝධතාවයට කොළඹ ක්‍රීඩා පිටි නොදීමට තීරණයක්

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් හෙට (5) පැවැත්වීමට නියමිත ජන බල මෙහෙයුම සඳහා ක්‍රීඩා පිටි නොදීමට නගර සභාව කටයුතු කර ගෙන යන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු චොදනා කරයි.

මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.පි.එම් ඉක්මාල් මහතා පැවසුවේ සභාවට අයත් සියලු ක්‍රීඩා පිටි මැයි දින රැස්වීම් වලට හැර වෙනත් දේශපාලන රැස්වීම් සඳහා ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.