දේශීය පුවත්

රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයෙන් පිටත පිහිටි Sergiyev Posad නගරයේ කර්මාන්ත ශාලාවක් තුළ ප්‍රබල පිපිරීමක් සිදුවී ඇති බව රුසියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

පිපිරීම Zagorsk Optical-Mechanical Plant නම් කර්මාන්තශාලාවේ භූමියෙහි සිදුවී ඇති අතර, එහි වෙබ් අඩවියට අනුව එය දෘශ්‍ය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සැලසුම් කර නිෂ්පාදනය කරන කරමාන්ත ශාලවකි.

https://t.me/bbbreaking/162343

කර්මාන්තශාලාවේ භාන්ඩ ගබඩාවක පිපිරීම සිදුවී ඇති බවට අඟවන මූලික දත්ත ලැබී ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආයතන විසින් තහවුරු කර තිබේ.

මොස්කව් කලාපයේ ආණ්ඩුකාර Andrey Vorobyev මේ සම්බන්ධයෙන් හදිසි සේවා උපුටා දක්වමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පිපිරීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි . කෙසේ වුවද පුද්ගලයින් 43 දෙනෙකු මොස්කව් පළාතේ ප්‍රාදේශීය රෝහලකට රැගෙන ගෙන ගොස් ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකු පිළිස්සුම් සහ හිසෙහි ඇතිවූ තුවාල හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේය.

පිපිරීමෙන් පසු පුද්ගලයින් 52 දෙනෙකු වෛද්‍ය ආධාර පැතූ බවත්, පස් දෙනෙකු තවමත් සුන්බුන් යට සිරවී සිටිය හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ වන විට කම්හලේ සේවිකාවක් පිපිරීමට ගොදුරු වීමෙන් හටගත් තුවාල හේතුවෙන් ප්‍රාදේශීය රෝහලකදී මිය ගිය බව පුවත් සේවා වාර්තා කරනු ලැබීය.

මේ අතර හදිසි සේවා සපයන ආයතනයක් RIA Novosti පුවත් සේවය වෙත පැවසුවේ තාක්ෂණික ක්‍රියා පටිපාටි උල්ලංඝණය කිරීම හේතුවෙන් පිපිරීම සිදු වූ බවට මූලික වශයෙන් නිගමනය කළ හැකි බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More