ක්‍රීඩා පුවත්

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, මලල ක්‍රීඩා සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන් මෙන්ම පාසල්වල ගුරු සිසු පිරිසක්ද සහභාගී වූ බව වාර්තා වේ.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි වාර්තා දෙකක් අලුත් කරමින් රන් පදක්කම් දෙකක් පෙරේදා දිනයේ (16 වැනිදා) ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේ පදක්කම් 8 ක් ජයග්‍රහණය කරමින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ තරගාවලිය ලෙස 2023 තරගාවලිය සටහන් කිරීමට සමත් වූයේය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 3 ක් ජයග්‍රහණය කරමින් 4 වැනි ස්ථානයට පත්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීට පෙර දැක්වූ ඉහළම දක්ෂතාවය වූයේ එහි 6 වෙනි ස්ථානයට පත් වීමයි.

ඒ 2002 වසරේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ය.

ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙවර වසර විසි එකකට පසු එම වාර්තාව අලුත් කිරීමට සමත් වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More