දේශීය පුවත්

ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසති.

එදා වඩමාරච්චි සටනේ දී ප්‍රභාකරන් ඇල්ලීමට ඔන්න මෙන්න තිබිය දී රජිව් ගාන්ධි පැමිණ බලහත්කාරයෙන් ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ බවද, එය සිදුවූයේ සැලැසුම් සහගතව බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

එදා ඉන්දු- ලංකා ගිවිසුමට විරුද්ධව සටන් කළ දේශපාලන පක්ෂ අද ගොළුවන් මෙන් නිහඬව සිටින බවත්, ඉන්දු – ලංකා ගිවිසුම තුළ වන 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම මගින් අනිවාර්යයෙන්ම ඊළමට පාර කැපෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.

අතිපූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමියෝ මේ බව සඳහන් කළේ විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් ඊයේ(17) දින මාතර, නූපේ සණස මන්දිරයේදී පැවති “මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More