පුරවැසි කොලම

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දියාව සම`ග සීපා ගිවිසුම හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා මූලික අඩිතාලම දමන්නේ 2003 දීය. එහිදී මූලික අරමුණ වූයේ ඒ වන විට නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් විවෘත කොට තිබූ භාණ්ඩ වෙළඳාම තවදුරටත් සේවා වෙළඳාම දක්වා පුළුල් කිරීමය. එහිදී සේවා වෙළඳාමේ 4 වැනි ක‍්‍රමවේදය යොදාගනිමින් ඉන්දියානු ශ‍්‍රමිකයින් සඳහා ශ‍්‍රී ලංකාව තුළ ශ‍්‍රම වෙළඳ පොළක් නිර්මාණය කිරීම ප‍්‍රධාන අරමුණක් විය. නමුත් ඊට එරෙහිව වෘත්තිකයන් සහ දේශීය කර්මාන්තකරුවන් විසින් එල්ල කළ විරෝධය නිසා ‘සීපා’ ගිවිසුමට අදාළ සාකච්ඡුා ක‍්‍රියාවලිය නතර විය. ඉන්දියානු රජය විසින් 2008 සිට සාකච්ඡුා ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා මහින්ද රාජපක්‍ෂ පාලනයට දැඩි බලපෑමක් එල්ල කළ ද ශ‍්‍රී ලංකා රජය ඒ සඳහා විශේෂ උනන්දුවක් නොපෙන්වීය.

වර්තමාන යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ඉන්දියානු බලපෑම ප‍්‍රබල වූ අතර ‘සීපා’ ක‍්‍රියාවලිය නැවත ආරම්භ විය. නමුත් වෘත්තිකයන් විසින් නැවත වටයකින් විරෝධතා ක‍්‍රියාවලිය උත්සන්න කළ බැවින් ‘සීපා’ ගිවිසුම ‘එට්කා’ හෙවත් ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ලෙස නාමකරණ වෙනසකට ලක් විය. එහෙත් ගිවිසුමේ සැබෑ අන්තර්ගතය වෙනස් නොවීය. කෙසේවෙතත් එම රැුවටීමේ ක‍්‍රියාවලිය සාර්ථක නොවූ අතර වෘත්තිකයන් විසින් විරෝධතා ක‍්‍රියාවලිය උත්සන්න කරනු ලැබීය. ගිවිසුමට අදාළව ඒ වනවිට ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡුා වට 7ක් අවසන් කොටස් තිබුණි. ඉන්දියාව සමග සේවා වෙළඳාම විවෘත කිරීමට එරෙහිව පැන නැගුණු ප‍්‍රබල විරෝධය සැලකිල්ලට ගත් යහපාලන ආණ්ඩුව ඉතා සූක්ෂම ලෙස ‘එට්කා’ වෙනුවට සිංගප්පූරුව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නව ක‍්‍රියාවලියක් ආරම්භ කරනු ලැබීය. එය එක්තරා ආකාරයකට සිංගප්පුරුව හරහා ‘එට්කා’ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙස හැදින්වීමේ වරදක් නැත.

සිංගප්පුරු වෙළඳ ගිවිසුම ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මෙන් භාණ්ඩ වෙළඳාම සඳහා පමණක් සීමා වන බවක් පෙන්නුවද ඊට ‘එට්කා’ හෝ ‘සීපා’ ගිවිසුම් මෙන් සේවා වෙළඳාම ද ඇතුළත් වේ. එම ගිවිසුමට අදාළ අවබෝධතා ගිවිසුමට ශ‍්‍රී ලංකාවේ අගමැතිවරයා සිංගප්පුරුවේ දී අත්සන් තබන්නේ 2016 අගෝස්තු මාසයේදීය. ඊට අදාළ සාකච්ඡුා ක‍්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල උපකමිටුව විසින් එම වගකීම මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාට පැවරීය. ඒ අනුව අදාළ ගිවිසුම 2017 12.22 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිනි. සිංගප්පුරුව සම`ග සිදුකළ සාකච්ඡුා වට 8ක් මගින් එක`ග වූ එම ගිවිසුම අත්සන් කරන්නේ 2018-01-23 වැනිදාය. ඒ අනුව දෙරටක් අතර විස්තීර්ණ ආර්ථික සහ වෙළෙඳ ගිවිසුමක් දින 30ක් තුළ සාකච්ඡුා කොට අනුමත කිරීම මගින් ශ‍්‍රී ලංකාවේ රජයේ අමාත්‍ය මණ්ඩලය සහ විශේෂයෙන්ම මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා විසින් ගිනස් වාර්තාවක් තබා ඇත.

සිංගප්පූරුවේ නිලධාරීන් සහ උපදේශකයින් එම සාකච්ඡුා ක‍්‍රියාවලිය තුළදී වෙළඳ ගිවිසුමක් සාකච්ඡුා කරන ආකාරය පිළිබඳව ශ‍්‍රී ලංකාවට උපදෙස් දුන් බවද වාර්තා විය. ඒ අනුව එම ක‍්‍රියාවලිය තුළ සිංගප්පුරුවේ උවමනාවන්ට අනුව ශ‍්‍රී ලංකාවේ නිලධාරීන් කටයුතු කළ බව පැහැදිලි වේ. කෙසේ වෙතත් දෙරට අතර සාකච්ඡුා ක‍්‍රියාවලිය පවත්වාගෙන යන අතරතුර ශ‍්‍රී ලංකාවේ වෘත්තිකයන් ප‍්‍රමුඛ විරෝධතාකරුවන් රැුවටීම සඳහා ඔවුන් සමග අතුරු සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වීමට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා ප‍්‍රමුඛ නිලධාරීහු කටයුතු කළහ. රටේ නියාමන නීති පද්ධතිය ශක්තිමත් කිරීමෙන් තොරව සහ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය පිලිබදව එකගතාවයක් ඇතිකර ගැනීමෙන් තොරව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම වරදක් බවට එම වෘත්තියන් පෙන්වා දුන් බව වාර්තා විය. නමුත් ඒ කිසිවක් නිවැරදි කිරීමකින් තොරව දෙරට අතර සිදුකළ ඒ රහසිගත සාකච්ඡුා ක‍්‍රියාවලිය අවසන් කළ වහාම ගිවිසුම අත්සන් කිරීම සදහා අමාත්‍යවරයා විසින් ප‍්‍රබල උත්සාහයක් ගනු ලැබීය.

ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය හරහා විධිමත් අනුමැතියක් ලබාගෙන නොමැති බවටද මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාට චෝදනා එල්ළවිය. අමාත්‍ය මණ්ඩලය විසින් 2018-01-16 දින ගනු ලැබූ තීන්දුව අනුව නීතිපතිවරයාගේ අනුමැතිය පූර්ව කොන්දේසියකි. අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් 2018-01-17 දින දරන ලිපිය සම`ග අදාළ ගිවිසුම නීතිපතිවරයාට යවා ඇත. ඉන්පන්පසුව පසු ගිවිසුමට අවසන් අනුමැතිය ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලය රැුස්වීමට පෙර 2018-01-23 දින ගිවිසුම අත්සන් කරනු ලැබීය. 2018 ජනවාරි 16 වැනි දින සහ 2018-01-30 දින අතර අමාත්‍ය මණ්ඩල නැවත රැුස්වීමක් පවත්වා නැත. පිටු 1083 කින් සමන්විත එම ගිවිසුම අමාත්‍ය මණ්ඩලය විසින් හෝ නීතිපතිවරයා විසින් ගැඹුරින් අධ්‍යයනය නොකළ බවද ඒ මගින් තහවුරු වේ.එසේම අමාත්‍යවරයා විසින් විධිමත්ව සහ නීතියානුකූල ක‍්‍රමවේදයට යටත්ව අනුමැතිය ලබාගැනීමෙන් තොරව ගිවිසුම අත්සන් කොට ඇති බවද පැහැදිලි වේ.

එම ගිවිසුමේ අඩංගු වන වන ශ‍්‍රි ලංකාවේ ආර්ථිකය කණපිට පෙරළීමට තරම් හේතු විය හැකි බරපතළ ප‍්‍රතිපාදන පිළිබඳව යම් පමණකට හෝ මහ ජනයාට දැන ගැනීමට ලැබෙන්නේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය. මහජනයා කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට හෝ අමාත්‍යවරුන්ට් ඒ පිළිබඳ අවබෝධයක් නොතිබූ බවට කිසිදු සැකයක් නැත. මෙම ගිවිසුමට එරෙහිව ප‍්‍රබල විරෝධයක් එල්ලවන්නේ වෘත්තිකයන් අතුරින් පමණක් නිසා ඒ ම`ගින් සමස්ත ආර්ථිකයට සිදුවන අනර්ථය පිළිබඳ මහජනයා අතර පුළුල් අවබෝධයක් නොමැත. බොහෝ දැන උගත් පිරිස් පවා කල්පනා කරන්නේ සේවා අංශ විවෘත කිරීම හරහා සිංගප්පූරුවෙන් වෘත්තිකයින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඉඩ සලසා ඇති බැවින් වෘතිකයින් ඊට අකැමැති බවය. සේවා වෙළදාමට අදාළ ප‍්‍රතිපාදන පිළිබඳව ද වෘත්තිකයන් අතර පවා අනවබෝධයක් ඇත .

උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තිය සහ අධිකරණයේ පෙනී සිටිමින් නීති උපදේශන සේවා ලබා දීම ආදී සේවා වෙළඳාමට අදාළ ක්ෂේත‍්‍ර පළමු වටයේ දී ශ‍්‍රී ලංකාව විසින් විවෘත කොට නැත. නමුත් එම සේවා එක් පාර්ශ්වයක් විසින් විවෘත කොට අනෙක් පාර්ශවය විසින් එසේ කළ යුතු බවට ඉල්ලා සිටිය හැක. ඒ සඳහා ගිවිසුම සංශෝධනය කිරීමට අවශ්‍ය වන්නේ නැත . අවශ්‍ය වන්නේ එම සේවාව විවෘත සේවා ලැයිස්තුවට ඇතුල් කිරීම පමණි. මෙහිදී අමාත්‍යවරයා තර්ක කරන්නේ එම සේවා වෙළඳපල තුල 4වැනි ක‍්‍රමවේදය එනම් නිදහස් පුද්ගලයින් රැුකියා සඳහා පැමිණීමට ඉඩ නොමැති බවය. නමුත් සේවා වෙළඳාමේ 3වැනි ක‍්‍රමවේදය අනුව යම් වෘත්තිකයෙක්ට සමාගමක් ලෙස ලියාපදිංචි වීම මගින් ‘නීතිමය පුද්ගලයින් ලෙස’ සේවා වෙළඳපොළට ඇතුල් වීමේ හැකියාව ඇත.
සේවා වෙළඳාම ආශ‍්‍රිතව ඉතා බරපතළ තත්ත්වයක් මතු වන්නේ මානව සම්පත් සැපයීමේ සේවාව විවෘත කිරීම නිසාය. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සමාගමකට හෝ පුද්ගලයෙක් ට අවශ්‍ය කම්කරුවන්, රියදුරන් පමණක් නොව තාවකාලික සහකාරියන් පවා සැපයීම සඳහා සිංගප්පූරුවේ මානව සම්පත් සැපයීමේ සමාගම් වලට ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම වෙළෙඳපොළ විවෘත වේ. ඒ මගින් සේවා වෙළදාමේ 4 වැනි ක‍්‍රමවේදයන්ට අනුව නිදහස් පුද්ගලයන් සේවා වෙළදපලට ඇතුල්වීමට සමාන තත්වයක් ඇතිවේ. සේවා වෙළඳාමට අදාළ 3වැනි ක‍්‍රමවේදයට අදාලව යම් පාර්ශවයක් සදහා වීසා ලබා දීමට බැඳී සිටින්නේ විධායක ශ්‍රේණි, විශේෂඥයින් සහ කළමනාකරුවන් සඳහා පමණි. ඒ සඳහා ශ‍්‍රී ලංකාව පැත්තෙන් සුදුසුකම් ලබන්නේ පුරවැසියන් පමණි. නමුත් සිංගප්පූරුවේ පුරවැසියන්ට පමණක් නොව පුරවැසියන් නොවන ස්ථිර පදිංචිකරුවන්ට ද වීසා ලබා දීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව බැදී සිටියි.

නමුත් මානව සම්පත් සේවා සැපයීමේ දී 3 වැනි ක‍්‍රමවේදයේ කොන්දේසි අදාළ නොවේ. එහිදී ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම වෙළඳපොළ තුළ ඉල්ලූම තිබේ නම් ඕනෑම රටක පුරවැසියන් එසේ ශ‍්‍රමිකයන් ලෙස සැපයීමේ හැකියාව ඇත. ශ‍්‍රී ලංකාවේ ආගමන විගමන නීති රාමුව තුළ රැුකියා සඳහා වීසා ලබා දීමේදී විශේෂ සීමා පැනවීමක් නැත. නමුත් සිංගප්පූරුවේ නීතිමය රාමුව තුළ බරපතළ සීමාකම් පණවා ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පිහිටුවා ඇති සිංගප්පූරුවට අයත් සමාගමක් විසින් ලබා ගන්නා ශ‍්‍රමිකයන් සැපයීමේ කොන්ත‍්‍රාත්තුව අනුව අදාළ ශ‍්‍රමිකයින් සංඛ්‍යාවට වීසා ලබා දීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව බැඳී සිටියි. ගිවිසුමක් නොමැති තත්වයක් යටතේ ඒකපාර්ශවීයව එසේ වීසා ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාව ඇත. නමුත් දැන් ගිවිසුම යටතේ එසේ ප‍්‍රතික්ෂේප කිරීම වන්දි ගෙවීමට තරම් වරදක් වේ.

ශ‍්‍රි ලංකාවට අඩුම මිලට ශ‍්‍රමිකයන් සැපයීම සඳහා වඩාත් ලාභදායී සැපයුම් වෙළඳපළ ඇත්තේ ඉන්දියාවේය. ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට ශ‍්‍රමිකයන් සංක‍්‍රමණය වීමේදී සංක‍්‍රමණික පිරිවැය ඉතා අවම මට්ටමක පවතී. එසේම ශ‍්‍රමිකයන් අධි සැපයුමක් තිබෙන බැවින් ශ‍්‍රී ලංකාවේ නුපුහුණු ශ‍්‍රමිකයෙකුට ගෙවන දිනක කුලියෙන් අඩකට ඉන්දියානුවෙක් ලබාගැනීමේ හැකියාව ඇත. ඉන්දියාවේ සංක‍්‍රමණික කම්කරුවන් හෙවත් තමාගේ ගම්බිම්වලින් දුරබැහැර ස්ථිර නොවන රැුකියාවල නියුක්ත පිරිස් මිලියන 20ක් පමණ වේ. ඒ අතුරින් 10% පමණ එනම් ලක්ෂ 20ක් පමණ කෙටිකාලීන විදේශීය ශ‍්‍රම බලකායට වරින් වර එකතුවේ. ඒ අතර දළ වශයෙන් ලක්ෂ 5ක් පමණ පිරිසක් අසල්වැසි විදේශ රටකින් කුමන හෝ මොහොතක ලැබෙන ඉල්ලීමකට අනුව පිටත් වීමට සූදානමින් සිටිති. දැනටමත් ශ‍්‍රී ලංකාවේ සංචාරක වීසා යටතේ කම්කරුවන් ලෙස රැුකියා නියුක්තික ඉන්දියානුවන් ප‍්‍රමාණය ලක්ෂ 2ක් පමණ වේ යැයි ඇස්තමේන්තු කෙරෙයි. ඒ අනුව නීත්‍යානුකූලව රැුකියා වීසා ලබාදීම ආරම්භ කළ පසු ගංවතුර ගේට්ටු ඇරීමට සමාන තත්ත්වයක් ඇති වනු ඇත.

එවැනි තත්වයක් තුළ ඉන්දියානු කම්කරුවන් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැුකියා සඳහා යොදා ගැනීම මගින් ඔවුන් වීසා නොමැතිව වුවද දීර්ඝ කාලීනව රට තුළ රැුඳීමට සහ අවසානයේදී ඉන්දියානු වතු කම්කරුවන් මෙන් ස්වීකරණය වීමේ වැඩි ඉඩක් ද පවතී. එසේම ඒ ආකාරයට ශ‍්‍රම වෙළඳපළ තුළ වැටුප මුල් කරගෙන ඇතිවන තරගය නිසා ශ‍්‍රී ලංකාවේ නුපුහුණු ශ‍්‍රමිකයන්ගේ වැටුප් මට්ටම ද බෙහෙවින් පහළ වැටීමට ඉඩ ඇත. කේෂත‍්‍රයේ විද්වතුන්ගේ මතය අනුව දිනක කම්කරු වැටුප 750 දක්වා පමණ පහත වැටීමට ඉඩක් ඇත. එවැනි තත්ත්වයක් තුළ තනිකඩ ඉන්දියානු කම්කරුවන්ට ජීවත්විය හැකි වුවත් ශ‍්‍රී ලාංකික කම්කරු පවුල් බරපතළ ආර්ථික පීඩනයකට ලක් වනු ඇත. ඒ අනුව සිංගප්පූරු ශ‍්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම මගින් සේවා අංශයේ වෘත්තිකයන්ට මුහුණ දීමට සිදුවන ගැටලූ වලට වඩා බරපතළ සමාජ ආර්ථික සහ සංස්කෘතික අර්බුදයකට සමස්ත සමාජයට ම මුහුණ දීමට සිදු වනු ඇත.විශේෂයෙන්ම ලිංගික ශ‍්‍රමිකයින්ගේ සංක‍්‍රමණය බරපතළ සමාජ සංස්කෘතික ගැටළුවක් බවට පත්විය හැක.

සේවා වෙළඳාමට අදාළ ව තවත් බරපතළ ගැටලූවක් වන්නේ අපද‍්‍රව්‍ය බැහැර කිරීමේ සහ කළමනාකරණ කිරීමේ සේවාවන්ට ඉඩ සැලසීම ය. ඊනියා ‘අපද්‍රව්‍ය කළමනාකරණය’ සඳහා රට තුළට ගෙන එන විස සහිත අපද‍්‍රව්‍ය සඳහා තීරු බදු අයකරන්නේ නැත. ඒ නිසා සිංගප්පූරැුවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල් බැහැර කරන විෂ සහිත රසායනික අපද‍්‍රව්‍ය, ඉලෙක්ට්රොනික අපද්‍රව්‍ය සහ න්‍යෂ්ඨික සහ සායනික අපද‍්‍රව්‍ය ප‍්‍රතාපනය කිරීමේ භූමිය බවට ශ‍්‍රී ලංකාව පත් වනු ඇත. ලෝකයේ කිසිදු රටක් එවැනි විනාශකාරී තත්ත්වයකට ඉඩ දෙනු ඇතැයි සිතිය හැකිද? සෝසේජස් නිශ්පාදනය සදහා ආනයනය කළ යම් සත්ව නිශ්පාදන අපද‍්‍රව්‍යය සදහා පනවා තිබූ 15% තිරු බද්ධ පවා මෙම ගිවිසුම යටතේ ඉවත්වේ. එවැනි අපද්‍රව්‍ය වර්ග 65ක ලැයිස්තුවක් ගිවිසුමට ඇතුළත් කොට ඇත.

කෙසේවෙතත් සේවා විවෘත කිරීමේ අනර්ථයට සමාන හෝ ඊටත් වඩා බරපතළ අනර්ථයක් භාණ්ඩ වෙළඳාම නිදහස් කිරීමෙන් සිදුවිය හැක. තීරු බදු වර්ග කිරීම් අනුව භාණ්ඩ 1400ක නිෂේධාත්මක ලැයිස්තුවක් හදුන්වා දී ඇත. ඒවා ආනයනය කිරීම සඳහා සහන නොලබන භාණ්ඩ ලෙස හැඳින්විය හැක. නමුත් එම ප‍්‍රමාණයෙන් 50%ක තිරු බදු දැනටමත් බින්දුව වට්ටමේ පවතී. ඉතිරි භාණ්ඩ ලැයිස්තුවෙන් හෙවත් ධනාත්මක ලැයිස්තුවෙන් 50%ක් හෙවත් තීරුබදු වර්ගකිරීම් 3000ක් පමණ ආරම්භයේ සිටම තීරු බදු වලින් සම්පූර්ණයෙන්ම නිදහසේවේ. ඒ අතර තවත් 20%ක භාණ්ඩ ප‍්‍රමාණයක තීරුබදු වසර හයක දී සම්පූර්ණයෙන්ම නිදහස් වේ. එනම් තිරු බදු සහ අනෙකුත් අතුරු බදු ක‍්‍රමයෙන් බින්දුව දක්වා පහළ දැමෙනු ඇත. කෙසේ වුවත් එම බදු ඒකපාර්ශවීයව ශ‍්‍රී ලංකා රජයේ කැමැත්ත අනුව ඕනෑම වෙලාවක බින්දුව දක්වා පහළ දැමිය හැක.

එවැනි භාණ්ඩ ලැයිස්තුවට ‘වී’, පළතුරු වැනි භාණ්ඩ පවා අයත් වේ. එහිදී නිශේධනාත්මක සහ ධනාත්මක වශයෙන් භාණ්ඩ ලැයිස්තු වෙන් කිරීමෙන් තොරව එකම ලැයිස්තුවක සලකුණු කිරීම මගින් එම ක‍්‍රියාවලිය හිතාමතා පටලවා ඇත. කෙසේ වෙතත් සිංගප්පූරුවේ අපනයනය සදහා ‘වී’ වගා නොකරන බව කුඩා දරුවකු වුවද දන්නා කරුණකි. එසේනම් ඒ ආකාරයට බින්දුව දක්වා තීරු බදු අඩුකිරීම සඳහා අපේක්ෂිත භාණ්ඩ කාණ්ඩයට ‘වී’ අයත් වන්නේ කෙසේ ද? තායිලන්තය, කාම්බෝජය වැනි රටවල අතිරික්ත වී සිංගප්පූරුව හරහා අඩු මිලට ශ‍්‍රි ලංකාවට ආනයනය කිරීමේ වුවමනාව සඳහා එම සහනය ලබා දී ඇති බව පැහැදිලිය. ශ‍්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට පසුව යම් ප‍්‍රබල සහල් මෝල් හිමියන් තම ගබඩා කිරීමේ ධාරිතාවය දෙගණයක් කිරීම සදහා පිඹුරුපත් සකස් කිරීම නිසා ඒ බව තවදුරටත් ඔප්පු වේ.

ඒ ආකාරයට වෙතත් රටක නිෂ්පාදනයක් සිංගප්පූරුවේ නිෂ්පාදනයක් ලෙස තීරුබදු රහිතව ආනයනය කිරීමට ඉඩ සැලසෙන්නේ එම ගිවිසුමේ පවතින ප‍්‍රබල දුර්වලතාවක් නිසා ය. එනම් ‘සම්භවයේ නීතිය’ අනුව භාණ්ඩයේ සම්භවය සොයා බැලීමේදී එම භාණ්ඩය සිංගප්පූරු තොටුපළකින් නැව් ගත කිරීම පමණක් සැලකිල්ලට ගත හැක. ඒ අනුව තායිලන්තයේ නිෂ්පාදනයකට වටිනාකම එකතු කිරීම යනු තායිලන්තයේ නිෂ්පාදිත වී සිංගප්පුරු සමාගමක් නමින් බහාලූම් වලට පිරවීම පමණක් විය හැක. ඒ ආකාරයටම මැලේසියාවේ පාම් තෙල් සිංගප්පුරුව හරහා තීරුබදු රහිතව ශ‍්‍රි ලංකාවට ආනයනය කෙරුණු ඇත. එමගින් ශ‍්‍රී ලංකාවේ වී වගාව සහ පොල් වගාවට මෙන්ම ගොවියාට සහ වැවිලිකරුවන්ට සිදු වන අනර්ථය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු කොට නැත. එසේ සොයා බැලීමක් අල්පමාත‍්‍රව හෝ සිදු වූවා නම් එවැනි විනාශකාරී තීන්දු අනුමත වන්නේ නැත. එපමණක් නොව එවැනි සොයා බැලීමක් සිදුකළා නම් ජනාධිපතිතුමා විසින් දේශිය පළතුරු වගාව ආරක්‍ෂා කිරීම සඳහා ආනයනික පළතුරු වලට බදු පනවන බව ප‍්‍රකාශ කරන්නේ නැත. ඊට හේතුව සිංගප්පුරු ගිවිසුම මගින් අනයනික් පළතුරු සඳහා පනවා ඇති බදු වසර 6කදී බින්දුව දක්වා අඩු කිරීමය.

වෙළදාම ප‍්‍රචලිත කිරීමේ නාමයෙන් නිලධාරීන් අතලොස්සක් විසින් ගනු ලබන තීරණ නිසා පළමු වටයේ දී ශ‍්‍රී ලංකාවට අහිමි වන බදු ආදායම ඩොලර් මිලියන් 10ක් ලෙස සිංගප්පූරු නිලධාරීන් විසින් ගණන් බලා ඇත. පාඩුව සිදුවන්නේ දැනට පවතින ආනයන මට්ටම අනුවය. මේ වන විට ශ‍්‍රි ලංකාව සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 1300 භාණ්ඩ ආනයනය කරන විට ශ‍්‍රී ලංකාව අපනයන කරන්නේ මිලියන 200 වටිනා භාණ්ඩ ප‍්‍රමාණය කි. ආනයන තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කළ විට එම ආනයන ප‍්‍රමාණය ඉතා විශාල වශයෙන් ඉහළ යන බවට සැකයක් නැත. එවිට සිංගප්පුරුවෙන් භාණ්ඩ ආනයන සමාගම් විසින් උපයන ලාභය ද ඊට සාපේක්ෂව ඉහල යනු ඇත. එසේ බදු අඩු කිරීම නිසා ශ‍්‍රී ලංකාවේ රජයට අහිමි වන ආදායම අදාළ ආනයන සමාගම් වල ලාභය බවට පරිවර්තනය වේ. මෙම තත්වය තුළ දේශිය නිෂ්පාදන කර්මාන්ත කරුවන් නිෂ්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත් වී ‘‘ආනයන වෙළදාමට’’ වැඩි නැඹුරුතාවයක් දකුවනු ඇත. අවසානයේදී ඉතා කෙටිකලක් තුළ ශ‍්‍රී ලංකාවේ දේශිය කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගත නොහැකි ආකාරයට පරිහානියට ලක්වීම වැළැක්විය නොහැක.

සිංගප්පූරුව සහ ඔස්ෙටි‍්‍රලියාව වැනි රටවල එවැනි නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ ඉන් ලැබෙන වාසි අවාසි මහජනයාට දැනුම් දීමෙන් පසුවය. ශ‍්‍රී ලංකාවට සිදුවන පාඩුව අපට වඩා හොඳින් සිංගප්පුරුව දැනගන්නේ ඒ නිසාය . කෙසේවෙතත් ශ‍්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට භාණ්ඩ ආනයනය කිරීමේදී කණිජතෙල් සහ මධ්‍යසාර හැර සෙසු සියල්ල සඳහා තීරු බදු අයකිරීමක් නැත. ඒ නිසා මෙම ගිවිසුම ම`ගින් ශ‍්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ පොළට සුවිශේෂී වාසියක් සිදු වන්නේ නැත. එසේ නම් ඒ ම`ගින් වැඩි වාසි සිදු වන්නේ ශ‍්‍රී ලංකාවේ රජයට නොව ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන සමාගම් වලට පමණකි. එසේ රාජ්‍යය නිලධාරින් විසින් රජයට පාඩු සිදුවන ලෙස යම් සමාගම් වලට වාසිදායක තත්වයක් ඇතිකරන්නේ නම් එය අල්ලස් සහ දුෂණ පනත යටතේ දුෂණයක් ලෙස සැලකෙන වරදකි.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුව උණුසුම්-අරුන්දික කථානායක පුටුවට ආක්‍රමණය කරයි(Live)

පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට යළි රුස්වීමට තීරණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ තුළ තිබෙන විරෝධතාවය හේතුවෙන් තවමත් පාර්ලිමේ...


Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක කරන්නේ ජනතා පරමාධිපත්‍යයි… සුදුසුම පියවර මැතිවරණයකට යාමයි

නීතියේ විධිවිධානත් රටේ ස්ථාවරත්වයත් අනුව බැලූවිට රටට සුදුසුම පියවර මැතිවරණයක් බව හිටපු අගවිනිසුරු සරත් එන්.ද සිල්වා මහතා පැවසීය. මහින්...


Read More

ජනපති ව්‍යවස්ථාව අකුරටම පිළිපදින්න එකග වෙයි

ඊයේ(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට(16) දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, ඡන්ද ...


Read More