පුරවැසි කොලම

පසුගියදා ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිටිස් මුණගැසුණු කතානායකවරයා පාර් ලිමේන්තුව වහා කැඳවා පවතින දේශපාලන අර් බුදය විසදීමේ වැදගත්කම ඇයට පහදා දුන් බව වාර් තා විය. ඊට ප්‍රතිචාර දැක්වූ ඇය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ජනතාවට සේවය කළ යුතු බව සහ ඡන්දයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ හඬට ඉඩ දිය යුතු බව අවධාරණය කොට ඇත. කතානායකවරයාගේ ප්‍රකාශයට අනුව පැන නැගී ඇත්තේ දේශපාලන අර් බුදයක් මිස ඔහු ඊට පෙර තර් ක කළ ආකාරයට ව්‍යවස්ථා අර්බුදයක් හෝ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නොවේ. ඒ අනුව ඔහු ඇමරිකානු තානාපතිනිය ඉදිරියේ පවතින තත්වය නිවැරදිව විග්‍රහ කොට ඇති බව පිළිගත හැක. එහෙත් තානාපතිවරිය කථානායකවරයාට උපදෙස් ලෙස පිළිතුරු දෙන්නේ ව්‍යවස්ථා අර් බුදයක් නොව ඊට වඩා බරපතල ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවක් හුවා දක්වමිනි.

එනම් ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් බලයෙන් පහකොට ඔවුන්ගේ හඬ යටපත් කරන හමුදා කුමන්ත්‍රණයක් හෝ වෙනත් දේශපාලන කුමන්ත්‍රණයක් මගින් යම් පාර්ශවයක් විසින් ආණ්ඩුව බලය උදුරා ගෙන ඇති බවත් මවා පාමිනි. ඇයගේ ප්‍රකාශය අනුව මේ වනවිට පාර් ලිමේන්තුව වසා දමා මන්ත්‍රීවරුන්ට තම මතය පළ කිරීමට අවස්ථාවක් ලබා නොදී හදිසි නීතිය යොදා ගනිමින් මාධ්‍ය වාරණයක් පවා පනවා තිබිය යුතුය. නමුත් මහජනයා අත්විඳින්නේ ඊට වඩා වෙනස් තත්ත්වයකි. ඔවුනට කන් වල ඇබ ගසා ගත යුතු තරමට උදේ සිට රෑ වන තෙක් මන්ත්‍රීවරුන්ගේ හැඩීම, ගෙරවීම සහ ඊනියා විද්වත් ප්‍රකාශ අසන්නට ලැබේ. පාර් ලිමේන්තුව සාමාන්‍ය තත්ත්වය යටතේ වසරේ වැඩි දිනයක් පැවැත්වෙන්නේ නැත. දේශපාලන අර් බුදය පැන නගින අවස්ථාවේදී නොවැම්බර් 5 වැනිදා දක්වා කතානායකවරයා විසින්ම පාර් ලිමේන්තුව කල් තබා තිබුණි. ජනාධිපතිවරයා විසින් කරුණු ලැබුවේ එය තවත් දින 11 ඉදිරියට ගැනීම පමණි. ඒ මගින් මන්ත්‍රීවරුන්ගේ හඬ යටපත්වන බවත් පිළිගත නොහැක.

අනෙක් පැත්තෙන් ගත් විට පාර් ලිමේන්තුව මාස දෙකක් දක්වා කල්තැබීමට ව්‍යවස්ථානුකූල බලය ජනපතිවරයාට ඇත. ඒ සඳහා හේතු දැක්වීමට ඔහු බැඳී නැති අතර මෙවර කල් තබා ඇත්තේ දින 11 කට පමණි. නව අමාත්‍ය මණ්ඩලය විසින් අතුරු අයවැය සකස් කොට අනුමත කිරීම සඳහා කාලය ලබා දීම සඳහා එවැන්නක් අවශ්‍ය වූ බවට මතයක් පල වී ඇත. කෙසේ වෙතත් මීට පෙර ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් පාර් ලිමේන්තුව 50 වතාවකට වැඩි වාර ගණනක් කල් තබා ඇති බවට පාර් ලිමේන්තුවේ තොරතුරු සාක්ෂි දරයි. එදා ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් තමාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවකදී පාර් ලිමේන්තුව කල් තැබීම බරපතළ තත්ත්වයකි. එය ව්‍යවස්ථාව සහ විධායකය අතර බලතුලනයට අදාළ කරුණකි. එසේම සදාචාරමය වශයෙන් ජනාධිපතිවරයාට සෘජුව බලපාන තත්ත්වයකි. එදා කිසිදු විදේශ තානාපති වරයෙක් ප්‍රජාතන්ත්‍රවාදය හෝ මන්ත්‍රීවරුන්ගේ හඬ යටපත් කරන බවට චෝදනා කළේ නැත.

ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදයට තානාපතිවරුන් සහ කතානායකවරයා එතරම් ගරු කරන්නේ නම් වසර දෙකක් පළාත් පාලන මැතිවරණය හා වසරකට වැඩි කාලයක් පළාත් සභා මැතිවරණය කල් දමන විට නිහඬව සිටියේ කෙසේද? එම ආයතනවල ක්‍රියාකාරීත්වය මහජන නියෝජිතයන්ගේ සහ ඡන්දදායකයින්ගේ අයිතියට ප්‍රජාතන්ත්‍රවාදය යටතට ගැනෙන්නේ නැද්ද? ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කතානායකවරයා එදා කූඨ ලෙස පාර් ලිමේන්තුව සහ මහජනයා නොමග යවමින් පළාත්සභාමැතිවරණ සංශෝධන පනත සම්මත කරන විට අඩියක් පෙරට තබා එය අනුමත කොට ඊට සහාය දුන්නේ කෙසේද? ඒනිසා තානාපතිවරුන්ට සහ කථානායකවරයාට ප්‍රජාතන්ත්‍රවාදය සටන්පාඨයක් වන්නේ දේශපාලන අර් බුදය ඔවුනට වාසිදායක ලෙස විසඳා ගැනීමට නොවේද?

එසේ වුවත් එම ඇමරිකානු තානාපතිනිය පමණක් නොව පොදුවේ බටහිර තානාපති අංශ සහ බටහිර මාධ්‍ය ආයතන අවධාරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය හරහා වර්තමාන අර් බුදයට පිළියම් සෙවිය යුතු බවය. එනම් වහාම පාර් ලිමේන්තුව කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු බවය. ඔවුන්ගේ ප්‍රශ්නය එය නම් තව දින කිහිපයකින් අර් බුදය නිට්ටාවට සුවපත් වේ. එහෙත් බ්‍රිතාන්‍ය පාර් ලිමේන්තුවේ කොන්සවේව් පක්ෂයේ මන්ත්‍රී ශ්‍රීමත් හියුගෝ ස්වායිර් මහතා පහළ මන්ත්‍ර මණ්ඩලයේ දී එරට විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් මහතාගෙන්අසන ලද ප්‍රශ්නයක් අනුව බටහිර තානාපතිවරුන්ට සැබැවින් උවමනා කුමක්දැයි පැහැදිලි වේ. ඔහු එහිදී සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැති ලෙස පිළිගත යුතු බව ය. එහිදී ඔහු ඒ බව ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයාට දන්වන ලෙසද විදේශ මාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ ඉල්ලීම අප රටේ කතානායකවරයා පිළිගත් බව එතුමා ඇමරිකානු ජනාධිපති ගේ උපදෙස් අනුව තමා ඊට පෙර ගෙන තිබූ ස්ථාවරය වෙනස් කිරීමෙන් පැහැදිලි වේ. කතානායකවරයා තානාපතිනිය මුණ ගැසීමට පෙර ජනාධිපතිවරයාගේ තීරණයට ගරු කොට පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුරුට අදාළ පහසුකම් සූදානම් කිරීමට එකඟ වී තිබිණි. නමුත් ඔහු තමාගේ එම තීන්දුව වෙනස් කොට ජනාධිපතිවරයාගේ තීන්දුව සම්පූර් ණයෙන්ම ප්‍රතික්ෂේප කොට ඊට එරෙහිව යමින් හිටපු අගමැතිවරයා තවදුරටත් අගමැති ලෙස පිළිගන්නා බව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව එතුමා සඳහන් කළ දේශපාලන අර් බුදය එතුමා විසින්ම ව්‍යවස්ථා අර් බුදයක් බවට පරිවර්තනය කොට ඇත.

ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමා තවදුරටත් අගමැති ලෙස ප්‍රකාශයට පත් කිරීම මඟින් දේශපාලන අර් බුදය ව්‍යවස්ථා අර් බුදයක් බවට පත් කිරීමට උත්සාහ කළේ ය. එහෙත් එය ව්‍යවර් ත වූයේ නව අගමැතිවරයා අග අගමැති කාර්යාලයට ගොස් නිල වශයෙන් වැඩ ආරම්භ කිරීම නිසාය. දැන් එය හිටපු රජයේ සේවකයෙක් තමාගේ නිල නිවාසය ආපසු භාර දීම පමා කිරීම වැනි පරිපාලන ප්‍රශ්නයක් පමණි. කෙසේ වෙතත් ධූරය අහිමි වූ අගමැතිවරයාට අදාළ නිවස වහාම භාරදෙන ලෙස බල කිරීම සහ ඔහුගේ ආරක්ෂාව විධිමත් සමාලෝචනයකින් තොරව ඉතා බරපතල ලෙස අඩු කිරීම මගින් නව ආණ්ඩුව තම සදාචාර බලයට හානියක් කරගත් බව පිළිගැනීමට සිදුවේ. නමුත් අගමැතිවරයා විසින් සියල්ලට පළමුව බටහිර තානාපතිවරුන් කැදවා ව්‍යවස්ථා විරෝධීව බලයේ සිටීම සදහා ඔවුන්ගේ සහාය ඉල්ලා සිටීම මගින් තම සදාචාර බලය බිංදුවට බස්සවා ගත්තේය. ඒ නිසා ධූරය අහිමි වූ අගමැතිවරයා විසින් හිතේ අමාරුව නිසා කරන කියන දේ මගින් ව්‍යවස්ථාව උල්ලංඝනයණය නොවේ. එතුමා විසින් පාර් ලිමේන්තුව නැවත කැඳවන ලෙස කතානායක වරයාගෙන් ඉල්ලා සිටීමේ ප්‍රශ්නයද ඒ ගණයට අයත් වේ.

එහෙත් එම ඉල්ලීම අනුව හෝ ස්වකීය තීන්දුවක් අනුව කතානායකවරයා විසින් පාර් ලිමේන්තුව කැඳ වූවානම් එය ව්‍යවස්ථා අර් බුදයක් දක්වා ගමන් කළ හැකි ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි. ඔහු එය කිරීමට අසමත් වීම නිසා හෝ එසේ නොකර සිටීමට තීරණය කිරීම නිසා පමණක් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමෙන් වැළකී සිටීමේ ගෞරවය ඔහුට ලැබෙන්නේ නැත. ඊට හේතුව ඔහු විසින් ජනාධිපතිවරයාගේ තීන්දුව නොසලකා කටයුතු කරන බව ප්‍රකාශ කිරීමය. කථාතානායකවරයෙකු විසින් එසේ ව්‍යවස්ථා විරෝධීව පවතින ආණ්ඩුව පෙරළා වෙනත් ආණ්ඩුවක් බලයට පත්කිරීමට උත්සාහ කිරීම බරපතල වරදකි. එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා එල්ල වීමට තරම් බරපතල බවට විවාදයක් නැත. ඊට අමතරව පාර් ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ද එය බරපතල වරදකි. වරප්‍රසාද පනත රැකීමට බැඳී සිටින්නා විසින් එය අමු අමුවේ කැඩීම පිළිබඳව උදාහරණ ශ්‍රී ලංකාවේ පාර් ලිමේන්තු ඉතිහාසයෙන් සොයාගත නොහැක.

කථානායකවරයාට අපේ රටේ නීතිපතිවරයාගේ හෝ ජේෂ්ඨ නීතිඥයන්ගේ උපදෙස් පිළිපැදීමට නොහැකිනම් අඩුම තරමින් බ්‍රිතාන්‍ය පාර් ලිමේන්තුවේ සාමි මන්ඩලයේ ජේෂ්ඨ සාමාජික නේස්බි සාමි වරයා විසින් ලබා දුන් උපදේශය පිළිගගැනීම මගින් අනාගතයේ එල්ලවිය හැකි චෝදනා වලින් ගැලවීමේ හැකියාව ඇත. නීතියෙන් දඬුවම් ලැබීම කෙසේ වෙතත් මෙම සමස්ත නාටකය තුළ එතුමාට හිමි වී ඇති භූමිකාව අනුව මහජන හදවත් තුළ සටහන් වන පින්තූරය එතුමාගේ දේශපාලන අනාගතයට යහපත් නොවනු ඇත. ජනාධිපතිවරයා විසින් තානාපති නිලධාරීන් කැඳවා කරනු ලැබූ ප්‍රකාශය මගින් ද හිටපු අගමැති වරයාට සහ කතානායකවරයාට අනාගතයට අදාළ පාඩමක් ඉගෙනගත හැක. බටහිර තානාපති නිලධාරීන් මහජනයාගේ හදගැස්ම හඳුනන්නේ නැති බවත් ඔවුන් සාමාන්‍ය මහජනයාගේ සිතිවිලි වටහාගෙන කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා විසින් පැවසූ බව වාර් තාවේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මහජනයා තමාට සුදුසු කුමක්දැයි හොඳින් දන්නා බවද ජනාධිපතිවරයා විසින් තානාපතිවරුන්ට පැවසූ බව වාර්තාවේ. ඒ මගින් අපේ වැඩ අපි බලාගන්නම් වැනි ප්‍රකාශයක් ගම්‍ය වේ. එහෙත් එවැනි පොදු ප්‍රකාශයක් මගින් පමණක් තානාපතිවරුන්ගේ අයුතු බලපෑම් වලට පිළිතුරු දීම හොඳ පූර් වාදර්ශයක් නොවේ. මීට පෙර ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ඩේවිඩ් ග්ලැඩ්සන් නම් වූ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වරයෙකුගේ මුණුබුරෙකු වූ බලවත් තානාපති නිලධාරියෙකු රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමේ වරදට පිළිගත නොහැකි පුද්ගලයකු ලෙස නම්කොට රටින් පිටුවහල් කළේය. වර් තමාන රජය එතරම් දුර යා යුතු නැත. එහෙත් ඉවසීම ප්‍රගුණ කිරීමෙන් හෝ ‘බටර් ගෑමෙන්’ පමණක් එවැනි ගැටලුවලට මුහුණ දිය නොහැකි බව පැහැදිලි ය. එක් වරදකට ඉවසීමෙන් ඉඩ දුන් විට එවැනි වැරදි ගුණාකාරයෙන් වැඩිවන බව ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රකට කරුණකි. එක එළුවකුගේ රැවුල කපන නිවට කරණවෑමියාට නිකට දිගු කිරීම සඳහා එළුවන් පෝලිම් ගැනෙන බව ප්‍රසිද්ධ කියමනකි.
බටහිරයන්ගේ කියමනකට අනුව බලු පොරයක ජය පරාජය තීරණය වන්නේ බල්ලාගේ තරම අනුව නොව පොරයේ තරම අනුවය. ඒ නිසා බල්ලන් ලොකු වුවද පොරය උසස් නම් ප්‍රතිඵලය ලැබෙනු ඇත. ඒ නිසා නව විදේශ ඇමතිවරයා දේශපාලන වේදිකාවල සිංහල භාෂාවෙන් තානාපති නිලධාරීන්ට ‘ආඩපාලි’ කීම නවත්වා අයුතු ප්‍රකාශ කළ තෝරාගත් එකෙක් දෙන්නෙක් තම කාර් යාලයට කැඳවා උන්ගේ භාෂාවෙන් ම තරවටු කළ යුතු බව හුතර ජනයාගේ මතය වේ. යම් තානාපතිවරුන්ට ශ්‍රී ලංකාවේ අරාබි වසන්තයක් කැදවීමේ උවමනාව තිබිය හැක. ඒ මඟින් තම න්‍යායපත්‍රය සහ එය ක්‍රියාත්මක කරන ආණ්ඩුව බේරා ගැනීමේ වුවමනාව ඉටුකරගත හැකි යැයි ඔවුන් සිතනවා නම් එය බරපතළ වැරදි තක්සේරුවකි.

එදා 2015දී එවැන්නකට ඉඩ තිබුණද අද එක්සත් ජාතික පාක්ෂිකයින් හෝ එවැනි උගුලකට තල්ලු කිරීමට ඉඩ නැත. ඊට අමතරව එදා එවැනි උගුලක් ඇටවීමට විභවය තිබූ එන්ජීඕ නඩයක් සිටියද අද ඔවුන් වියපත් අභිසාරිකාවන්ගේ තත්ත්වයට පත්වී ඇත. ඒ සැපයුම තිබුණත් ඉල්ලුම නැති නිසාය. නමුත් ආණ්ඩුවේ ඉවසීමේ සීමාව විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂණවාදයේ සීමාව වහා තීරණය කළ යුතුව ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉවසීමේ සීමාව පැන්න දිනවකවානු එතුමා ප්‍රසිද්ධියට පත් කළේය. එසේම එතුමා තමාගේ ඉවසීමේ සීමාව ඉතා ඉහළින් ක්‍රියාවෙන් පෙන් වීය. ඒ ගුණය තමාටත් නැති බව මහින්ද රාජපක්ෂ හතා ප්‍රසිද්ධියේ පිළි ගත්තේය. ඒ නිසා දැන්වත් අර් බුදයේ හිසෙන් අල්ලා ගතයුතු බවට පොදු ජනතාව ඉල්ලා සිටිති.

මහින්ද රාජපක් අගමැතිවරයා අගමැති වීමෙන් පසුව තවමත් ‍ප්‍රහාරක ප්‍රවේශයට මාරු වී නැති බව එතුමා වුවද පිළිගන්නවා ඇත. අඩුම තරමින් ආණ්ඩුවේ පැත්තෙන් සිදුවූ දේ කුමක් දැයි තර්කානුකූලව පෙළගස්වා නැත. තානාපතිවරුන් උස් හඬින් කථා කරන්නේ ද ඒ නිසා බව පිළිගැනීමට සිදුවේ. පළමුවෙන්ම පැනනැගී ඇත්තේ ව්‍යවස්ථා අර් බුදයක් හෝ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නොව දේශපාලන අර් බුදයක් බව පැහැදිලි කළ යුතුය. නීති විශාරදයෝ ව්‍යවස්ථාවේ වගන්ති දක්වමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම්ක් ගැන සහ මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ගැන කියති. එහෙත් එවැන්නක් සිදුවූයේ ද? එහිදී සිදුවූයේ ව්‍යවස්ථාවට අනුව සහ පාර් ලිමේන්තුවේ යෝජනාවකට අනුව පිහිටවූ ජාතික ආණ්ඩුවෙන් එක් පාර්ශවයක් ඉවත්වීම නිසා එම ආණ්ඩුව බිඳ වැටීම නොවේද? එය දේශපාලන අර් බුදයක් මිස ව්‍යවස්ථා අර් බුදයක් නොවේ.

එසේ දේශපාලන අර් බුදයක් ඇති කිරීම පිළිබඳව එම පක්ෂයේ නායකත්වයෙන් ප්‍රශ්න කළ හැක්කේ සාමාජිකයන්ට පමණි. ඔවුනට ඡන්දය දුන් මහජනයාට ඒ සදහා අයිතිය ඇතැයි තර් ක කළ හැකි වුවද පිටරට තානාපති වරුන්ට හෝ අනෙකුත් දේශපාලන පක්ෂවලට එම තීන්දුවට අභියෝග කළ නොහැක. එහිදී පළමුව සමාජයේ සාකච්ඡාවට ලක් විය යුත්තේ ජාතික ආණ්ඩුව බිඳ වැටීමට හේතුව වූ දේශපාලන කරුණු ය. ඒවා සාකච්ඡා කිරීම ඉතා වැදගත් වන්නේ නව ආණ්ඩුව විසින් පැරණි ආණ්ඩුවේ අර් බුදයට හේතු වූ දේශපාලන තීන්දු පිටුදැකිය යුතු බැවිනි. නමුත් එසේ ජාතික ආණ්ඩුව බිඳවැටීම සහ නව අගමැති පත් කිරීම එක විට සිදු වූ බැවින් සමස්ථ පින්තූරය විකෘති කිරීමට ඉඩක් ඉතිරි විය. ජාතික ආණ්ඩුවේ බිඳවැටීමට අදාල දේශපාලන පසුබිම හෙවත් ගැටුම සමාජයේ ඉහලට එසවීමට අවශ්‍ය ‘පෙර ක්‍රියා’ මහින්ද පාර්ශවය විසින් ඉටු කොට තිබුනේ නැත. ආණ්ඩුව බිඳවැටීමේ ඉම වෙත ළඟාවෙන බව හෝ නව ආණ්ඩුවක උවමනාව සමාජගත කිරීම සඳහා වැඩි ඉඩක් තිබුණේ මෛත්‍රී පාර්ශවයට නොව මහින්ද පාර්ශවයට ය. මහින්ද පාර් ශවයට වඩා ප්‍රවේශම සහ ඉවසීම අවශ්‍ය වූයේ මෛත්‍රී පාර්ශවයට ය. ඒ එම පාර්ශවය ආණ්ඩුවේ කොටස්කරුවකු වූ නිසාය. එනිසා මෙම අර් බුදය තුළින් පෙන්වන්නේ විපක්ෂයේ සිටියදී තිබූ ඉවසීමේ සීමාව කුමක්දැයි ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව හෝ සොයාගගත යුතු බව නොවේ ද? දැන් ආන්ඩුව විසින් එම සීමාව නිවරදිව සලකුණු කරන්නේ නම් දැන් කළ යුත්තේ වහාම පාර් ලිමේන්තු මැතිවරණයක් කැදවා අර් බුදයවිසදීමේ වගකීම මහජනයාට පැවරීමය. පාර් ලිමේන්තුවේ 225 දෙනෙකුට පමණක් අර් බුදය විසදිය නොහැකි බව දැන් ඉතා හොදින් පැහැදිලි වී ඇත.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More