පුරවැසි කොලම

බැඳුම්කර වංචාව ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකේ. එම වංචාවට මුල් වූ පිරිස් ඒ මගින් සෘජුව ලබාගත් ලාභය උපරිම වශයෙන් රුපියල් මිලියන 25,000ක් බව සැලකේ. එම ලාභයෙන් ගිණුම්වල රඳවා තබාගෙන සිටි රුපියල් මිලියන 11,000ක මුදලක් මහබැංකුව විසින් අත්හිටුවා ඇත. එම ලාභයෙන් අතිබහුතරය මුදල් වංචාවට ඍජුව දායක වූ සහ බාහිරින් උදව් කළ පිරිස් අතර බෙදා ගත් බව පිළිගත හැක. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර බෙදී ඇති මුදල් පිළිබඳ පැහැදිලි සාක්ෂි හෙළිදරව් විය.

2015 පෙබරවාරි සහ 2016 මාර්තු වශයෙන් අවස්ථා දෙකදී බැඳුම්කර නිකුත්කිරීම මගින් වංචාකාරී ලෙස උපයා ගත් බවට සැලකෙන මුදල් ප‍්‍රමාණය සැබෑ ලෙසම රජයට අහිමි කළ මුදල කි. එනම් රජය විසින් වැ ඩි පොලියක් ගෙවිය යුතු වන ආකාරයට රජයේ බැඳුම්කර මිලදීගෙන එ්වා රජයේම ආයතන වලට නැවත විකුණා එම අධික ලාභය සහ ආයෝජනය කල මුදල නැවත ලබාගෙන ඇත. එ් සඳහා ගත වන්නේ දින හතරක් හෝ පහකි. එය හුදු කොළ කැබලි අත්සන් කිරීමෙන් පමණක් උපයන ලද ලාභයකි. බොහෝවිට එසේ බැඳුම්කර මිලදී ගැනීම සඳහා යොදවන ප‍්‍රාග්ධනය ද ඔවුන් විසින් රජයේ බැංකුවලින් ම අඩු මිලට ලබා ගනිති. එම ක‍්‍රියාවලිය තුළ වට තුනකින් ලාභ ඉපයීම සිදු වේ. එ් අනුව එම වංචාවේ අවසන් ඵලය ලබා ගැණීම සඳහා බොහෝ පුද්ගලයින් සහ යාන්ත‍්‍රණ ඉතා සූක්ෂමව සම්බන්ධීකරණය කිරීමට සිදුවේ. එය ඉතා සියුම් සහ බරපතළ මෙහෙයුමකි. එසේම එදා තිබූ නීතිය යටතේ පවතින සිදුරුවලින් රිංගා යාම ද පහසු නැත. අද එම වංචාවට වගකිව යුතු මැද මට්ටමේ ක‍්‍රියාකාරිකයින් දෙපලක් හිරගත වන්නේ එ් නිසාය. එනම් ඔවුන්ට කෙසේවත් බේරීමට නොහැකි නිසාය. නවලිබරල් ආර්ථික මූලධර්ම අනුව වංචා, ¥ෂණ සහ අල්ලස් යනු එම ආර්ථිකය දුවවන රෝද, ඉන්ධන, සහ ලිහිසිතෙල් ලෙස සැලකිය හැක. එ්වා නොමැති නම් ආර්ථිකය දුවන්නේ මන්දගාමීවය. එවිට වර්ධනවේගය ළඟාකරගත නොහැක. එසේම එම අත්‍යවශ්‍ය ¥ෂිත ආර්ථික සාධක ත‍්‍රිත්වය බාධාවකින් තොරව ක‍්‍රියාත්මක නොවන්නේ නම් අවසන් ඵලදායිතාවය ද පහත වැටේ. එම නිසා ආර්ථිකයේ ගමනට නීතිය හෝ පොලිසිය බාධාවක් නොවන බව සහතික කරගැනීම යනු නව ලිබරල් ආර්ථික ගමන පූර්ව කොන්දේසියකි.

එම පූර්ව කොන්දේසිය ඉටුකරගැනීම සඳහා බොහෝ ප‍්‍රතිපත්තිමය තීන්දු සහ නීතිමය රාමු ලෝකය පුරා අත්හදා බලා ඇත. ඊට අදාළ වැදගත් සහ දියුණු උදාහරණ රාශියක් ශ්‍රී ලංකාවෙන්ම සොයාගත හැක. එ් අතරින් ප‍්‍රධාන එ්වා 4ක් හඳුනාගත් හැක. පළමුවැන්න ඉතා සුවිශේෂීී වේ. එය බැඳුම්කර වංචා ක‍්‍රියාවලිය නීතිගත කිරීමට අදාළ වේ. එනම් වංචාවක් නීතියෙන් වංචාවක් නොවන ලෙස කිරීම හෙවත් සිරගත නොවන ලෙස හොරකම් කිරීමයි. එ් සඳහා යොදා ගගන්නා උපාංගය බැඳුම්කර නිකුත් කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වාදීමය. බැඳුම්කර වංචාව හෙලිදරව්වීමෙන් පසුව හදිසියේ සම්මත කළ එම පනතේ නාමයෙහි බැඳුම්කර යන වචනයවත් යොදා නැත. එය හැඳින්වෙන්නේ සක‍්‍රීය බැරකම් කළමනාකරණ පනත යනුවෙනි. එම නව පනත අනුව රටේ සමස්ත ණය තොගයෙන් 10%ක් දක්වා බැඳුම්කර නිකුත් කිරීමට අවස්ථාව ලැබේ. එ් අනුව අද පවතින තත්ත්වය යටතේ රුපියල් බිලියන 1000 දක්වා බැඳුම්කර නිකුත් කිරීමට බලය ලැබේ. එම ප‍්‍රමාණය බැඳුම්කර වංචාව සිදු කිරීම සඳහා සැලසුම් සහගතව නිකුත් කළ බැඳුම්කර ප‍්‍රමාණය මෙන් දස ගුණයකට වැඩි ප‍්‍රමාණයකි. එ් අනුව නව පනත යටතේ ලැබෙන බලය අනුව බැඳුම්කර උපරිම ප‍්‍රමාණයට නිකුත් කළහොත් බැඳුම්කර වංචාවේ දී වංචා කරුවන් විසින් උපයාගත් ලාභය මෙන් දස ගුණයක ලාභයක් වංචා සහගතව ඉපයිය හැක. නමුත් එම ක‍්‍රියාව නීතිය හමුවේ තවදදුරටත් වංචාවක් නොවේ. එම නිසා එම පනත හැදිනවිය යුත්තේ බැදුම්කර මගඩි නීතිගත කිරීමේ පනත ලෙසය.

එසේ නව පනත යටතේ බැඳුම්කර නිකුත් කිරීමේදී මහබැංකුවේ බල අධිකාරිය මහ බැංකුව අයත්වන අමාත්‍යවරයා හෙවත් අගමැතිවරයාගේ බලයට යටත් කෙරේ. අගමැතිවරයා විසින් අනුමත කරන සැලසුම්් අනුව මහ බැංකුව කටයුතු කළ යුතුය. මුදල් අමාත්‍යවරයාගේ වගකීම් වන්නේ මහ බැංකුව අයත් ඇමතිවරයා තීරණය කරන බැඳුම්කර ප‍්‍රමාණය නිකුත් කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ නාමික අනුමැතිය ලබා ගැනීම පමණි. එ් අනුව පැරණි පනතේ කුඩා සිදුරු වලින් රිංගා යාමට වඩා පහසුවෙන් නව පනතේ විශාල සිදුරුවලින් රිංගා යාමට හැකි බව පැහැදිලි වේ. නව ලිබරල් ආර්ථිකයට මාර්ග බාධක දැමීමට රටේ නීති පද්ධතියට තිබෙන ඉඩ නැති කළ හැක්කේ එම නීති පද්ධතිය වෙනස් කිරීමෙන් පමණි. දැන් එම න්‍යාය ඉතා සාර්ථකව අත්හදා බලමින් ඇත. එ් අනුව මින් මතු බැඳුම්කර වංචා සිදු කරන කිසිවෙක් සිරගත වන්නේ නැත.

නව ලිබරලිබරල් ආර්ථිකය තුළ සොරකම නීතිගත කෙරෙන ආකාරය පැහැදිලි කිරීම සඳහා යොදා ගත හැකි දෙවන උදාහරණය මහා සමාගම්වලට බදු සහන ලබා දී එ් මගින් රටේ බදු ආදායම සොරකම් කිරීමය. පවතින නීතිය තුළ වැට් බදු වංචා කළහොත් සිරගතවීමට සිදු වේ. නමුත් යම් සමාගමක් විසින් මහා පරිමාණයෙන් ආනයනය කරන භාණ්ඩයකට බදු සහන ලබාදීම නිීත්‍යානුකූල ප‍්‍රතිපත්තිමය තීන්දුවකි. උදාහරණයක් ලෙස 2015 සිට දෙවතාවක් පාන් පිටි සඳහා රුපියල් 10 බැගින් සහනාධාර ලබා දුනි. එ් අනුව 2016 වන විට රටට ආනයනය කරන සෑම පාන්පිටි කිලෝග‍්‍රෑම් එකකටම රුපියල් 20 ක සහනාධාරයක් ලැබේ. වෙනත් වචනවලින් කියනවා නම් එම සමාගම විසින් රජයට බදු ගෙවීම සඳහා ලියන චෙක්පත ආපසු ඔවුන්ට පරිත්‍යාග කෙරේ.

එම බදු සහන නිසා වෙළෙඳපල මිල අඩු වීමක් සිදු නොවූ අතර එහි වාසිය මහජනයාට ලැබුණේ නැත. දැන් සිදුවන්නේ එහි අනික් පැත්ත ය. එනම් සහනාධාර ලබා ගනිමින් මිල වැඩි කිරීම ය. පාන් පිටි සමාගම් එසේ තමාට ලැබෙන සහන භාවිත කොට පාන්පිටි ප‍්‍රචලිත කිරීම මගින් 2015 දී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 13 ක් වූ ජාතික පරිභෝජනය 2017 වන විට මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 17 දක්වා වැඩි කිරීමට සමත් විය. එ් අනුව දැන් එක් වර්ෂයක දී සමාගමට ලබාදෙන බදු සහනය මිලියන 34,000කි එම බදු මුදලින් එම බදු සහනය ලබා දීමට මුල් වූ අයට ලැබෙන කොමිස් මුදල අනුව එය වැට් බදු වංචාවට වඩා කෙතරම් ගුණයකින් වාසි සහගත ද යන්න තීරණය වේ. කෙසේ වෙතත් ප‍්‍රායෝගිකව වැට් බදු වංචා සෑම වසරකම සිදු කළ නොහැක. නමුත් සමාගම් වලට ප‍්‍රතිපත්තිමය බදු සහන ලබාදී ඒ මගින් කොමිස් ලබා ගැනීම සෑම වසරක් පාසාම ‘‘නීත්‍යානුකූලව’’ සිදු කළ හැක.

එම උදාහරණය කිරි ආනයනයට ද ආදේශ කළ හැක. 2015 නව විට ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 225 ක විශේෂ බද්දක් පනවා තිබුණි. එසේ බදු පනවන්නේ දේශීය කිරි ගොවියා සහ කිරි ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහාය. නමුත් 2016 අවසන් වනව විට 04 වතාවකදී බදු අඩු කිරීම මගින් එම බ ද්ද රුපියල් 2 දක්වා රුපියල් 223කින් අඩු කෙරිණි. එ් අනුව වසරක දී මෙටි‍්‍රක් ටොන් 80,000ක් කිරිපිටි ආනයනය කරන බැවින් රටට අහිමි වන බදු ආදායම සහ සමාගමට ලැබෙන අයුතු ලාභය රුපියල් මිලියන 18,000 එසේ පිටිකිරි සමාගම්වලට ලබාදෙන සහනාධාරය රටේම සමෘද්ධිලාභීන්ට ලබා දෙන සහනාධාරය ඉක්මවා යයි නමුත් රටේ කිරිපිටි මිල අඩු වී නැත. නමුත් කිරි පිටි බදු සහන වංචාව සෑම වසරකම අඛණ්ඩව සිදුවෙයි. කිරි පිටි බදු සහනය සහ පාන් පිටි සහනය එකතු කළ විට එය රුපියල් මිලියන 52,000කි. එම මුදල සමාගමට ලැබෙන ශුද්ධ ලාභයකි. පිනට ලැබෙන එම ලාභයෙන් 50 ක් ඊට උදවු කරන පිරිස් වලට ලැබෙන බවට උපකල්පනය කළහොත් එම මුදල දෙවතාවකදදී බැදුම්කර මගඩියෙන් උපයාගත් ලාබයට වඩා වැඩිවෙ. එසේම බැදුම්කර සෙල්ලම මෙන් නොව බදු සහන සෙල්ලම වසරක් පාසාම සිදු කළ හැක.

එසේම යම් පුද්ගලයෙක් හෝ රාජ්‍ය නිලධාරියෙක් තීරු බදු වංචා කළ හොත් ඔහුට හෝ ඇයට සිරගතව වීමට සිදුවේ. නමුත් භාණ්ඩ ආනයනය කරනු ලබන සමාගම් වලට වෙළඳ ගිවිසුමක් මගින් බදු සහන ලබාදුන් විට එය නීත්‍යානුකූල වේ. උදාහරණයක් ලෙස සිංගප්පූරු වෙළඳ ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන කිසිදු භාණ්ඩයකට බදු සහනයක් ලැබෙන්නේ නැත නමුත් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ වලට ලබා දී ඇති බදු සහන නිසා 2018 වසරේ දී රටට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 1,600කි. බදු සහන මත භාණ්ඩ ආනයනය කරන විට ආනයන පරිමාව වැඩිවන බැවින් සෑම වසරකම එම බදු සහනය වැඩිවේ. රටට අහිමි වන බදු ආදායම භාණ්ඩ ආනයනය කරන සමාගම්වල ලාභය බවට පත්වෙයි. එ් ලාභයෙන් යම් ප‍්‍රමාණයක් එසේ බදු සහන යෝජනා කරන පිරිස්් වලට ලැබෙන බවට සැකයක් නැත. සැකයක් ඇත්නම් එ් ප‍්‍රතිශතය කුමක්ද යන්න පිළිබඳව පමණි. එම බදු සෙල්ලමෙන් මහජනයාට හෙවත් පාරිභෝගිකයාට සහන්යක් නොලැබෙන බව ද ප‍්‍රායෝගික සත්‍යයකි.

මෙම බදු සහන කර්මාන්තය සහ සාමාන්‍යයෙන් සිදුවන රාජ්‍ය ආයෝජන වලින් කොමිස් ලබා ගැනීම අතර බරපතල වෙනසක් ඇත. සංවර්ධන ව්‍යාපෘතියකින් කොමිස් ලැබෙන්නේ එම ව්‍යාපෘතියට අදාලව පමණක් වන අතර එය සම්පූර්ණයෙන්ම ලබාගැනීම සඳහා ව්‍යාපෘතිය අවසන් වන තෙක් බලා සිටීමට ද සිදු වේ නමුත් බදු සහන කර්මාන්තය වසරක් පාසා වර්ධනය වන අතර මගින් නව-ලිබරල් ආර්ථිකයේ ඉදිරි ගමනට තල්ලූවක් ලැබේ. එසේ වුවත් ප‍්‍රායෝගිකව මෙම බදු සහන හරහා උපයා ගන්නා අතිරික්ත ලාභය ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ නැවත ආයෝජනය කරන්නේ නැත. ඔවුන් එම මුදල් වැය කෙරන්නේ බොහෝවිට වෙනත් රටවලදී පරිභෝජනය හෝ ආයෝජනය කිරීමට ය එ් නිසා එම බදු සහන කර්මාන්තයෙන් නව ලිබරල්වාදීන් විශ්වාස කරන ආකාරයට සැබෑ ලෙසම රටේ ආර්ථිකයට දීර්ඝකාලීන ජවයක් ලැබෙන්නේ නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මැතිවරණ කොමිසම අවුල් කිරීමේ එජාප අන්තිම තුරුම්පුවට සැරසේ

මැතිවරණ කොමිසන් සභාව සාමාජිකයන් තිදෙනෙකකුගෙන් සමන්විත වන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් එහි නියෝජිතයන් පත් කරනු ලබයි. මෙකි තත්වය තුළ ය...


Read More

රනිල් – සජිත් ගල උඩ සටන ඇරඹෙයි..

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ...


Read More

අධිකරණයට යාමේ අවශ්‍යතාවයක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය තියනවා.. මැ.කො.

ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගි...


Read More