පසුගිය මහින්ද රාජපක්ෂ රජයෙන් ආරම්භ කොට ඉන් පසුව යහපාලන රජය සමයේදී බරපතල අර්බුදයක් බවට පත් වූ පිටරටින් හරක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියට නැවත පණ දීමට වර්තමාන රජයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.
කිරි නිෂ්පාදනය සඳහා පිට රටින් දෙනුන් ගෙන ඒම ආර්ථික වශයෙන් සහ සත්ව සෞඛ්‍ය පැත්තෙන් විනාශකාරී තීන්දුවක් බවට පශු වෛද්‍යවරුන් ඇතුළු බොහෝ පාර්ශව වලින් චෝදනා එල්ල විය.
ඉන්පසුව වර්තමාන රජය බලයට පත් වීමෙන් පසුව පිටරටින් සතුන් ආනයනය කරන්නේ අභිජනන ව්‍යාපෘතියක් සඳහා පමණක් බවට ප්‍රකාශ වුවද දැන් නැවත ව්‍යාපෘතිය ආරම්භකොට දෙනුන් 22,000 ක් තරම් විශාල ප්‍රමාණයක් කිරි නිෂ්පාදනය සඳහා ආනයනය කිරීම කාගේ බලපෑමක් මත සිදු වූවාදැයි පශු වෛද්‍යවරු ප්‍රශ්ණ කරති.
එම තීන්දුව ගැනිමට පෙර පසුගිය කටයුතු වලදී සිදු වූ දූෂණ වංචා සහ තාක්ෂණික වැරදි පිළිබඳව අධ්‍යනය කොට වාර්තාවක් ලබා ගැනීමෙන් තොරව නැවත සතුන් ආනයනය කිරීම ප්‍රඥා ගෝචර ක්‍රියාවක් නොවන බව විද්වත්හු පවසති.
සබැදි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...