විදේශ පුවත්

ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

බොරතෙල් ටොන් 4,000ක් පමණ රැගත් මෙම නෞකාව පසුගිය ජුලි මස 25 වෙනිදා මොරිෂස් දුපත ආසන්නයේදී අනතුරට ලක්වුවා.

MV Wakashio යනුවෙන් නම් කර ඇති මෙම නෞකාව කොරල්පරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඒ හේතුවෙන් නෞකාව දෙකඩ වීමේ අවධානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෝසම් කාලගුණ තත්ත්වයේ වර්ධනයත් සමග ඉදිරියේදී නෞකාවේ පවතින අනෙක් ඉන්ධනද සාගරයට මුසුවීමේ අවධානමක් පවතින බවයි මොරිෂස් රාජ්‍යයේ අගමැතිවරයා සඳහන් කළේ. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දීය සාගර කළාපයට එය දැඩි තර්ජනයක් වනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

මේ අතර කාන්දු වූ ඉන්ධන හේතුවෙන් මොරිෂස් දුපත් සමුහය ආසන්නයේ පිහිටා ඇති වෙරළ තිරයට සහ කොරල්පර ඇතුළු සමුද්‍ර ජීවීන්ට දැඩි හානියක් ගෙන දෙමින් සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මෙම මහ විනාශයෙන් පරිසර පද්ධතිය සහ මොරිෂස් දුපත් වෙරළ තීරය බේරා ගැනීම සඳහා දහසකට අධික සහන සේවකයින් සාගරයට මුසුවූ බොරතෙල් ඉවත් කිරිමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර ප්‍රංශය ද සිය සහන කණ්ඩායම් ඒ සඳහා එක් කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More