දේශීය පුවත්

විදේශ රටවලින් කිරිහරක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ අදියරක් යටතේ විදේශ රටකින් ලබාගත් රුපියල් කෝටි 131 මුදලක් පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද (29) දඹුල්ලේ දී පැවසීය.

සමස්ත ලංකා කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය සහ විදේශ රටවලින් ගෙනා කිරි ගවයන් මිලදී ගත් ගොවීන් එක්ව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

2017 වසරේ විදේශ සේවා සම්පත් දෙපාර්තමේන්තුව මඟින් කිරි හරක් ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ නමුත් මුදල් වෙන් වී නොමැති බව එම ආයතනයෙන් ලිඛිතව දැනුම් දී තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. එම ලිපිය පසුගිය වසරේ මැයි මාසයේ 09 වන දින ලබාදී තිබෙන බවත් එහෙත් මැයි මස 08 වන දින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත්වීම මත රුපියල් කෝටි 131 මුදලක් වෙලාඩ් නමැති පෞද්ගලික ආයතනයකට කිරිහරක් ගෙන්වීම සඳහා ලබාදී තිබෙන බවත් එම මුදලට මෙතෙක් කිසිදු ගවයෙක් ගෙන්වා නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කිරි ගොවියකු වූ කේ. ජී. කේ . ඩබ්ලිව්. සේනානායක මහතා කියා සිටියේ මේ වන විට තම ගොවිපලේ කිරි ගවයන් විශාල වශයෙන් මිය යන බවත් අවශ්‍ය කිරි ප්‍රමාණය නොමැතිවීම නිසා සිය ආර්ථික තත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන බවත්ය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙදෙනෙකු කිරි ගවයන් මිලදී ගත් බවත් එම අයට පෞද්ගලික කිරිහරක් ගැන්වූ ආයතනය මගින් මුදල් වියදම් කර එම ගොවිපලවල් පවත්වාගෙන යෑමට අවශ්‍ය විශාල මුදලක් වියදම් කරමින් සිටින බවත් ගුණතිලක බණ්ඩාර නම් කිරි ගොවි ව්‍යාපාරිකයා කියා සිටියේ ය.

මීට අමතරව සිගිරිය ගෙඩිගස්වාලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකුගේ ගොවිපලක තැන තැන මැරී සිටින කිරි දෙනුන් වළ දමන ආකාරය දැකගත හැකිවිය. එම භූමියේ කිරි ගවයින් 70කට වැඩි ප්‍රමාණයක් වළදැමූ සුසාන භූමියද ගොවීහු පෙන්වූහ.

ලංකාදීප



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More