දේශීය පුවත්

ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා මෙරට කිරි ගොවීන්ට බෙදා දීමේ රජයේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමේ මුල් පිටපත අද (04දා) උදේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ (03දා) කොමිසම හමුවේ පෙනී සිටි පී. හැරිසන් මහතා ඇමැති ධුරය දරන ග‍්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධර්මසිරි ආරියපාල මහතාට නියෝග කළේය.

ඊයේ අදාළ ගිවිසුම කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසම විසින් දන්වා තිබුණත් අතිරේක ලේකම් ධර්මසිරි ආරියපාල කොමිසමට ඉදිරිපත් කළේ අමාත්‍යංශ ලේකම්වරයා සහතික කළ ඡුායා පිටපතක් නිසා ඒ ගැන සාක්ෂිකරුට අවවාද කළ කොමිසම එහි මුල් පිටපත රැගෙන අද උදේ 9.30 ට යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

සාක්ෂිකරු සඳහන් කළේ ගිවිසුම බැසිල් රාජපක්ෂ මහතා ඇමැතිවරයා ලෙස සිටි පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් අත්සන් කළ එකක් බවයි. ඒ අනුව එම ගිවිසුම එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ඔස්ටේ‍්‍රලියාවේ වෙලාර්ඞ් ග‍්‍රාමීය අපනයන සමාගම සමග වර්ෂ 2014 දී අත්සන් කළ එකක් බවද කොමිසමේදී අනාවරණය විය.

රජය දියත් කළ ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා බෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ලද දෙනුන් ගිවිසුම්ගත තත්ත්වයට වඩා පටහැනි නිසා ගොවිපොළ හිමියන්ට විශාල පාඩු වි`දින්නට සිදුව ඇති නිසා ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව මස්කෙළිය ලැමමෝර් සත්ත්ව ගොවිපොළේ සභාපති අමල් සූරියගේ මහතා මීට පෙර රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඉල්ලා සිටියේය.

තමා මේ යටතේ රජයෙන් ලබාගත් ඔස්ටේ‍්‍රලියාවෙන් ගෙන්වූ ගවයන් 200 න් නව දෙනෙක් 2018 මැයි 22 වන විට මියගිය බවත් තවත් දෙනුන් 21 දෙනකුගේ වසු පැටවුන් උපත ලබද්දීම මියගොස් සිටීම සහ ගබ්සා වීම් සිදුව තිබූ බවත් ඔහු ඊයේ කොමිසමට හෙළි කළේය. මෙම දෙනුන් හ`දුනා නොගත් රෝගවලින් පෙළුණු බවද ඔවුන් බිහිකළ වසු පැටවුන්ගේ මරණ අනුපාතය ඉතාම ඉහළ අගයක් ගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.

රජය මේ දෙනුන් ලබා දීමේදී ඇති කරගත් ගිවිසුමට අනුව එක දිනකට කිරි ලීටර් 20 ක් ගත හැකි බව ප‍්‍රකාශ කළද මේ ආනයනික දෙනුන්ගෙන් දිනකට කිරි ලීටර් අටක්වත් ගත නොහැකි බවද ඒ මහතා කීවේය. මෙම එක ගවයකු වෙනුවෙන් ගොවිපොළ හිමියන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වැය කර ඇති බවද මේ සම්බන්ධයෙන් තමා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාට 2018.05.24 දා ලිඛිතව පැමිණිලි කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.

2015 ජනවාරි 15 දින සිට 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක‍්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප‍්‍රධාන කාර්යයයි.

විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම ඊයේ උදේ 10.00 ට පමණ රැස් විය.

මෙම කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More