ප‍්‍රධාන පුවත්

රජයේ සහන ණය ක්‍රියාවලිය යටතේ විදේශ රටවලින් ගෙනා කිරි ගවයන් මිලදී ගත් ගොවීහු එම කිරි ගවයන්ගෙන් ආදායම නොමැති නිසා දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා බව පවසමින් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් විසිදාහක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණ කිරි ගොවීන් වෙත රජය විසින් ලබා දී තිබිණි.

එසේ ගෙන්වන ලද කිරි ගවයන් මිලදීගෙන කිරි ගොවි පාලනය සිදුකරමින් සිටින ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මේ වන විට එම කිරි ගවයන්ගෙන් අපේක්‍ෂිත කිරි ප්‍රමාණයක් නොමැතිව අති විශාල මුදල් කන්දරාවක් වියදම් කරමින් මේ වන විට කිරි ගොවි ව්‍යාපාරිකයන් සිය දිවි හානිකර ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවය.

කිරි ගොවීන් කියා සිටියේ මේ වන විට තම වතුපිටි, යාන වාහන සියල්ල විකුණා ණය කරුවන් බවට පත්ව ඇති බවත් බැංකුවලින් තම දේපළ පවරා ගැනීම සහ වෙන්දේසි කිරීමේ තැනට පත්ව තිබෙන බවය. දිනකට එක් ගොවිපොළකින් රුපියල් ලක්‍ෂයකට වඩා විශාල පාඩුවක් සිදුවෙමින් අති විශාල ණය කන්දක තමන් සිරව සිටින බව ද ඔවුහු පවසති.

රජය මැදිහත්ව පෞද්ගලික ආයතනයකට මුදල් ලබාගෙන මෙම කිරි හරක් තමන් වෙත ලබාදුන් බවත් මෙම එක් ගවයකුගේ වටිනාකම රුපියල් ලක්‍ෂ 5ක් බව ගොවීහු පෙන්වා දෙති. එයින් රුපියල් ලක්‍ෂ දෙකහමාරක් රජයේ මුදලින් සහ ලක්‍ෂ දෙකහමාරක් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් මුදල්වලින් රජයේ බැංකු ණය මුදල් ලබාගෙන මෙම ගවයන් මිලදී ගත් බව ද ඔවුහු පවසති.

මේ වන විට විශාල අනතුරකට පත්ව කිරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් මෙම කිරි ගවයන් ආනයනය කිරීමේදී බරපතළ මූල්‍ය වංචා රැසක් සිදුව ඇති බව 2018 මැයි මාසයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා විසින් පෙන්වා දී තිබීම විශේෂත්වයකි.

මෙම කිරි ගවයන් බොහෝමයක් ගැබ් නොගැනීම සහ ඔවුන්ගෙන් නියමිත පරිදි කිරි නිෂ්පාදනයක් නොමැතිවීම, එමෙන්ම විවිධ ලෙඩ රෝගවලට ලක්වූ සතුන් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවද විගණකාධිපති වාර්තාවේ සඳහන් කොට ඇත.

මෙම කිරි ගවයන් ආනයනය කිරීමේදී අති විශාල රාජ්‍ය මුදල් අවභාවිත වී ඇති බවත් එමෙන්ම කිරි ගවයන් විසිදාහක් ආනයනය යටතේ 2017 වසරේ දෙසැම්බර් 27 දින ගෙන්වා තිබූ කිරි ගවයන් පිළිබඳව සත්ත්ව නිරෝධායන නිලධාරි සහ පශු වෛද්‍ය පර්යේෂණ අධ්‍යක්‍ෂ විසින් නිරෝධායන වාර්තා අනුව එම සතුන් රෝගී කාරක දේශීය ගවයන් වෙත මනුෂ්‍යයන් වෙත ද බෝවීමේ අවදානමක් ඇති බව සත්ත්ව නිරෝධායන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත 2018 පෙබරවාරි 28 දින ලිඛිතව දැනුම් දී තිබෙන බව ද සඳහන් කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More