දේශීය පුවත්

කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් කළ යෝජනාව රජය විසින් පිළිගැනීම සති තුනකින් ප්‍රමාද වූයේ එක්තරා මහාචාර්යවරුන් දෙදෙනෙකු රජයට ලබාදුන් වැරදි තොරතුරක් නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති සජීවී රූපවාහිනී සංවාදයකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි කිව්වා මෙය හැඟවෙන රෝගයක්, පරීක්ෂණවලටත් අමාරුයි, පැතිරීමත් වැඩියි, එහෙනම් කරන්න තියෙන වැඩේ මොකද්ද ? අපි හැකි වේගයෙන් පරීක්ෂණ කරමු කියලා මාර්තු 30 වෙනිදා කිව්වා. ‘සමහර විද්වත්තු’ පිරිසක් ගිහින් කිව්වා මේ රෝග ලක්ෂණ නැති අයගෙන් රෝගය පැතිරෙන්නෙ නෑ කියලා ! වෛරස් පිළිබඳ ඉගෙන ගත්තු විශේෂඥයෙක් නෙවෙයි. ඒක නිසා අපි පැත්තකට වෙලා කිව්වා ඇත්තටම ඒ දන්න අයට කියන්නය කියලා. එක්තරා මහාචාර්යවරු දෙපළක් මේකෙදි කිව්වා චීන මහාචාර්යවරු කිව්වා කියලා ඒ අයගෙන රෝගය පැතිරීම අවමයි, සිද්ධ වෙන්නෙ නෑ කියලා. දැන් ඒක තමා මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නෙ. ඒකනිසා අපි විශේෂයෙන්ම වසංගත රෝග ඒකකය සහ මේ සඳහා ක්‍රියාකරන පිරිස් මේ වැරදි තොරතුර බරපතළ විදියට බලපෑවා. ඒක අපි පැහැදිලිවම ලියලා ඇරියා ජනාධිපතිතුමාට. ඒක අපි අවදානම කිව්වා 30 වෙනිදා වෙද්දිම. එතන ඉඳලා ඒක පිළිගන්න අප්‍රේල් 19 වෙනිදා වෙනකල් දවස් 21ක කාලයක් ගතවුණා”

පෙර සබැඳි පුවත් –

වසංගත පාලන පාඩම් වලින් ඉගෙන ගැනීමට නිහතමානී වුවහොත් ඊළඟ වසංගතයට හොඳින් මුහුණ දිය හැකියි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

 

වසංගත පාලන උපාය මාර්ගය පීලි පැන්නවීම සඳහා රාජිතගේ ගෝලයින් සිදුකළ කකුලින් ඇදීම ජනපතිගේ වරදක් ලෙස හුවා දැක්වීමට එන්.ජී.ඕ කුමන්ත්‍රණයක් – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

 

රාජිතගේ ” බබාලා ” වසංගත පාලන වැඩ අවුල් කරනවාද? – වෛද්‍යවරු ප්‍රශ්න කරති

 

කොරෝනා මර්දනයට අකුල් හෙළන ‘සෙට් එක’ හෙළි කරනවා… මෙම විනාශකාරී පිරිස නිසා රට සති තුනක් පසුපසින්…

 

මෙදා PCR 6,000ක් කරන්න ඕන කියන අය එදා 3,000ක් කළානම් අද තත්වය වෙනස් – ලංකා ලීඩ් නිව්ස් පර්යේෂණ ඒකකය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More