දේශීය පුවත්

පසුගිය දින වල හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍යංශයේ වර්තමාන කාන්තා ඉහළ නිලධාරිනියකට සහතිකයක් දෙමින් කළ ප්‍රකාහය පිළිබඳව නම සඳහන් කිරීමට අකමැති උසස් වෛද්‍ය නිලධාරියෙකු ලංකා ලීඩ් වෙත අදහස් පළ කරනු ලැබීය. මේ ඔහුගේ වචන,

” මගේ නම දාන්න එපා. ඔය කියන ” බබා ” තමා වසංගත රෝග අංශයේ කකුලෙන් අදින්නේ. සමහර වැඩ අවුල් කරන්නේ. එයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙන්න බලාගෙන ඉන්න නිසා වර්තමාන අධ්‍යක්ෂක අසාර්ථක වේවා කියලා තමා ප්‍රාර්ථනා කරන්නේ. තවත් රාජිතගේ බබෙක් ඉන්නවා. එය අන්තදූෂිත අයෙක්. එයත් ඉන්නේ ලොකුම පුටුවට යන්න ලොක්කගේ කකුලෙන් අදින්න. හැබැයි එයාට වගකිමක් දුන්න පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධීකරනයට එයා අභයාරාමය හරහා වර්තමාන ඇමතිටත් කොහොමහරි කිට්ටු වුණා. මේ අය කැප වෙලා වැඩ කරන මිනිසුන්ට වැඩ හරියට කරන්න දෙන්නේ නැහැ. පරීක්ෂණ වැඩි කරන වැඩේ පරක්කු වුණේ ඒ නිසා. “

මෙම බබාලා සමඟ රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයටද කොන්තරයක් තිබෙන බව දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More