දේශීය පුවත්

වසංගත රෝග අංශයේ විද්වතුන් සෞඛ්‍ය අමාත්‍යවරියට නිර්දේශකොයට ඇත්තේ තත්වය නරක අතට හැරුනොත් දිනකට PCR  6,000ක් කළ යුතු බවය.

නමුත් එම විද්වතුන් මීට දින 30 කට පෙර දිනකට 1000 ක් කිරීමට එකඟ වූවා නම් තත්වය ඉතා පහසුවෙන් මීට වඩඩා පාලනයකට යටත්කළ හැකිව තිබූ බව පිළිගැනීමට සිදුවේ.

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් මාර්තු මස අඟ සිට PCR  පරීක්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු බවට ඉදිරිපත් කරනු ලැබුවේ වසංගත පාලන මූලධර්මය අනුව තාක්ෂණික ප්‍රවේශයක් ලෙසය.

ඒ අනුව ආයතනගත නිරෝධායනයට ලක්වන පිරිස් දෙවරක් PCR  පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව නිදහස් කළ යුතු බවට සහ ස්වයං නිරෝධායනයට ලක්වන පළමු පෙළ ස්පර්ශකයින් සියළු දෙනා සතියක් තුල පරීක්ෂණ වලට භාජනය කල යුතු බවට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපල ධනාත්මක නම් දෙවන පෙළ ස්පර්ශකයින් පරීක්ෂා කළ යුතු බවට ඉදිරිපත් වූ මතය සෞඛ්‍ය නිලධාරීන් විසින් පිළිගනු ලැබුවේ සති 03 කට වැඩි කාලයක් විවිධ නිදහසට කාරණා ඉදිරිපත් කරමින් කල් ගැනීමෙන් පසුවය.

සබැඳි පෙර පුවත් –

වහාම ආරක්ෂාකාරී ප්‍රවේශයෙන් ප්‍රහාරාත්මක ප්‍රවේශයට යා යුතුය. දිනකට ස්ක්‍රීන් පරීක්ෂණ 5000 – 10,000 කිරීමට සිදුවනු ඇත – ජාතික සංවිධාන විද්වත් කමිටුවකින් ජනපතිට පස්වැදැරුම් උපාය මාර්ගයක් යෝජනා කරයි

 

කොරෝනා පාලන උපාය මාර්ගය දැන්වත් වෙනස් කළ යුත්තේ ඇයි

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More