දේශීය පුවත්

‘කෝවිඞ් 19’ වෛරසය එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළට අකුල් හෙලන්න පිරිසක් සිටින බවත් ඔවුන් කවුරුන්ද යන්න තරාතිරම නොබලා රටට හෙළි කිරීමට තම සංගමය තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා පවසයි.

විස්තරාත්මක හෙළිදරව්වක් එහිදී සිදු කිරීමට කටයුතු කරන බව ද අලූ‍ත්ගේ මහතා සඳහන් කළේය.

මෙම විනාශකාරී පිරිස ඒ නිසා රට සති තුනක් පසුපසින් සිටින බවත් එය රට නැවත විවෘත කර ජන ජීවිතය යථාවත් කිරීමට දැඩි බාධාවක් වී ඇති බවටත් හෙතෙම චෝදනා කළේය.

රජයේ වැඩපිළිවෙලට අකුල් හෙළන අය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නම් ගම් සහිතව දන්වා ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවත් හරිත අලූ‍ත්ගේ මහතා කීවේය.

ආසාදිතයන් හඳුනා ගැනීමට සිදුකළ හැකි පරීක්ෂණයන් හි ධාරිතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන පරස්පර විරෝධී ප‍්‍රකාශ පිළිබඳව අදාළ සෞඛ්‍යය බලධාරීන් රටට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමින් මේ බව අවධාරණය කරයි.

සබැඳි පුවත් –

රාජිතගේ ” බබාලා ” වසංගත පාලන වැඩ අවුල් කරනවාද? – වෛද්‍යවරු ප්‍රශ්න කරති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More