ලංකාවට නැගෙනහිර ගැඹුරු මුහුදේ ගිනිගනිමින් තිබූ MT New Diamond තෙල් නෞකාවේ අයිතිය ඉන්දියාව විසින් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර නීතියට අනුව ගැඹූරු මුහුදේ හානියට පත් නෞකාවක අයිතිය තීරණය වන්නේ එම නෞකාවේ ඇති ‘කඹය’ අත්පත් කරගන්නා රටටය.
ඒ අනුව ආරම්භයේදී ලංකාවේ ආරක්ෂක අංශ විශාල වියදමක් දරමින් ගැඹූරු මුහුදේ තිබූ මෙම නෞකාවේ ගින්න නිවා දැමීමට පියවර ගත්තද නෞකාවේ ‘කඹය’ ගැනීමට පියවර ගෙන නොමැත.
ඒ අනුව පසුව එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දීය ආරක්ෂක අංශ නෞකාවේ ‘කඹය’ අත්පත් කරගැනීමත් සමග තෙල් නෞකාවේ අයිතියද ඉන්දියාව විසින් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.
කෙසේවෙතත් මේ වනවිට පළමුව නෞකාවේ ‘කඹය’ අත්පත් කරගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා නොදීම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් වරාය අමාත්‍යංශය වෙත එල්ල වෙමින් පවතින බවද දැනගන්නට ඇත.
වරාය අමාත්‍යංශය යටතේ පවතින වෙළෙද නාවික කාර්යාංශය විසින් ඒ සදහා උපදෙස් ලබා දිය යුතුව ඇති බවද දැනගන්නට ඇත.
සබැදි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...