අනතුරට ලක්ව ඇති නිව් ඩයමන් නෞකාව ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙනයෑම වළක්වා එම නැව නාවික හමුදා භාරයට ගන්නැයි අදාළ අංශ වලට නියෝග කරන්නැයි ඉල්ලමින් ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා ඊයේ (11 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත.
මෙම නැව මුදා ගැනීමේ මෙහෙයුම හරහා රටට වාසිදායක තත්ත්වයක් ඇති කර ගත හැකි බවත් එහෙයින් කොළඹ ඇඞ්මිරලිටි (ඉහළ අධිකරණය 01* උසාවියේ නඩුවක් ගොනු කර එසේ ඇදගෙන යෑම නවත්වා ඉදිරි කටයුතු කරන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ මෙසේ ද දැක්වෙයි.
බ්ලූ ඩයමන්ඞ් නැව ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කරනු ලැබූයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාව සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මඟින් වන අතර එමගින් ආරක්ෂා කරන ලද භාණ්ඩවල (තෙල්* වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 700ක් පමණ යැයි කියවේ. මේ සඳහා මුදාගැනීමේ මෙහෙයුම සිදුකළ ආයතනවලට ගෙවිය යුතු පිරිවැය ලබා ගැනීමේ හැකියාව පවතින අතර ඒ සඳහා වන බැංකු ඇපකරය සඳහා නැව් සමාගම එකඟවන තුරු නැව නාවික හමුදාව භාරයේ තබා ගැනීම අවශ්‍ය වේ.
මේ සඳහා මෙම යාත‍්‍රාව අන්තර්ජාතික මුහුදට ගෙනයෑමට පෙර, වහාම කොළඹ ඇඞ්මිරලිටි (ඉහළ අධිකරණය 01* උසාවියේ නඩුවක් ගොනු කර එසේ ඇදගෙන යෑම නවත්වා, නැව නාවික හමුදාවේ භාරයට ගත යුතු බව නීති අංශවල මතයයි.
තවද එම බැංකු ඇපකරය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක ඇපකරයක් ලෙස ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
මේ සඳහා අදාළ ආයතන වෙත ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...