දේශීය පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු කොවිඩ් මර්දනය සඳහා රුසියාව විසින් නිපදවනු ලැබූ  නව එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සමග අද (21) පැවති විශේෂ හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයේ දී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග හා ඒ තුළින් එම තත්ත්වය සාර්ථකව මර්දනය කළ හැකි වු බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකළ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තූතිය පුදකර සිටින බව මෙහිදී අමාත්‍යතුමිය සඳහන් කළාය.

මේ පිළිබඳව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි මහතා සඳහන් කළේ, දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩලවලට වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

සබැදි පුවත් – 

ලොව ප්‍රථම කොරෝනා එන්නත රුසියාවේ නිපදවූ බව ජනපති පුටීන් කියයි

රුසියාවේ කොරෝනා එන්නත ලංකාවට

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More