දේශීය පුවත්

රුසියාව විසින් මේ වනවිට කොරෝනා වයිරසය මර්දනය කිරීමට නිපදවා ඇති එන්නත ලංකාවට ලබා දීමට සූදානම් බව රුසියානු රජය දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටෙරේ මහතා විසින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත මෙම දැනුම් දීම කර තිබේ.

එහිදී රුසියානු තානාපතිවරයා දැනුම් දී ඇත්තේ ලංකා රජයෙන් දැනුම් දීමක් කළහොත් තම රට එම එන්නත ලබා දීමට සූදානම් බවකි.

මේ සම්බන්ධයෙන් ලංකාවේ සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කොට ඉදිරි පියවර ගැනීමට විදේශ අමාත්‍යංශය සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

පළමු වරට කොරෝනා එන්නතක් සාර්ථකව නිපදවා අත්හදා බලනු ලැබුවේ රුසියාවය.

එම එන්නත සිය දියණියට පවා ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබිණ.

මේ වන විටත් ලෝකයේ රටවල් 30කින් පමණ ඇණවුම් ලැබී ඇති බවත් පිලිපීනය, සර්බියාව, වියට්නාමය,ඊශ්‍රායලය, මෙක්සිකෝව, බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකානු රටවල් ද තවත් අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල් ද ඒ අතර වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා රටවල් කිහිපයක් එන්නතේ ආරක්ෂාව පිළිබඳ රුසියානු රජයෙන් තව දුටත් විමසීම් කරමින් සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ දක්වා එන්නත් මිලියන 1200 කට පමණ ඇණවුම් ලැබී ඇති බවද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More