දේශීය පුවත්

දේශීය දියර කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා පසුගිය ආණ්ඩුව විදේශයන්ගෙන් කිරිගවයින් 15,000 ක් ගෙන්වීමට ගෙන තිබූ තීරණය වෙනස් කර එම ප්‍රමාණය 2,500 ට සීමාකිරීමට රජය තීරණය කර තිබේ.

එලෙස ගෙන්වන ගවයන් අභිජනන ක්‍රියාවලියට යොදාගන්නා අතර ඉන් බිහි වන පැටවුන් දේශීය කිරි ගොවීන් වෙත ලබා දෙන බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසසයි.

ලංකාවේ කිරි කර්මාන්තය නඟාසිටුවීම සඳහා විදේශයන්ගෙන් කිරි ගවයින් ගෙන්වීම සම්බන්ධයෙන් සත්‍ය සොයා බලන්න අද දෙරණ රිදියගම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ගියා.

මෙරට දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් දොලොස් ලක්ෂයක් පමණ වන නමුත් ඉන් ගොවිපොළ වලින් ලැබෙන දියර කිරි හරහා සම්පූර්ණ වන්නේ ලීටර් හාර ලක්ෂ පනස් දහසත් ලක්ෂ 6ත් අතර වන ප්‍රමාණයක් පමණයි.

ඒ අනුව දේශීය දෛනික කිරි අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අප සපුරා ගන්නේ විදෙස් රටවලින් ආනයනය කරනු ලබන කිරි පිටිවලින්.

එවන් පසුබිමක දේශීය දියර කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල මාගමගේ මහතාව මෙරට පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කළ අතර දේශීය දියර කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා සැලසුම් කිහිපක් සකස් තර තිබේ.

ඒ යටතේ මෙරට සිටින කිරි ගවයින්ට පෝෂ්‍යදායි ආහාර ලබාදීම,ඉහළ ගනයේ කිරි ගවයින් මෙරට තුළ අභිජනනය කිරීම සහ ලිංග නිර්මිත ශුකාණු ක්‍රමය භාවිත කර එළදෙනුන් ප්‍රමාණය වැඩිකිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව කර්මාන්තයක් ලෙස තණකොළ නිෂ්පාදනය කිරීමට එක්වන ලෙස ආචාර්ය මංජුල ගමගේ මහතා ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියි.

සබැඳි පුවත් –

පිටරටින් හරක් ගෙන්වන හරක් වැඩේ ගැන බන්දුලගෙන් පැහැදිළි කිරීමක්

 

පිට රටින් හරක් ආනයනය කිරීමේ හරක් වැඩේ ඉදිරියටත්

 

හරක් ආනයනය ඇතුළු හරක් වැඩ වලින් කිරි ආර්ථිකය වැනසූ හැටි – විශේෂ හෙලිදරව්ව (Video)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More