ජනාධිපතිතුමා විසින් සහල් මිල පාලනයට අදාළව පැනනැගී තිබූ ගැටළුව විසඳිමෙන් පසුව එනම් මිල සංශෝධනය කිරීමෙන් පසුව නැවත වටයකින් කැකුළු සහල් සඳහා පැරණි මිල එසේම තැබීමට යම් නිලධාරීන් පිරිසක් උත්සහා කරන බවට එල්ලවන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන මතය විමසනු ලැබීය.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබාදුන් පිළිතුර ඔහුගේ වචනයෙන්,
” අපි මුල සිටම කිව්වා අප්‍රේල් 20 සහල් පාලන මිල ගැසට්ටුව ගහපු නිලධාරීන් අයත්විය හැක්කේ වර්ග දෙකකට පමණයි කියා. ඔවුන් 8 වැනි පන්තියේ අංක ගණිතය නොදන්නා බවත්, බත් වෙනුවට තුන් වේල් පාන් කන පල් මෝඩයින් පිරිසක් විය යුතුයි. එසේ නැතිනම් ජනාධිපතිතුමාගේ ජනවරමට එරෙහිව කුමන්ත්‍රණ කරන කුමන්ත්‍රණකාරයින් පිරිසක් විය යුතුය. දැන් නැවතත් ජනාධිපතිතුමාගේ තින්දුව වෙනස් කරලා කැකුළු සහල් වලට තිබූ මිලට එනම් රු. 85 නැවත පැනවීමට කටයුතු කරනවා නම් එම පිරිස අනිවාර්යෙන්ම ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණකරුවන් පිරිසක්. ඔවුන් හදන්නේ ගොවියා සහ සහල් කර්මාන්තකරුවා වලපල්ලට යවලා රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට පත්කරන්න. ඒක ජනාධිපතිතුමාගේ පැතුම නොවේ. ”
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...