දේශීය පුවත්

වෙළඳපලේ පැවතිය නොහැකි අතාර්තික මිලක් සහල් වලට පනවමින් අප්‍රේල් 20 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් සහල් කර්මාන්තකරුවාගේ සහ ගොවියාගේ ගෙල සිරකෙරෙන බවට පසුගිය දින වල බරපතල සමාජ කථාබහක් සිදුවිය.

එසේ රු.85 ක් වැනි ඉතා අඩු මිලක් නියම කිරීම මඟින් සහල් කර්මාන්තකරුවන්ට ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකිවන බැවින් සහ ගොවියාට රු. 50 ක සහතික මිල ගෙවීමට නොහැකි වන බැවින් එම ගැසට්ටුව ආණ්ඩුවට එරෙහිව වී ගොවීන්ගේ සහ සහල් කර්මාන්තකරුවන්ගේ අප්‍රසාදය ඇති කිරීම සඳහා දියත් වූ කුමන්ත්‍රණයක් ලෙස අර්ථ දැක්විණි.

කෙසේ වෙතත් අවසානයේදී ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් වරද නිවැරදි කෙරුණු අතර නාඩු 96 ක් සහ සම්බා 98 ක් ලෙස මිල නියම කෙරිණි.

එහෙත් කැකුළු සහල් වලට පාලන මිලක් නියම නොකිරීම සහ රු. 2 ක් වැනි මුදලක් මඟින් මිල වෙනසක් ඇති කිරීම මහජනයාට කරන අගෞරවයක් බවට යම් පිරිස් මත පළ කරති.

දිවයින පුවත්පතේ පළ වූ සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

සහල් මිල සූත‍්‍රය මගින් ගොවියාගේ සහ කර්මාන්තකරුවාගේ ගෙල සිරකිරීමේ කුමන්ත‍්‍රණය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More