දේශීය පුවත්

ඊයේ දින ජනපතිතුමාගේ නියෝගයක් පරිදි සහල් පාලන මිල සංශෝධනය කිරීමට තීරණය වූ අතර ඒ අනුව නාඩු රු. 96 ක් සම්බා රු. 98 ක් සහ කීරි සම්බා 125 ක් ලෙස නියම විය.

නමුත් කැකුළු සහල් සඳහා පාලන මිලක් නියම නොවීය. එය අඩුපාඩුවක් වුවත් නාඩු මිල 96 වී ඇති බැවින් කැකුළු ඊට ආසන්න මිලකට නියම වීමේ හැකියාව ඇත.

නමුත් ජනපති නියෝගය පාරිභෝගික අධිකාරිය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කිරීමේදී කැකුළු සහල් මිල පරණ මිල එනම් රු.85/= ලෙසම තැබීමට ජනාධිපතිතුමාගේ නියෝගයට පටහැනිව තීන්දුවක් ගැනීමට යම් පිරිසක් උත්සහා කරන බව වාර්තා වේ.

එහිදී පොලොන්නරුවේ මන්ත්‍රී රොෂාන් රණසිංහගේ හිතවතෙකු බව කියන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නිලධාරීයෙකු විසින් පාරිභෝගික අධිකාරිය තුළ මෙම කුමන්ත්‍රණය දියත් කරන බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More