දේශීය පුවත්

ඒකීය රට ෆෙඩරල් කරන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියේ භයානකකම පැහැදිලි කරන්නයි අපි හෙට ජනාධිපති හමු වෙන්නේ

– ජාතික නිදහස් පෙරමුණ

ඒකීය රට ෆෙඩරල් කරන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියේ භයානකකම පැහැදිලි කිරීම සඳහා සියලූ දේශපාලන පක්‍ෂ හා ජාතික සංවිධාන සම`ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන තම පක්‍ෂය එහි මුල් පියවර ලෙස හෙට (11) දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වන බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

අද (10) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව පිළිබඳව ඔබට මතක ඇති. එහි සභාපති වූයේ ඉතිහාසය පුරා ෆෙඩරල් මතවාදයක් දැරූ ලාල් විජේනායක මහතායි. ‘ශ‍්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් විය යුතුයි’ යන පූර්ව නිගමනයේ සිට තමයි ඔහු මේ කමිටුව මෙහෙයවන්නේ. එම කමිටුව ඉතාම පක්‍ෂග‍්‍රාහීව ‘ෆෙඩරල් රාජ්‍යයක් ගොඩනැගිය යුතුයි’ කියන මතයේ සිටින බහුතරයක් මුණගැසී ලබා ගත් අදහස්, ශ‍්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ අදහස් විදියට සකස් කළ කූට, ව්‍යාජ දත්ත සහිත වාර්තාවක් තමයි 2016 මැයි මාසයේ ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව, ලෙස මහ උජාරුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

ඒ වගේම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට මුල් වී කටයුතු කරන ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) විසින් නොවෙයි මේ ෆෙඩරල්වාදියා සභාපති කරමින් මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවක් පත් කරනු ලැබුවේ. එය සිදු කළේ විධායකය (අමාත්‍ය මණ්ඩලය) විසිනුයි. රටේ මූලික නීතිය සැකසීමේ බලය හිමි පාර්ලිමේන්තුව පසෙක තිබියදී විධායකය මුල් වී මෙවැනි කමිටුවක් පිහිටුවීම මොන තරම් අසාධාරණද, කියන ප‍්‍රශ්නයත් මෙතැන තිබෙනවා. මේ අනුව පැහැදිලි වෙන්නේ මේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය ආරම්භයේ සිටම ඉතාමත් පක්‍ෂග‍්‍රාහී ලෙස දියත් වූ බවයි. එසේ ඇරඔුණු ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියේ අවසානය ඒකීය ශ‍්‍රී ලංකාව ෆෙඩරල් කරන්නේ කෙසේද? යන ප‍්‍රශ්නයට පිළිතුරු සොයන ක‍්‍රියාවලියක් වූවා. මහජන අදහස් ලබා ගැනීම පමණක් නොවෙයි මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරමින් පිහිටු වූ එහි මෙහෙයුම් කමිටුවේ සංයුතිය බලන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර බලය හිමි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 51කට එහි සාධාරණ නියෝජනයක් ලැබුණා ද? නැහැ. ඞීල් විපක්‍ෂයට සහ ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂවලට එහි බහුතර නියෝජනයක් ලැබී තිබෙනවා. මෙහෙයුම් කමිටුව දෙස බැලූවත් ෆෙඩරල් මතවාදය දරන බහුතරයකට ඉඩකඩ ලැබෙන ලෙසයි එය සකස් වී ඇත්තේ.

රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින අතිමහත් බහුතරයේ මතය හංගලා ෆෙඩරල් මතවාදය දරන සුළුතරයකගේ මතය ඉස්මතු කරන ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියක් තමයි මෙතෙක් ක‍්‍රියාත්මක වුයේ. අවසානයේ එවැනි ක‍්‍රියාවලියක අතුරු වාර්තාවක් දැන් පාර්ලිමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. අෘණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත නමින් පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එයයි.

‘13ට එහා ගිය බලතල බෙදීමක්’

එම අතුරු වාර්තාවේ කරුණු වලින් පෙනෙනවා, එමගින් රටේ ඒකීයභාවයට සහ බුද්ධාගමට ලබා දී තිබෙන ප‍්‍රමුඛස්ථානයට තර්ජනයක් එල්ල වී තිබෙන බව. ඒ විතරක් නොවෙයි 13 වැනි අාණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය බලතල බෙදීමකට රාජ්‍යය ගෙන යනවා. 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වූ අවස්ථාවේදී බහුතර විනිසුරු මතය වූයේ කුමක්ද? සමගාමී ලැයිස්තුව සහ විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුළු ප‍්‍රතිපාදන නිසා තමයි 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ විට රටේ ඒකීයභාවය රැුකී තිබෙන්නේ කියා. නමුත් මේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය මගින් එහි මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පතින් නිර්දේශ කර තිබෙන්නේ කුමක්ද? විධායක ජනාධිපති ක‍්‍රමය සහ සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමට. ඒ අනුව අපට ඉතාමත් පැහැදිලියි මේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය අනුව සැකසෙන මේ නව ව්‍යවස්ථාව තුළින් හැදෙන්නේ ඒකීය ශ‍්‍රී ලංකාව වෙනුවට ෆෙඩරල් රටක් බව.

මේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට සියලූ පක්‍ෂ විසින් යෝජනා ඉදිරිපත් කර තිබුණත් එක්සත් ජාතික පක්‍ෂය යෝජනා ඉදිරිපත් කර නැහැ. ඒ අනුව පැහැදිලියි, මේ අතුරු වාර්තාවේ තිබෙන බොහෝ නිර්දේශ එක්සත් ජාතික පක්‍ෂයේ ඒවා බව. එවැනි තත්වයක් තුළ මේ අතුරු වාර්තා කෙටුම්පත පාර්ලිමේන්තුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත ලෙස නම් කිරීම වැරදියි. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රිවරු 51 දෙනාට මෙම මෙහෙයුම් කමිටුවේ නිසි නියෝජනයක් ලබා නොදීම ඇතුළු කරුණු ගණනාවක් නිසා අපි මෙම අතුරු වාර්තා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සැබෑ නියෝජනයෙන් සකස් වූවක් ලෙස පිළිගන්නේ නැහැ.

මේ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම පිළිබඳ පූර්වාදර්ශය එතරම් හොඳ එකක් නොවේ. අර්ධ පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා ඊට අනුමැතිය අරන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී එම අර්ධ පනත් කෙටුම්පතට තමන්ගේ භයානක සංශෝධන රාශියක් ගෙනවිත් එම සංශෝධිත පනත් කෙටුම්පතට 2/3ක් ලබාගැනීම තමයි ඔවුන්ගේ ක‍්‍රමවේදය වී ඇත්තේ. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ගෙනවිත් ඒ කූට තක්කඩි ආකාරයට එයත් සම්මත කර ගැනීමේ අවදානම තිබෙනවා.

 

‘ජනපති සම`ග සාකච්ඡාවක්’

ඒ නිසා අපි මේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ පවතින අනතුරුදායක, භයානක තත්වය පිළිබඳව දේශපාලන පක්‍ෂ සම`ග සාකච්ඡුා කිරීමට සූදානමින් සිටිනවා. අපි මේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියේ පවතින භයානකකම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට ද මේ වන විට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජානිපෙ දේශපාලන මණ්ඩලයට ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමට ජනාධිපතිතුමන් විසින් හෙට (11) සවස 5:00ට වෙලාවක් ලබා දී තිබෙනවා. ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන එම සාකච්ඡුාවට අප පක්‍ෂයේ නායක, විමල් වීරවංශ, නියෝජ්‍ය නායකවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා ඇතුළු සෙසු දේශපාලන මණ්ඩල සභිකයන් ද සහභාගී වීමට නියමිතයි. එම සාකච්ඡුාවේදී යහපත් ප‍්‍රතිචාරයක් ලැබේවි කියා අපි විශ්වාස කරනවා.

මෙවැනි භයානක රටට හතුරු ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියක් දියත් වන විට ජනතා විමුක්ති පෙරමුණ කියනවා, ‘ව්‍යවස්ථාවක වචනවලින් වැඩක් නැහැ. ඒවායේ එල්ලීම වැඩකට ඇති දෙයක් නොවෙයි’ කියා. ව්‍යවස්ථාවක් කියන්නේ වචනවලින් හැදුනුු එකක්. වචන එකතු වෙලා වගන්ති හැදෙනවා. වගන්තිවලින් පරිච්ජේද හැදෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත සෑම වචනයක්ම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිය හැකියි. එසේ තිබියදී ජවිපෙ වගේ පක්‍ෂයක ප‍්‍රධාන ලේකම්වරයකු කියන්නේ කොහොමද, ‘ව්‍යවස්ථාවක වචන වැදගත් නැහැ’ කියලා. අද මේ අයට මේ පාපතර මෙහෙයුම සාධාරණීකරණය කරන්න සියලූ වස්ත‍්‍ර උනා දමා පෙනී සිටීමට සිදුව තිබෙනවා. ‘කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ’ කියනවා වගේ ‘සිරිකොතින් ඉඳුල් කෑවා නම් විඳවාපන් රතු අලි පැටවුනේ’ කියලයි අපට කියන්න තියෙන්නේ’’

 

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More