දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඊයේ (10 වැනිදා) කැඳවා තිබූ මධ්‍යම කාරක සභා රැස්‌වීමට තමා ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ල. නි. ප. මධ්‍යම කාරක සභා සාමාජිකයන් පස්‌ දෙනාට ආරාධනා කර නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බැව් පැවසුවේ ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මම ශ්‍රී ල. නි. ප. මධ්‍යම කාරක සභාවේ උප සභාපතිවරයෙක්‌. පවිත්‍රා වන්නිආරච්චි, සී. බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ ජනක බණ්‌ඩාර තෙන්නකෝන් යන මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ලෙස පත්ව සිටිනවා.

සෑම මධ්‍යම කාරක සභා රැස්‌වීමකටම මට ආරාධනා ලැබුණා. නමුත් ඊයේ රැස්‌වීමට මට ආරාධනා ලැබුණේ නැහැ. ඒ ගැන විමසන්න මම පක්‌ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ඇමැතිවරයාට පෙරේදා (09 වැනිදා) දුරකථනයෙන් අමතන්න උත්සාහ ගත්තා. නමුත් ඔහු සම්බන්ධ කරගන්න බැරි වුණා. පසුව මම ඊයේ (10 වැනිදා) උදැසන කෙටි පණිවුඩයක්‌ යෑව්වා. නමුත් ඊටත් උත්තරයක්‌ ලැබුණේ නැහැ.

මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන්ට ආරාධනා නොකර පවත්වන රැස්‌වීම්වලදී ගන්නා තීන්දු තීරණවල වලංගු භාවය පිළිබඳව ප්‍රශ්නයක්‌ මතු වෙනවා යෑයිද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More