දේශීය පුවත්

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් පසුගියදා ඉවත්කර ඉවත් කරනු ලැබීය.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායකවරයා ලෙසින් කටයුතු කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටිය ආසන සංවිධායක ලෙසින් කටයුතු කළේය‍. ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිංහ යන අය පත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More