දේශීය පුවත්

ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු වන අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා යන මහත්වරුන්ට එරෙහිව එජාප මන්ත්‍රීවරුන් විශ්වාස භංග යෝජනා ගෙන ඒමට සූදානමින් සිටින බවට වාර්තා වේ.

ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා මෑතකාලීනව සිදුකළ ප්‍රකාශයන් විවේචනය කරමින් ඔහුට එරෙහිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කිරීමට ඊයේ (10 වැනිදා) එජාප මන්ත්‍රීවරුන් පිරිසක්‌ කටයුතු කර තිබේ.

විජයදාස මහතාට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක්‌ ගන්නැයි එම මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීද එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට අදාළ මන්ත්‍රීවරු සූදානමින් සිටිති.

විජයදාස මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේද සහයෝගය ලබා ගැනීමට එම මන්ත්‍රීවරු සූදානමින් සිටිති.

මීට අමතරව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාට එරෙහිවද විශ්වාස භංග යෝජනාවක්‌ ගෙන එන බව එජාප මන්ත්‍රී චමින්ද

විඡේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More