ප‍්‍රධාන පුවත්

තමන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද ( 21) දින බුද්ධශාසන අමාත්‍යාංශයේදී සිය ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිතව ඇත.
විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළ කමිටුව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම තීරණයට එළැඹී ඇත.
අමාත්‍යවරයාට අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දී ඇති බවත්, බොහෝ දුරට සිය ස්ථාවරය පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහු ඵය අමාත්‍යධුර දෙකෙන්ම ඉල්ලා අස්වනු ඇති බවත්, ආරංචි මාර්ග අනාවරණය කළේය.
එලෙස ඔහු සිය අමාත්‍යධුර දෙකෙන්ම ඉල්ලා අස්වුවහොත් අධිකරණ අමාත්‍යධුරය ජයම්පති වික්‍රමරත්න මහතාට ලබාදීමට තීරණය කර ඇති අතර , බුද්ධශාසන අමාත්‍යාංශය ඉදිරියේදී වෙනත් අයෙකුට පැවැරීමට නියමිත ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ අතර විජයදාස රාජපක්ෂ මහතා අද (21) එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැත්නම්, අද(21) සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙන එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස බලකිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී්‍රවරු තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More