දේශීය පුවත්

අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා යම් හෙයකින් එම ධුරයෙන් ඉවත් කළහොත් ඉන් ගම්‍ය වන්නේ මෙම පාලනය ලිච්ඡවී පාලනයක්‌ නොවන බව යෑයි යාපා පටුන ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී යාපනය නාගදීප විහාරස්‌ථානයේ විහාරාධිකාරී දියමයිලගස්‌වැව අරියකිත්ති හිමියෝ ඊයේ (21 වැනිදා) පැවසූහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිරන්තරයෙන් සඳහන් කරන ලිච්ඡවී පාලනය වචනයෙන් පමණක්‌ නොව ක්‍රියාවෙන්ද ඔප්පු විය යුතු බවත් ශාසනයට මෙන්ම රටට විශිෂ්ට සේවාවක්‌ කර ඇති විජයදාස රාජපක්‍ෂ මහතා වැනි පුද්ගලයන්ගේ සේවය තවදුරටත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශයට ලැබිය යුතුව ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

දියමයිලගස්‌වැව අරියකිත්ති හිමියෝ ඊයේ එම අදහස්‌ පළ කළේ අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට සෙත් පැතීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය වෙත වැඩම කිරීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මෙම අවස්‌ථාවට හිමිවරු වැඩමකර සිටියහ. උන්වහන්සේලා වැඩම කරන අවස්‌ථාවේ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා අමාත්‍යාංශයට පැමිණ සිටියේ නැත.

මෙහිදී මහා සංඝරත්නය අවධාරණය කළේ හොඳ බෞද්ධයන් වන ජනපති සහ අගමැති වැරදි තීරණ නොගන්නා බවට තමන් වහන්සේලා තුළ විශාල විශ්වාසයක්‌ ඇති බවත් එය නොවන්නේ නම් එය රටට සහ ශාසනයට කරන බලවත් අසාධාරණයක්‌ බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More