දේශීය පුවත්

රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව, ලබන 30 වනදාට පෙර අදාළ හිමිනම පොලිසීයට හෝ අධිකරණයට ප්‍රකාශයක් ලබාදිය යුතු බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මඩකළපුව කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විහාරස්ථානයක් පිහිටි භූමියේ කොටසක කිසියම් පිරිසක් වගා කටයුතු ආරම්භකර ඇති බවට මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක්කරමින් ඊයේ (21) අනාවරණය කළහ.

සබැදි පුවත් – 

අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් පුරාවිද්‍යා නිලධාරීන්ට චෝදනා (Video)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More