දේශීය පුවත්

මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක ගවේෂණ කටයුතු සහ සීමා ලකුණු කිරීම ප්‍රමාදකර ඇතැයි කියමින් මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබේ.

උන්වහන්සේ එහි සිටි පුරාවිද්‍යා නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.

චෙන්කලඩි, පන්කුඩාවේලී ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බව සඳහන් පුවරුවක් ද ඇත.

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ, පුරාවිද්‍යා නිලධාරීන් සීමා ලකුණු නොකිරීම නිසා වගා කටයුතු සඳහා පුරාවිද්‍යා ස්ථානයේ කොටසක් ද අත්පත්කරගෙන ඇති බවයි.

අනතුරුව එම ස්ථානයේ සිටි පුරාවිද්‍යා නිලධාරීන් කිහිපදෙනෙකු තාවකාලිකව ඉදිකර ඇති කාර්යාලය තුළ රඳවා සිය ග්‍රහණයට ගත් පූජ්‍ය සුමනරතන හිමියන් වගකිවයුතු නිලධාරීන් කැඳවන ලෙස කියා තිබේ.

පොලීසිය පැමිණ සාකච්ඡා කළත් තත්ත්වය සමතයකට පත්වූයේ නැත.

පසුව පන්කුඩාවේලී ග්‍රාම නිලධාරීවරයා, චෙන්කලාඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා සහ ප්‍රශ්නගත ස්ථානය අවට වගාකටයුතුවල නිරත පිරිසක් ද පැමිණියහ.

තත්ත්වය සමතයකට පත්වූයේ මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කිරීම සඳහා අවශ්‍ය මූලික මැනුම් කටයුතු සතියක් ඇතුළත ආරම්භ කිරීමට පොරොන්දු වීමෙන් පසුවයි.

https://www.facebook.com/NewsfirstSL/videos/333432777973882/?t=5



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More