දේශීය පුවත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු  ඇතුළු  මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ ආණ්ඩුව දැඩි අර්බුදයකට පත්ව ඇති බව  වාර්තා වේ.

එම වගන්ති අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති මණ්ඩලය පත් කිරීමේදී තිබූ ඇමති වරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීම යන කරුණු මේ සඳහා මූලික වී තිබේ.

මෙම වගන්ති තුන 20 වැනි සංශෝධනයට ඇතුළත් නොවීම පිළිබඳ ආණ්ඩු පක්‍ෂයේම අමාත්‍යවරු කීපදෙනෙකුගෙන් හා මන්ත්‍රීවරු පිරිසකගෙන් දැඩි විරෝධයක් පැන නැගී ඇති බවද වාර්තා විය.

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවර විසිදෙනෙකු පමණ ඒ අතර වන බවත්, උක්ත වගන්ති ත්‍රිත්වය අනිවාර්යයෙන්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් විය යුතු බවට අදහස් පළ වී ඇති බවත් වාර්තා වේ.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව විසින්ද 20 වැනි සංශෝධනයට ඇතුලත්විය යුතු වගන්ති ඇතුලත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබුණි.

සබැදි පුවත් –

20 වැනි සංශෝධනයේ වැරදි නිවැරදි කරන ලෙස ජාතික සංවිධාන ජනපතිගෙන් ඉල්ලයි

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More