20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ඇති තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය වැරදි නිවරදි කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම සංවිධානයේ කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කර ඇති එම ලිපියපහතින් දැක්වෙයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර් යාලය,
කොළඹ.
ජනාධිපතිතුමනි,
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව
ඔබතුමා විසින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට සහ ඒ මගින් රාජ්‍ය තුල පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කළ යුත බවට මහජනයා අතර බලවත් අපේක්ෂාවක් ජනිත කරන ලදි. ඔබතුමාගේ අධිෂ්ඨානය ජනතාව විසින් දෙවරක්ම ඉතා ඉහළින්ම අනුමත කරන ලද්දේ ඒ නිසාය. ඔබතුමා, එදා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා මෙන්, ඉතිහාසය විසින් යුගයේ ප්‍රබල අවශ්‍යතාවයක් සඳහා නිර් මාණය කරන ලද චරිතයක් හෙවත් භූමිකාවකි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මගින් ව්‍යවස්ථා විප්ලවයක් සිදු කිරීම සඳහා මීට වඩා මනරම් අවස්ථාවක් ඉතිහාසය විසින් නිර් මාණය කරනු ඇතැයි සිතිය නොහැක.
අප රටේ අද සිටින සියලු විපක්ෂ බලවේග වලට මහජනයා විසින් ඉතා දරුණු ලෙස දඩුවම් ලබා දෙන්නේ ඔවුන් විසින් සිදු කළ මහා ඓතිහාසික පාවාදීම් වලට එරෙහිව අවසන් ප්‍රතිචාරයක් ලෙස යැයි අපි සිතමු. ඒ නිසා ඔබතුමාට ඉතිහාසයේ අන් කවර පාලකයෙකුටත් වඩා සෑම ක්‍රියාවකදීම පරිස්සම් වීමට සිදු වේ. ඔබතුමා විසින් ඉටු කළ යුතු සහ ඉතිහාසය විසින් ඉල්ලා සිටින ජාතික වගකීම් ඉටු කිරීමේදී මානසික බාධක පනවාගත යුතු බවක් ඉන් අදහස් නොවේ. ඔබතුමාට ජනතාව විසින් මහා ජනවරමක් ලබා දෙන විට අප රටේ දීර් ඝ කාලයක් තිස්සේ පරිහානියට ලක්වූ නිලධාරී තන්ත්‍රය වෙනස් කිරීමක් සිදු වූයේ නැත. ඒ සඳහා ජනවරමේ ගුණය සහ එබතුමාගේ ගුණය එක්කළ දීර් ඝ කාලීන ප්‍රතිකාරයක් අවශ්‍ය වනු ඇත. එතෙක් ඔබතුමාට ගමන යාමට සිදුවන්නේ ඔවුන් විසින් දැනුවත්ව සහ නොදැනුවත්ව කපන ලද බොරු වලවල් මඟ හරිමිනි. ඒ නිසා අප විසින් අවධාරණය කරනු ලබන්නේ ජනතා අපේක්ෂාවන්ට ඉතා තීරණාත්මක ලෙස බලපාන ජාතික වැදගත්කමක් සහිත තීන්දු පිළිබඳව දෙවරක් සිතා බලන ලෙස පමණි. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඉතා බලවත් වන්නේ එම තත්වය නිසාය. එසේම නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් ඔබතුමාට කාර්යක්ෂමව සහ ප්‍රතිඵලදායක ලෙස තීන්දු තීරණ ගැනීම සඳහා ඉඩ සලසන ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය අප පිළිගනිමු.
එහිදී ජනතාව විසින් පරාජයට පත් කළ බලවේග විසින් සිදු කළ වැරදි කිසිවක් ඔබ විසින් නොකළයුතු බවට විවාදයක් නැත. ඔබතුමාට ඉතිහාසය විසින් පවරා ඇති භූමිකාව වන්නේ ඔවුන් විසින් සිදු කළ යහපත් දෙයක් ඇත්නම් එය ආරක්ෂා කරන අතර ඔවන් විසින් සිදු නොකළ සහ ඔබ අපේක්ෂා කරන යහපත් දේ සිදු කිරීම යැයි අපි විශ්වාස කරමු. එම අර් ථයෙන් අප ඔබතුමාට පහත සඳහන් කරුණු අවධාරණය කරන්නෙමු. ඊට අමතරව නව ව්‍යවස්ථාවක් හෝ ප්‍රතිපත්තියක් සඳහා මහජන කැමැත්ත ලබා ගැනීමේදී එහි අන්තර් ගතය තරමටම එම අන්තර් ගතයට ලඟා වීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයද ඉතා වැදගත් වන බවද සදහන් කරන්නෙමු.
ඔබතුමාට තෙරුවන් සරණයි
සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...