දේශීය පුවත්

මෙරට දීර්ඝ කාලයක් තිස්සේ පරිහානියට ලක්වූ නිලධාරී තන්ත්‍රයේ වෙනස් වීමක් මෙතෙක් සිදු නොවූ බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ගමන යාමට සිදුවන්නේ එම නිලධාරීන් විසින් දැනුවත්ව සහ නොදැනුවත්ව කපන ලද බොරු වළවල් මග හරිමින් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට සහ ඒ මගින් රටේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවට මහජනයා අතර බලවත් අපේක්ෂාවක් ජනිත කර ඇති බැවින් මේ වන විට ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ නමුත් නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් ජනාධිපතිවරයාට කාර්යක්ෂමව සහ ප්‍රතිඵලදායක ලෙස තීන්දු තීරණ ගැනීම සඳහා ඉඩ සලසන ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව තම සංවිධානය පිළිගන්නා බවද ඔහු සඳහන් කරයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් මේ බව ජනාධිපතිවරයා වෙත ලිඛිතවද දන්වා ඇති අතර නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා කිහිපයක්ද එක්කර තිබේ.

සබැදි පුවත් –

20 වැනි සංශෝධනයේ වැරදි නිවැරදි කරන ලෙස ජාතික සංවිධාන ජනපතිගෙන් ඉල්ලයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More